"ඉතින් මට දැනෙන්නෙ උඹව විතරයි . මට රසවිදින්න පුලුවන් උඹෙ හෙලුව විතරයි "

"ඒක ඔලුවෙ තියා ගනින් "

කොල්ලා සද්දයක් නැතුව අහන් ඉන්න තැන මන් මට කියන්න ඕන උන හැම දෙම කිව්වා . හැමදේම කිව්වට හැමදේමමත් නෙවෙයි .

ටික වෙලාවක අපි දෙන්නා අතරෙ තිබ්බෙ නිහඩ බවක් . හැබැයි ඊට පස්සෙ කොල්ලා කරේ මන් හීනෙකින් වත් ඌ කරයි කියලා බලාපොරොත්තු නොවුන දෙයක් .

ඉදගෙන හිටපු විදියටම ටිකක් ඉස්සරහට වෙලා කොල්ලා ඇදගෙන හිටපු ටීශර්ට් එක ගලවලා බිමට විසික් කරා . එතනිනුත් නවතින්නෙ නැතිව කොල්ලා ඇදගෙන හිටපු ශෝටත් උකුල වැහෙන්න දාගෙන හිටපු රෙද්දට යටින් ඉස්සිලා ගලවලා විසික් කරලා දැම්මෙ මගෙ හුස්මත් හිර කරලා . ඊට පස්සෙ මොකුත් නොකරපු ගානට මගේ පපුවට පිට දීලා හෙත්තු උනේ අපරාදේ කලින් මගේ එහා පැත්තෙ ඉදගත්ත කොල්ලාව මන් මගේ කකුල් අතරට ගත්තෙ කියලා මගේ හිතම මට දොස් පවරද්දි . පොතක් කියවන්න තරම් ප්‍රමානවත් වෙන විදියට සයිඩ් ටේබල් එක උඩ තිබුන ලෑම්ප් එකෙන් විහිදුන එලියෙන කොල්ලගෙ නිරුවත් පිටත් මූණෙ පැත්තකුත් පේන කොට මන් ඒ දිහා බලාගෙන හිටියේ ඇත්තටම වචන අමතක වෙලා . කකුල් දෙකත් එක්කලා උකුල උඩ තිබුන පොරවනය යට කොල්ලා ඉන්නෙ අමුම අමු නිරුවතින් නේද කියලා මතක් වෙනකොට , සරමක් විතරක් ඇදගෙන හිටපු මගේ කකුල් වලට ඒ සරම අතරින් නිරුවතේ රස්නේ වදිනකොට මගේ වචන කතා නොකලට හැගීම් නම් හොදටෝම දොඩමලු වෙලා .

කොල්ලම අරගෙන ඒ ඉණේ පටලව ගත්ත මගේ අත් විනාඩි ගානක් යනකන්ම තිබුනේ කිසි හැල හොල්මනක් නැතුව . කොයි වෙලාවෙ පටන් ගත්තද නොදන්න පොද වැස්ස එලියේ තාල මවනකොට මගේ ඇගිලි තුඩු වලින් ඒ ඉණෙ හැඩ රටා හොයන්න ගත්තා.

නිරුවතක් එහෙමත් නැත්තන් හෙලුවක් අමු අමුවෙම ඇස් ඉස්සරහා තියෙනවට මට නම් හැංගිලා තියෙනකොට හරි රහයි . මන් කියන්නෙ ඇදුම් අස්සෙ නෙවෙයි , හෙලුව පොරවනයකින් නැත්තන් දුහුල් රෙද්දකින් විතරක් වැහිලා තියෙනකොට , එහෙමත් නැත්තන් දුහුල් ශර්ට් එකකින් විතරක් වැහිලා තියනකොට හරි රහයි. ඒ වගේම හරි සරාගි . ඒ රස හැගීම් අව්ස්සන්නෙ හරියට ආසම කෑමක් මගේ ඇස් ඉස්සරහට තියෙනකොට කටට කෙල උණනවා වගේ . ඔව් මූ තමයි මගේ ආසම කෑම . තාම රස විදලා නැතත් කන්න මම කෙල පෙරාගෙන බලාගෙන ඉන්න . කන්නත් ඕනේ ඒත් කන්න ලෝබයි වගේ .

ඒක දිග කතාවක් Where stories live. Discover now