ᑕᕼᗩᑭTᗴᖇ 79☠︎︎...

1.1K 202 137
                                    


නින්දෙන්ම අත එහෙමෙහෙ යවපු ලුසිෆර්ට ජන්ග්කුක්ව හොයාගන්න බැරි වෙද්දී වටයක් පෙරලුන ලුසිෆර් ආව් ගෑවෙ එකපාරටම සෝෆා එකෙන් වැටුන නිසා...

බිම වැදුන වැලමිටයි පස්සයි දෙකම අතගාන ගමන් තාමත් නිදිමතේ ඇස් ඇරපු ලුසිෆර් මුලින්ම බැලුවෙ තමන් ඉන්න තැන දිහා...ඊයෙ දවසෙ ඇදුම පිටින්ම තමන් සෝෆා එකේ නිදාගෙන බව තේරුන ලුසිෆර් නැගිටලා බැලුවෙ ජන්ග්කුක් කොහෙද කියල...

ඇදට වෙලා තමන්ගෙ කොට්ටෙත් තුරුල් කරගෙන නිදාගෙන ඉන්න ජන්ග්කුක් දිහා බලපු ලුසිෆර් තමන් ලග එන අමුතු ගද මොකක්ද කියල තේරුම්ගන්න උත්සාහ කරා...ෂර්ට් එක ටිකක් උස්සලා ෂර්ට් එකට නහය තියල බලපු ලුසිෆර්ට තමන්ගෙ දාඩිය ගද එක්ක ටිකක් සුවද ගතියක් දැනුනෙ ඒ ගදට ලුසිෆර්ට ඔලුව කැක්කුම හදවලා...

ලුසිෆර් මුලින්ම ජන්ග්කුක්ව ඇහැරවන්න හදලත් ආපහු නැවතුනේ තාමත් ලේ ගද ලුසිෆර්ට දැනෙද්දී දාඩිය ගදත් එක්ක දැනෙන ටිකක් සුවද ගතියටත් එක්ක ලුසිෆර්ට වමනෙට වගේ ආව නිසා... ඉක්මනට වොශ්රූම් එකට ගිය ලුසිෆර් නාන්න පටන් ගත්තෙ රෑට තමන්ට එහෙමම නිදාගන්න දීපු එකට ජන්ග්කුක්ට තනියම බැන බැන...

" මේ පොඩි පගයා...ඇත්තටම කූ...ශික්...ඇහැරියකෝ උබ..."

ඇදුම් ටික ගලවලා වොශ්රූම් එකේ බිමට අතෑරපු ලුසිෆර් ශවර් එක යට හිටගත්තෙ ලේ වතුර එක්ක මිශ්‍ර වෙලා වතුර පාරවල් රතු පාටට ලුසිෆර්ගෙ ඇග දිගේ බේරෙද්දී...

ජන්ග්කුක් ආසම බොඩිවොශ් එකෙන් බාගයක් විතර හොදට ගාල නාපු ලුසිෆර් ජන්ග්කුක් ආසම ෂැම්පු එකත් සම්පූර්ණෙන්ම ඔලුවට හලාගන්න හදල නැවතුනේ ඒව ඉවර උනාම ආපහු ගේන්න ඕනත් තමන්ම බව මතක් උන නිසා...

නාල ඉවර වෙලා කොණ්ඩෙ පිහිදාන ගමන් කණ්ණාඩිය ඉස්සරහට ගිය ලුසිෆර් අතින් කොණ්ඩෙ පිහිදාන එක නැවතුනේ ඉබේටමයි...ඇසුත් ලොකු කරගෙන තමන්ටම බය වෙලා වගේ කණ්ණාඩිය දිහා බලන් හිටපු ලුසිෆර් ජන්ග්කුක්ක්ක් කියල කෑ ගැහුවෙ නිදාගෙන හිටපු ජන්ග්කුක් බය උන පාරට ගැස්සිලා ඇහැරෙද්දී....

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now