04 🍭

174 33 39
                                    

( කලින් චැප්ටර් එක ආපහු පොඩ්ඩක් කියවල එන්න ළමයි....චූටි වෙනසක් කරා ...අනිවාර්යයෙන් කියවල එන්න... )


_________________________________


"බලන්න හන් , මේ ළමයා කරගන්න දේවල් "
මිසිස් පාක් මිස්ටර් පාක්ට කිව්වෙ ජින්මිගෙ කකුල බැන්ඩේජ් කරන ජිමින් දිහා බලාගෙන.....

" ආව්...ආව්....රිදෙනවා මෝඩයෝ....ඕක හිමින් කරනවකො "

ඒ අස්සෙ ජින්මි කෑගහද්දි මිසිස් පාක්ගෙ යකා යකා ආවේස උනා...

"හිමින් කරන්න ?! හිමින් කරන්න කියන්නෙ මොනා කරනවා කියලද හිතන්නෙ ආ ? අස්ස කුලප්පුව හැදිලා වගේ උඩ පැන පැන ගිහින් වැටිලා කකුල කඩා ගත්තට අපිට කරන්න දෙයක් නෑ..දැන් ඉතින් හරිනෙ..කරගන්න ඕනි උනේ ඕකනෙ..කොහොම හරි මේ ඩේට් එකටත් යන්නෙ නැතිවෙන්න වැඩේ කරගත්තනෙ....එක පාරක් ඇලජික් කියල දැන දැනම පීනට් බටර් කෑවා ඩේට් එකක් දවසෙ....තව සැරයක් වැස්සෙ නටල නටල උණ හදාගත්තා....මේ පාර කකුල කඩාගත්තා...ඊළඟ පාර අපිට මේ ළමයව ගඟක මුහුදක වැටිලා ඉඳලා හොයාගන්න උනත් මන් නම් පුදුම වෙන්නෑ.....දෙයියනේ කාගෙ දරුවෙක්ද මේ "

අත් දෙකත් එහෙ මෙහෙ විසික් කර කර , බැන බැනම මිසිස් පාක් පල්ලෙහාට යද්දි මිස්ටර් පාක් ඒ පස්සෙන් දිව්වෙ වයිෆ්ව කූල් ඩවුන් කරන්න හිතාගෙන....

ඒ අතරෙ මෙච්චර වෙලා තොල් හපාගෙන හිනාව කාගෙන හිටපු ජිමින් ඇඳෙනුත් බිමට වැටිලා හිනා වෙන්න ගත්තෙ ජින්මිත් එයාගෙ අයියා දිහා බලාගෙන හිනාවෙද්දි....

"හහ්- හම්-මෝ....හම්මෝ ඒ රැප් එක- "
බිම වැටුනු ජිමින් ආපහු නැගිටලා ඇදෙන් වාඩි වෙලා හිනාවෙද්දි වැරදිලා අතින් පාරක් ජින්මිගෙ කකුලට වැදෙද්දි කෙල්ලට හැටනමලක්ෂයක් වුන දේව සභාව මතක් උනා....

"යාආආආආඅ.....පාක් ජිමින් "

"ආහ් , සොරි සොරි මගෙ නංගියා....."
ජිමින් ඒකත් විහිලුවට ගනිද්දි ජින්මි ඔරවගත්තා...

"මේහ් , මං හිතන්නෙ ඔම්මා දන්නෙත් නෑ වගේ අපි කාගෙ දරුවෙක්ද කියල "
එහෙම කියපු ජිමින් නංගි එක්කම ආපහු හිනා වෙද්දි එයාලගෙ හිනා සද්දෙ පල්ලෙහාටත් ඇහෙන්නැති.....සමහර විට....

• BLIND DATE •Where stories live. Discover now