07 🍭

172 37 19
                                    


දවස් ගත උනේ හරිම ඉක්මනින්......

හැබැයි ඒ හැමදවසක්ම පාර්ක් පවුලෙ සාමාජිකයො හිටියෙ සතුට පිරුනු හිත් එක්ක......

හැබැයි අනිත් අයට නොලැබෙන දෙයක් , හිත හරි ආදරණීය බවකින් පුරවන දෙයක් ජිමින්ට ලැබෙමින් තිබුනා.....

ඒක හැමදාම උදේම නැගිටලා වැඩට යන ජිමින්ගෙ මූණ හිනාවකින් පුරවන , මහන්සි වෙලා රෑට ගෙදර ආවම හැම මහන්සියක්ම හේදිලා යන හරි ලස්සන දෙයක්.....

හොඳයි , ජින්මි නම් හිටියෙ මේ ගැන හරිම කුතුහලෙන්....ඒ වගේම සතුටකින්....එදා යුන්ගි කරපු වැඩේ නිසා කේන්ති ගත්තට දැන් නම් එයාට හිතෙන්නෙ ඒක එහෙම උන එක හොඳයි කියලමයි....

අර කවුද මන්දා කියලත් තියෙන්නෙ ,හැමදේම වෙන්නෙ හොඳටයි කියලත්....








දවසක් ජිමින් ගෙදර ආවෙ හරිම මහන්සියෙන්.....

එයාට නයිට් ෂිෆ්ට් එකෙන් පස්සෙ දවල් වෙනකල්ම හොස්පිට්ල් එකේ ඉන්න උනේ ඩේ ෂිෆ්ට් එක කරන්න හිටපු ඩොක්ටර් අසනීප උන නිසා...

දවල් වෙනකල් කිව්වට ජිමින් ගෙදර එද්දි හවස ටී ටයිම් එකටත් ළඟයි....

ඒත් මීට කලින් දැකල නැති කාර් එකක් ගේ ඉස්සරහ නවත්තල තියෙනවා දැක්කම ජිමින් එයාගෙ කාර් එක පාක් කරල ගෙට ආවෙ කුතුහලෙන්...අනික ගේ දොර ගාවදි ඇහුන හිනා සද්දෙත් එක්ක ඇවිත් ඉන්නෙ මිසිස් පාක් හොඳට අඳුරන කෙනෙක් වෙන්න ඕනි කියල එයා ගෙස් කරා....

"ඕහ් ජිමිනා......."
ජිමින්ව දැක්ක ගමන් මිසිස් පාක් නැගිටල ජිමින්ට කතා කරද්දි ජිමින් හිනා උනේ සෝෆා එකේ වාඩි වෙලා හිටපු මැදි වියේ පිරිමි කෙනා දිහත් බලන ගමන්.....

" අදල්ට මතකද දන්නෑ මේ මිස්ටර් කන්ග් , අප්පගෙ හොඳ යාලුවෙක් "
මිසිස් පාක් කියද්දි ජිමින් අපහසවෙන් හිනා උනේ මේ කෙනා ගැන මතකයක් නැති නිසා..

"ජිමින්ට කොහොම මතක හිටින්නද හනී , කන්ග් කොරියා වලින් යද්දි ජිමින් මොන්ටිසෝරි යනවනෙ "
ජිමින්ගෙ අප්ප පුළුල් හිනාවක් එක්ක කිව්වා....

• BLIND DATE •Where stories live. Discover now