ᑕᕼᗩᑭTᗴᖇ 38☠︎︎...

1.5K 353 227
                                    


" මගෙ කොල්ලොන්ව මට කවදත් වටිනව Mr.kang..."

" එහෙනම් මගේ විදියට බේරගමු මේක"


Kangගෙ ගාඩ්ලයි හොබී , ජේ , නැම්ජූන් , ජිමින් , යූන්ගි , ජින් හය දෙනයි එකිනෙකාට ඕන වෙලාවක ශූට් කරගන්න බලාගෙන මූණට මූණ ගන් ඒම් කරගෙන හිටියා...

Kang අනිත් අතින් එයාගෙ ගාඩ්ලට ෂූට් කරන්න කියල කියන්න හදද්දීම Lucifer හොබී දෙන්න kangගෙ ගාඩ්ල තුනකට වෙඩි තිබ්බෙ එක පාරින් ඉවර වෙන්න...

" තෝව අද මරනව මම...Seojunගෙ කතාව ඉවර කරනව මම අද..."

Kang Luciferට ශූට් කරද්දී ජන්ග්කුක් එක්ක සෝෆා එකට Lucifer මුවාවෙද්දී kangත් වෙඩි තියන ගමන් අනිත් සෝෆා එකට මුවා උනා...

ඒ වෙද්දී ඇතුලෙ ඇහෙන සද්ද නිසා එලියෙ ඉන්න කැන්ග්ගෙ ගාඩ්ලත් දොරෙන් එහාපැත්තෙ නැවතුන Luciferගෙ කොල්ලො ටික එක්ක වෙඩි හුවමාරුව ආරම්භ කරල තිබුනා...

" කූ...බය වෙන්න එපා...වෙව්ලන්න එපා හරිද...මම ඉන්නව කූට...

" මෙහෙම දෙයක් වෙන පලවෙනි පාර නිසා වෙන්න ඇති මට බයයි හියුන්ග්"

" උබමයි මේක මේ තත්වෙට ගෙනාවෙ...ඒ මගුලට එකග වෙනව වගේ ඉදලා ගිහින් ලමයිව මුගෙන් බේරගන්න හැදුවෙ මම...ඒත් කූ වැඩේ කෑවනෙ"

" සොරි හියුන්ග්...මම හිතුවෙ හියුන්ග් ඒකට කැමති උනා කියල"

" එහෙම ඒවට මම කැමති නෑ කූ"

" මම දැන් මැරුනොත්...

" මෝඩ කතා කියන්න එපා...උබ මෙතනට ආපු වෙලාවෙ ඉදලා ගොන් කතාවක් කියාගත්ත ගමන්මයි"

" නෑ අහන්නකෝ...මේක හියුන්ග්ට කියන්න ඕන මට...

" කූට මැරෙන්න තහනම්...තේරුනා නේද...උබ මැරුනොත් බලාගමු...උබව අපායට හොයාගෙන ඇවිත් ආපහු නොමරා මරනව මම...උබ පල්ලා...ඒ නිසා මැරෙන්න තහනම් උබට...බය නැතුව වෙඩි තියන්න දැන් මන් එක්කම "

සෝෆා එකට මුවා වෙන එක නවත්තල නැගිටපු Lucifer kang ඉන්න පැත්තට නොනවත්වාම ජන්ග්කුක් එක්ක වෙඩි තියන්න ගත්තා...ඒත් Lucifer නොදැක්ක දෙයක් තමයි සෝෆා එකට මුවා වෙලා kang එයාල ලගටම ඇවිත් බව...kang කලින් හිටපු තැනට වෙඩිතියන එකෙන් Lucifer තමන්ගෙ උණ්ඩ නාස්ති කරගන්න එක විතරයි කරේ...ඒ අතරෙ තමන්ගෙ ගාඩ් කෙනෙකුට සිග්නල් එකක් දුන්න kang අවස්ථාව එනකම් බලාගෙන හිටියා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now