2 🤍

171 35 10
                                    

Flashback ....

අදට ජන්කුක් යුන්හී මැරි කරලා සති තුනක් . ඒත්.... ජන්කුක් යුන්හි තාම එකිනෙකාට ආගන්තුකයන් දෙන්නෙක්ම වෙලා .
ඔව්... මේ වෙනකන් යුන්හි එක්ක ජන්කුක් දවසට එක වචන විස්සක්වත් කතා කරලා නැතුව ඇති. ජන්කුක් යුන්හි මැරි කළත් ඒක සීමා වුණේ කොළේකට විතරයි . දෙන්නා හිටියෙත් රූම්ස් දෙකක... ඒ තරමට ඒ බැදීම දුරස්...

ජන්කුක් ඔෆිස් එකේ වැඩ එක්ක බිසී වෙද්දි යුන්හි එයාගෙ වගකීම් ඉටු කරන්න මහන්සි උණා . කවුරු නොකිව්වත් බලන ඕන කෙනෙක්ට පේනවා යුන්හී ජන්කුක්ට හොද බිරිදක් කියලා . ජන්කුක් පවා දැනන් උන්නා යුන්හි හරිම වගකීම් සහගත කෙනෙක් කියලා . අදත් වෙනදා වගේම ජන්කුක් ඔෆිස් යන්න ලෑස්ති වෙලා පහළට එන කොට යුන්හි එයාට කතා කළේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න .

Hee : ගුඩ් මෝර්නින්ග් ජන්කුක් , බ්‍රෙක්ෆස්ට් රෙඩී...

Jungkook : ගුඩ් මෝර්නින්ග්...

Hee : ඔයාට කොෆී එකක් ගෙන්නම් මම~

Jungkook : එපා...

යුන්හිට හා කියන්න ඔළුව වනපු ජන්කුක් ඇවිල්ලා බ්‍රෙක්ෆස්ට් ගන්න ඉද ගන්න කොට සුපුරුදු විදියට යුන්හිත් ඉස්සරහින් ඉදගෙන බලං හිටියෙ ජන්කුක්ට දෙයක් කියන්න බලාගෙන...
කෙල්ල තමං දිහා බලං ඉන්නවා දැකපු ජන්කුක් ඔළුව උස්සලා ඇහි බැම් ඉස්සුවේ ඇයි අහන්න...

Jungkook : වේ...?

Hee : ඔයාට පුළුවන්ද අද ටිකක් කලින් එන්න .

Jungkook : කලින් එන්න ඕන ඇයි ?

Hee : අනී... අප්පලා දෙන්නා එනවා කිව්වා ඩිනර් එකට . ඒ නිසා... පොඩ්ඩක් ...

Jungkook : හ්ම්... ඩිනර් ඕඩර් කරන්න...

Hee : කමක් නැද්ද ?

Jungkook : කමක් නෑ

වතුරත් බීපු ජන්කුක් නැගිට්ටෙ ඔෆිස් එකට යන්න . සුපුරුදු විදියටම යුන්හී ලන්ච් බොක්ස් එක ජන්කුක්ට දුන්නා.

Hee : පරිස්සමෙන් ගිහින් එන්න ජන්කුක් .

හැමදාම වගේ එයා හරිම අහිංසක විදියට හිනා වෙලා එහෙම කිව්වම ජන්කුකුත් යන්තම් හිනා වෙලා යන්න ගියා . ජන්කුක්ගෙ කාර් එක නොපෙනී යනකන්ම දොර ළග හිට ගෙන හිටපු යුන්හි දොරත් වහලා ගේ ඇතුළට ආවෙ ක්ලීන් කරන්න හිතාගෙන . සුපුරුදු විදියට ගේ දොර අස්පස් කරලා දාලා යුන්හි ලිවින්ග් රූම් එකට වෙලා කල්පනා කර කර හිටියා . අප්පලා එන්නෙත් හවස නිසා ඒකට තව ගොඩක් වෙලා තිබ්බ නිසාත් කෙල්ලගෙ හිතට ආපු ක්ශණික අදහසකට කෙල්ල තීරණය කළේ එයාගෙ ඔම්මව බලන්න යන්න . ඒත් ඊට කලින් ජන්කුක් ට කියන්න කියලා හිතා ගෙන එයා ජන්කුක්ට මැසේජ් එකක් දැම්මෙ කෝල් කරලා වද දෙන්න ඔන නැති නිසා .

YUNHEE 🤍 || Sinhaal (ONHOLD)Where stories live. Discover now