~පෙරවදන~

2.2K 177 38
                                    

" ලොකූ...... පොඩ්ඩක් මෙහාට එන්නකෝ...."

" කියන්න ලොකු අම්මා...."

" නංගිටත් එන්න කියන්නකෝ..."

" හරි ලොකු අම්මා....... පොඩි...... මෙහාට එන්න. මේ ලොකු අම්මා කතා කරනවා...."

" මේ එනවා ලොකූ........"

තමන්ගේ අයියා කතා කරපු සැනින් තමන් කර කර හිටපු වැඩේ නවත්තපු කෙල්ල ඉක්මනින්ම සාලෙට ගියා......

" දෙන්නාම වාඩි වෙන්නකෝ ඔතනින්......."

ලොකු අම්මාගේ කීමට එකග උන දෙන්නාම එතනම තිබ්බ සෝෆාවෙන් ඉදගත්තා.....

" මට ඊයේ පුංචි කතා කරා...... ලොකූ කිව්ව දේට එයාලා කැමතියි..... ඔයාලට වයස දැන් දහඅට පැනලා නිසා ඉඩම් දෙකම ලොකු පුතාට විකුනන්න පුලුවන්. මෙහෙ ඉඩම නම් කෝටි දෙකකට වගේ දෙන්න පුලුවන් සීගිරියෙ නිසා, අනික ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. අනුරාධපුර ඉඩම නම් ලක්ශ හැත්තෑ පහකට වගේ තමා කියලා ඊයේ ලොකු තාත්තා කිව්වා. හොදම දේ කියන්නේ කීප දෙනෙක්ම ඉන්නවා ඕක ගන්න. ඒක ඉක්මනින් ඉවර කරගන්න පුලුවන්...... ඊට පස්සේ දෙන්නාව පුංචි කොලඹට එක්කන් යන්න එනවා කිව්වා....... හම්ම්...... අම්මායි තාත්තායි නැති වෙලා මාස තුන පහුඋනා විතරයි තමා. ඒත් ඒ කියලා උබලාට ඉගෙනීම කඩාකප්පල් කරගන්න බෑනේ. බාප්පා නංගියි මල්ලියි යන ඉස්කෝලෙටම දාන්න පුලුවන් කිව්වා දෙන්නාම..... "

" හ්ම්ම්ම්...... ඒක හොදයි ලොකු අම්මා. කොහොමත් අම්මා තාත්තා හිටියා කියලා අපි සතුටින් හිටියේ නෑනේ. ඉන්නකල් තාත්තා කරෙ අම්මාව නොමරා මරපු එක. ඉතින් අම්මාට එපාම වෙලා තමා එදා ඒ තීරනෙ අරගන තියෙන්නේ. ඉතින් මටවත් නංගිටවත් දුකක් නෑ ලොකු අම්මා. අපි ඉක්මනින් මේ ඉඩම් විකුනලා යනවා. පුංචිට කියන්න ඒ එක්කම නංගිටයි මටයි හරියන පොඩි ගෙදරකුත් බලන්න කියන්න. කොලඹ ඉඩම් ගනන් නේ. සල්ලි ඔක්කොම වියදම් කරන්න බෑ. පුංචිලාගේ ගෙවල් කිට්ටුවම බලන්න කියන්න. පන්නිපිටිය පැත්තේ නිසා අඩුවට හොයාගන්න පුලුවන් වෙයි. පුංචිලා එක්ක ඉදලා ඒ මිනිස්සුන්ට බරක් වෙන්න බෑ.."

" ඈ බං ලොකූ..... පුංචි ඕකට නම් කැමති වෙන්නෑ. දන්නවානේ බාප්පාත් කැමති වෙන්නෑ උබලා දෙන්නාව තනියෙන් තියන්න. අනික නොදන්න පලාතක. එතකොට කෑම බීම......? මාත් කැමති නෑ උබලාව තනියෙන් තියන්න. බැරිනම් මෙන්න මෙහෙට්ටම වෙලා ඉදපල්ලා. මට උබලා දෙන්නාව වැඩි නෑ...."

~ පිනිපොද ~Kde žijí příběhy. Začni objevovat