09 🍭

179 36 44
                                    



එදා සිද්ධියෙන් සතියකට විතර පස්සෙ ජිමින් , ජින්මි දෙන්න බූසාන් ගිහින් ආවෙ...ගිය පාර ක්‍රිස්මස් එකටත් එයාලගෙ හැල්මොනීගෙ ගෙදර යන්න බැරි උන නිසා...

එයාලගෙ මහ ගෙදර හරි ගතවුනු ආදරණීය , ලස්සන වගේම රස දවස් කිහිපයකට පස්සෙ ජිමින්ගෙ හිත නිදහස් වෙලා තිබුනා..

ජිමින් ආපු ගමන්ම හොඳ වොෂ් එකක් දාගෙන ඇඳට වැටුනෙ ලන්ච් ගන්නෙත් නැතුව...පැය දෙක තුනකට පස්සෙ ජිමින්ගෙ නින්ද කැඩුනෙ වෙන මොකක්වත් නිසා නෙමේ , අර ටකරං වොයිස් එක නිසා...

" යාහ් යාහ් පක් ජිමින්න්න්න්න්....නැගිටිනවා...."

ජින්මි තද නින්දෙ හිටපු ජිමින්ව නැගිට්ටවන්න ලොකු උත්සහයක..

"ම්ම්ම්ම්....ම්හ්ම් "
අනිත් පැත්තට හැරුනු ජිමින්ට නැගිටින්න උවමනාවක් නෑ වගේ....

"නැගිටිනවා ජිමින්ශීඊඊඊ...."
ජින්මි එයාගෙ අයියගෙ අතින් අදින ගමන් කිව්වා....

හෝව් හෝව් ! කිව්වා ?

ඔව්....වෙනද වගේ මහ හයියෙන් කෑගැහුවෙ නෑ එයා....

"අයිශ් ශීබල් !!!"
ජිමින් ඔලුව තියාගෙන හිටපු කොට්ටෙ අදින ගමන් තමන්ටම කියාගත්තා...

ඒත් ඊලගට එයාගෙ ඇස්වලට අහු උනේ බෙඩ් ටේබ්ල් එක උඩ තිබුන වෝටර් ග්ලාස් එක....

අතට වතුර ටිකක් ගත්තු එයා ටිකක් මූණට ඉස්සෙ දැන්වත් නැගිටියි කියන බලාපොරොත්තුවෙන්...

ම්හ්ක්...වැඩක් නෑ....

'මේ මනුස්සයව වෙනදට කියලවත් නිදිකරවගන්න බෑ හවසට....ඒකට අද ඕනිම දවසෙ වතුර ගහල වත් ඇහැරවන්න බැරි තරමට නිදි...පුදුම වදයක් තමා දෙන්නෙ '

ජින්මි දත්මිටි කාගෙන කියද්දි එයාට ඇහුනෙ ඔම්මගෙ කටහ‍ඬ......

" ජින්මීඊඊඊ අයියව ඇහැරවගෙන එන්නකො දරුවො "

" ඉන්න ඔම්මා "
කෙල්ල දොර ළඟට ගිහින් අනිත්පැත්තට කෑගැහුවෙ නැත්නම් ඊලගට ඔම්මා එයි කියල හිතුන නිසා....එහෙම්මම දොරත් වහගෙන ඇතුලට ආපු ජින්මි කොට්ටයක් අරගෙන ජිමින්ගෙ ඔලුවට ගහගෙන ගහගෙන ගියෙ අපේ දොයියබබාට ලාවට ඇහැරෙද්දි....

• BLIND DATE •Where stories live. Discover now