" ඒත් යශ් අයියා කියනවා බන් උබටෞඋ ගැන හැගීමක් නැත්තන් ඌට ඕනාවට වඩා ලංවෙන්න යන්නත් එපා කියලා . මොකද බැරි වෙලාවත් උබ දවසක ගියොත් මොනායින් මොනා වෙයිද කියලා හිතා ගන්නවත් බැරි තරන් කියලා. උබට පේනවනෙ අපෙ අයියා කොච්චර ගලක් වගේ ඉන්න හැදුවත් ඌ හොයන්නෙ ආදරේ කියලා . "

"එහෙම එකේ මට කෙලින්ම කියන්නත් බෑ ඌට ආදරේ කරපන් කියලා . මට උබට බල කරන්න බෑ නේ බන් "

"උබ හිතලා බලලා උබට පුලුවන් කියලා හිතෙන විදියකට මගෙ අයියව රැකලා දීපන් " ශේන් අයියා අන්තිමට නිදා ගන්න ගියේ මට වචනත් නැති කරලා දාලා .

ඊට පස්සෙ ආයෙම කාමරේට ආපු මම ඇදට නැග්ගෙ හීන් ගෙරවුමක් එක්ක නිදාගෙන ඉන්න සර් දිහා බලාගෙන . විනාඩියක් යන්න නෑ එහෙ මෙහේ වෙලා මගේ පපුව අස්සට රිංග ගෙන එයා හොද සැපට නිදි . මන් කලින් ශේන් අයියි ඩොක්ටයශුයි කියපු ඒවා කල්පනා කරනවා .

දෙන්න ඕනේ මූට දෙකක් ඩබල් බේසික ලොකු පගයා . මගෙ නින්ද නැති කරලා මිනිහා හොදට නිදි .

විරාගය පොත කියවපු දවස් වල මන් අර්වින්ද එක්ක හිටියේ හෙන රුස්සන්නෙ නැති ගතියකින්.. ඒත් දැන් මට මතක් වෙනවා ඒකේ එක තැනකදි අරවින්ද කියනවා අන්තිම හරියකදි සරෝජනීට බතී ගැන .

"ආලය කලේ නෑ ..ආලය නොකළෙත් නෑ " මන් හිතන්නෙ මේ මොහොතෙ මටත් දැනෙන්නෙ එහෙම . කියනවා නම් කියන්න වෙන්නෙත් එහෙම .

"මන් ආදරේ කරන්නෙ නෑ ..මන් ආදරය නොකරන්නෙත් නෑ "

මන් ආදරෙයි කියලා මට හරි කෙලින් කියන්න බෑ . මොකද කවදම හරි මගේ හිත වෙන තැනක නවතීදෝ කියලා හිතෙන නිසා . ඒක ට හේතුව දන්නවනෙ . මගේ හිතේ උඩිම්ම තිබ්බා මන් ස්ට්‍රේට් කොල්ලෙක් කියන ආකල්පය .

එතකොට මන් ආදරේ නොකරන්නෙත් නෑ කියන්නෙ . හේතුවක් නැතුවම මන් මේ මනුස්සයා සතුටින් ඉන්නවට සැනසීමෙන් ඉන්නවට හරි ආස නිසා . එයාගෙ ඒ හැමදේම මං ගාවින් හොයා ගන්න එකට මට සතුටු හිතෙන  නිසා .  එයාට එහෙම මගෙන්  නිවෙන්න ඉඩ දෙන්න ඕනේ කියන හැගීම . එයාව මන් සනසන්න ඕනේ කියන හැගීම දැනෙන නිසා..

අනේ මන්දා මේ උලව් ලව් නිසා මගේ මොලේට සමනල් ගැටේ වැටෙනවා අප්පච්චි  . ඔය ඕනේ උට්ටක් හැම දේම කාලයට බාර කරලා අර මනුස්සයගෙ ඔලු ගෙඩියත් අත් දෙකෙම්ම බදාගෙන තව ටිකක් පපුවට තුරුල් කරගෙන මන් නිදා ගත්තා .

ඒක දිග කතාවක් Donde viven las historias. Descúbrelo ahora