කාලා බීලා කට්ටිය කලින්ම කාමර වලට ගියායුන් පස්සෙ සද්ද බද්ද ඔක්කොම නැති වෙලා ගියේ ගෙරවිල්ල විතරක් ඉතුරු කරලා..

දොලහත් කිට්ටු කරලා ගහපු අකුනක් නිසා පලාතෙම කරන්ට් එක යනකොට මන් ඇවිත් ඇදෙන් දිගා වෙලා එලියේ පටන් ගත්ත වැස්ස දිහා බලන් උන්නා. ගිය සතියේ නම් ඉරිදා පාන්දර ජාමෙ මන් ලග අද හොදට ගුලි වෙලා නිදි ඇති වැස්සෙ .

හුළගට ඇරලා දාලා තිබ්බ දොර පියන් බිත්තියේ වදින හැටිත් එලියෙ එක පාරම සුදු පාට එලියක් ඇවිත් නැති වෙලා යන හැටිත් දිහා බලාගෙන මන් කල්පනා කරා . දොරවල් දෙක වහන්න කම්මැලි කමේ ඔලුව යටින් අත් දෙක තියාගෙන ඇස් පියාගෙන ඔහෙ උන්නේ නිදි මතකුත් නැති නිසා .

ටිකකින් බැල්කනි එකට යන දොරේ අගුලු වැටෙන සද්දෙට මන් ඇස් දෙක ඇරියේ ඒ පැත්තෙ ඉදන් චායාවක් ඇතුලට එනවා පේනකොට . මට රෙද්දකුත් පොරවලා යන්න යද්දිම ඒ අතින් ඇදලා ඇදට වට්ට ගන්න හැදුවත් වැටුනෙ මගෙ ඇග උඩට .

"මොන .මගුලද්ද !!" කේන්තියෙන් කතා කරන යශෝදර ගෙ හඩ මගේ මුණ උඩින්ම ඇහෙන කොට එයාගෙ එකට ගුලි කර ගත්ත දෙඅත් තිබුනේ මගෙ පපුව උඩ . මන් ඒ අත් දෙකම මැණික් කටුව ලගින් තද කරාලා අල්ල ගත්තා.

"මොකද කරන්නෙ . අතාරින්න "

"බැහ් "

" හ්ම්ම් .." එයා හුස්මක් පිට කරා . එයා ඒක ගොඩක් වෙලාවට කරන්නෙ චේතනට හරි සුද්දට හරි කට කැඩෙනකන් එපා කියලත් කියන දෙයක් අහන්නෙ නැති උනාම ඕන මගුලක් කර ගනින් කියන්න ඕන උන වෙලාවට . නැත්තන් අර මූට් කියලා වැඩක් නෑ කියන ෆීලින් එක දැනුන වෙලාවට .

"නිදා ගන්න කලින් දොර ජනෙල් වහන්න ඕන කියලා දන්නෙ නැද්ද ආහ් " එයා ඇහුවෙ ටිකක් සැරෙන් උනත් ඒකට මට පොඩි හිනාවක් දැනුනා. මන් ආසයි කෙනෙක් මෙහෙම මන් ගැන වද වෙනවට . වෙන කෙනෙක් ටත් වඩා ඒ මන් කැමතිම කෙනා මන් ගැන පොඩි පොඩි දේවල් නිසා වද වෙනවා දකින එක මට අමූතු සතුටක් ඇති කරා.

"කම්මැලි හිතුනා . ආයෙ නැගිටින්න . අනික මන් නිදාගෙන නෙවෙයි හිටියෙ "

"ඔව් ඔව් ඒක පේනවා. "

"කොහෙද මේ රෑ තිස්සෙ කලුවරේ ඇවිදින්නෙ යශෝදර "

ඒක දිග කතාවක් Where stories live. Discover now