12 🤍

69 18 0
                                    

පසුවදා -

සුපුරුදු විදියට දවස ගෙවිලා හවස් වෙන කොට ජන්කුක් යුන්හි වගේම ජිනිත් රෙඩි උනේ ජිමින්ලගෙ ගෙදරට යන්න . ජිමින් කිව්ව නිසාත් යුන්හි කිව්ව නිසාත් ජිනීට ජිමින්ලගෙ ගෙදර යන්න ජන්කුක් ගෙන් අවසර ලැබුණා . ජන්කුක් ඉදියෙ Gray කලර් ට්‍රවුසර් එකට White කලර් බැගී ශර්ට් එකක් ඇදලා . යුන්හි ලෑස්ති වෙලා එනකන් යන්කුක් බලන් ඉදියෙ ජිනිත් කොට ගවුම් කෑල්ලක් ඇදගෙන ඇවිත් එතනින් වාඩි වෙන කොට . ටික වෙලාවක් යනකොට යුන්හි පඩිපෙළ ළගට ඇවිල්ලා ජන්කුක් ට කතා කරාම ජන්කුක් කෙල්ල දිහාට හැරුණා .

Hee : කූ.... මේක කැතයිද ? මං අදින්න ඉදපු එක අයන් කරද්දි පොඩ්ඩක් පිච්චුනා 🥲

දනිස්සෙන් ටිකක් පල්ලෙහාට වෙන්න ලා පාට ගවුමක් කෙල්ල ඇදලා ඉදියේ . බුරුලට කොණ්ඩෙ ගෙඩියක් ගහපු යුන්හි ගවුමට ගැලපෙන්න පුංචි කරාඹු දෙකක් දාලා විතරයි හිටියෙ . තොල් උඩ ලිප් බාම් එකක් විතරයි තවරලා තිබ්බෙ . ජන්කුක් ටිකක් වෙලා යුන්හි දිහා බලන් ඉදියෙ එයාගෙ ලෝකෙම නතර වෙලා වගේ .

Hee : කූ... ?? ඇයි ඒක හරි නැද්ද ? ඉන්න මං වෙන එකක්-

Jungkook : ඉන්න ! ඒක හොදයි . ලස්සනයි...

දඩි බිඩියෙ උඩට දුවන්න හදපු කෙල්ල නැවතුනේ ජන්කුක් දුවලා ඇවිල්ලා කෙල්ලගෙ අතින් ඇදලා එහෙම කිව්වහම .

Jungkook : යමුද මිසිස් ජියොන් ???

කෙල්ල හිනා වෙලා ඔළුව වනන කොට ජිනී ඉදගෙන ඉදපු තැනින් නැගිට්ටෙ ඇස් රෝල් කරන ගමන් .

Jini : යන්නෙ නැද්ද අද ?

Jungkook : ඔයාට එන්න කිව්වෙ නෑනෙ . ඕනම නම් ටැක්සි~

Hee : හරි යමු නේද ජන්කුක් ...

ෆෝන් එකත් අතට ගන්න ගමන් කෙල්ල එහෙම කිව්වහම තුන්දෙනාම එළියට ආවෙ ජිමින්ලගෙ දිහා යන්න . ජන්කුක් කා එක අරං ආවම හැමදාම වගෙ ඉස්සර වෙන ජිනී ඉස්සරහ ශීට් එකට නගින්න දොර ඇරියෙ යුන්හි එදා වගේම පුදුමෙන් බලං ඉන්න කොට .

Jungkook : Excuse me...! ඕක මගෙ වයිෆ්ගෙ ශීට් එක ජිනී .

Jini : ඉතින් එදත් මංනෙ ගියේ ඔප්පා...

YUNHEE 🤍 || Sinhaal (ONHOLD)Where stories live. Discover now