10 🍭

243 42 118
                                    


කට්ටියමට අඩුපාඩු බෙදලා මිසිස් පාක් කන්න ගත්තෙ ජන්ග්කුක්ගෙ දැඩි ඉල්ලීම මත...තමන්ගෙ ඔම්මගෙන් පස්සෙ ජන්ග්කුක්ට අම්මා කෙනෙක්ගෙ ආදරේ හොඳටම දැනුනෙ මිසිස් පාක්ගෙන්...ජින්ගෙ නෑදෑ සහෝදරය විදියට එයාව ‍අඳුන්වල දුන්න දවසෙ ඉඳන්ම මෙච්චර කාලෙකට පස්සෙ ආපහු මුණගැහෙනකල්ම ඒ ආදරේ එහෙම්මමයි.....ඉතින් ජන්ග්කුක් කැමති උනේ නෑ මිසිස් පාක් හිටගෙන බලන් ඉන්නවට....

කට්ටිය කෑම කන අතර තුරේ තාමත් අපේ අයියගෙයි නංගිගෙයි අතරෙ හොඳ තත්වයක් තිබුනෙ නෑ....

ඇත්තටම කිව්වොත් ජන්ග්කුක් කාමරේට එනකල්ම තමන්ව ඇහැරවන්න බැරි උනාද කියන කේන්තියෙන් තමා එයා හිටියෙ..කේන්තියටත් වඩා නිකන් මොකද්ද එකක්....

හැබැයි අනික් අතට මීට ටික වෙලාවකට කලින් වෙච්ච දේ....සුළුපටු ලැජ්ජාවක්ද !?

එක පාරම ජිමින්ට දැනුනෙ තමන්ගෙ කකුලට කවුරු හරි ගහනවා..එයාට ඉබේම බැලුනේ තමන්ට මුහුණලා වාඩි වෙලා ඉන්න ජන්ග්කුක් දිහා....ජිමින් බලනවත් එක්කම මෙච්චර වෙලා ජිමින් දිහා කන්න වගේ- ආ නෑ නෑ ඒක හරි අමුතු බැල්මක්ලු හරිද ? ඒ විදියට බලන් හිටපු ජන්ග්කුක් තඩි චිකන් කෑල්ලක් කටේ ඔබාගත්තේ මෝඩ විදියට හිනාවෙන ගමන්...

තමන්ගෙ කම්මුල් රත්වෙනවා දැනෙද්දි ජිමින් බැලුවෙ පා ප්‍රහාරය එල්ල කරපු ජින්මි දිහා....

"දැන් විනාඩි ගාණක් තිස්සෙ ඔයා දිහා බලන් හිටියෙ"
ජිමින් ගාවට කිට්ටු වෙනගමන් ජින්මි කියද්දි ජිමින් ඉක්මනට බැලුවෙ එයාගෙ ඔම්මයි අප්පයි දිහා....ටිකකට කලින් සාමාන්‍ය විදියට තිබුනු කෑම මේසේ අසාමාන්‍ය ලෙස නිශ්ශබ්ද උන එක මෙච්චර වෙලාවක් ජිමින්ට නොතේරුනේ එයා හිටියෙ බර කල්පනාවක නිසා....

ජිමින්ගෙ අවධානය ලැබෙනවත් එක්කම බොහොම නිශ්ශබ්දව මේ දිහා බලන් හිටපු මිස්ටර් පාක්ට එක පාරම කැස්සක් එද්දි මිසිස් පාක් දඩිබිඩියෙ කිචන් එකට දිව්වෙ වතුර එකක් ගේන්නම් කියල.....

එතකොට කෑම මේසේ උඩ ග්ලාස් වල පුරවල තිබුනෙ වතුර නෙමේද ?













• BLIND DATE •Where stories live. Discover now