"උඹ මට අනුකම්පා කරනවද?
කාත් කවුරුත් නැති අසරණ හිඟන්නෙක් වෙනුවෙන් පිං අතේ වැඩක් කරන්න හදනවද?"

"දෙයියනේ තනූ!!!
ඔයා කාත් කවුරුවත් නැති හිඟන්නෙක් කිව්වෙ කවුද?
ඔයා මගෙ මුළු ලෝකෙම තනූ!
ඔයා තමයි මගේ ජීවිතේම!"

"සරූ!
සරූ!!
උඹ ඔය කියන වචනවල තේරුම දන්නවද? අපි අපේ මුළු ලෝකෙම, අපේ මුළු ජීවිතේම කරගන්නෙ කාවද කියලා දන්නවද?
කටට වචන ආපු පලියට ඒවා එලියට දාන්න එපා සරූ..
අහගෙන ඉන්න මිනිස්සු ඒවයින් ජීවිතේ හොයන්න යන්න පුළුවන්. එහෙම හොයාගෙන ගිහින් කළුවරේ අතරමං වෙලා මැරිලා යන්න පුළුවන්!"

"මට තේරෙන්නෙ නෑ ඔයා කියවන දේවල්. කවුද අතරමං වුනේ?
කවුද කටට ආපු පලියට වචන කිව්වෙ?
මං කිව්වෙ මට දැනෙන හැටි.
ඔයාට නම් එහෙම දැනෙන්නෙ නෑ කියලා දන්නවා. ඒත් ඒකට කමක් නෑ.
කොහොම වුනත් මං සරූ නෙමෙයි.
ඔයාට දැන් ඇස් ඇරගෙන ඉද්දිත් මාවයි ප්‍රභූවයි පැටලෙනවා.
මං පැහැසර, සරූ නෙමෙයි!"

මං කෑගැහුවෙ යකා නැගලා. මං මෙච්චර මූ මත්තෙ පිස්සෙක් වගේ නැහෙනවා. ඒත් මූට රෑ වෙද්දිම මාව අඳුරගන්නත් බැරි වෙලා යනවා.
ප්‍රභූට ආදරේ කරන එක වෙනම දෙයක්.
මට ප්‍රභූගෙ තැන කවදාවත්ම නොලැබෙන එකත් වෙනම දෙයක්!
ඒත් ප්‍රභූට කියපු ආදර නම් වලින් මට කතා කරන තරමට පටලැවෙනවා කිව්වම. අනේ මුගේ නාස් පොල්ල කැඩිලා යන්නම ගහන්න හිත හදාගන්න බැරි හැටියක් මට!

ඒත් එකපාරටම මගේ මොලේ වයරිං කරපු හාදයා බාගෙට සෙට් කරලා තිබ්බ ටියුබ් ලයිට් එක පත්තු වුනා.
පැහැසර!
සරූ!
දෙයියනේ, ඒ දෙක ටිකක් එකවගේ වුනේ කොහොමද?

"තනූ, තනූ!
මට කියන්න, කවුද සරූ?
කාටද ඔයා සරූ කියන්නෙ?"

මේ ගොරිල්ලා මුලින්ම මගේ දිහා බැලුවෙ පුදුම වෙලා ඇස් දෙකම උඩ දාගෙන. ඊට පස්සෙ කටේ පැත්තක් පොඩ්ඩ පොඩ්ඩ ඉස්සෙන්න ගත්තෙ මට කෝචෝක් කරන්න වගේ.
ඉස්සෙල්ලා පොළවෙ පස් කන්න වගේ අඬා වැටුනු රිලා මොටා දැන් ඉන්නවා නිකං සියල්ල දත් බක පණ්ඩිතයා වගේ.
මූ වගේ අලි ඔළුවෙකුට මාත් අහුවුනානෙ ඉතින්. මේ ලෝකෙ වෙන මිනිස්සු නැතුවටද මන්දා!

හිරිපොද (Completed)Where stories live. Discover now