"හොදයි සැකකරු රන්දෙව් සහන් පෙරේරා අද සිට වසර දහතුනකට බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම වෙනවා!!"
අන්තිමට කොහොමහරි ඒක උනා~
රන්දෙව්ගේ ඇස් වලිනුත් ගිණි පිටවෙනකොට පොලිස්කාරයන්ගෙන් ගැලවිලා යන්න දගලන රන්දෙව්ගේ ඇස් පොඩි බෝල ඇසුත් දිග හීනි ඇසුත් දිහා බලලා කෙලපිඩක් බිමට දැම්මේ පුංචිත්තා ආපහු එයාට වඩා උඩ හීනි ඇස්වල අයිතිකාරයාට තුරුල් වෙනකොට~
ආගන්තුක නමුත් ආදරණීය හුස්මක් පවා පුංචි එකාට දැන් සහනයක්!!
"මං උබලා දෙන්නගෙන් පළිගන්නවා!!"
"පළිගන්නවා!!"
රන්දෙව් කෑගහන්න ගත්තම අත් වලට මාංචු දාපු පොලිස් සැරයන් වරු ඔහුව කුදලන් යනතුරු අහිංසකයා තාම හැංගිලා~
පැය කිහිපයකට පසුව~
"ඇයි තාම අඩන්නේ ඉතින්~"
පුංචිත්තට සැනසිලිදායක වචන කියන දිග හීනි ඇස් ලස්සනට හිනා උනා~
"ප්..පාලුයි තාත්තා නැතුව පාලුයි"
පුංචි එකාගේ ඇස් වලින් ගලන වටින කදුලු කැට පිහපු කොල්ලා පුංචි එකාගේ සයිස් එකට බිමට නැවුනා!!
"පුංචි බබාගේ නම මොකක්ද ඉතින්~ අයියට කියන්නේ නැද්ද??"
හීනි ඇස් කතාව වෙන අතකට යවන්න උත්සහා කරන ගමන් පුංචි එකාගෙන් අහනකොට පුංචි එකා කදුලු පිහදගත්තා!!
"ආයුක්!! ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය!!"
පුංචි එකා කියනකොට හීනි ඇස් ලස්සනට දිස්නේ ගැහුවේ කවදාවත් නැති තරම් දීප්තියකින්!!
"වාව්!! මැච් වෙනවා"
එකපාරටම ආයුක්ගේ මූන දිහා බලන් මුමුණගෙන ගියපු හීනි ඇස් දිහා කොල්ලා බය වෙලා බලන් උන්නා!! පව් අප්පා මේකා!!
"ම්..මොකක්ද අයියේ??"
"අහ්...නෑ නෑ මුකුත් නෑ!! හරි ලස්සන නමක්නේ සුදු බබාට තියෙන්නේ!"
ආයුක්ගේ කොන්ඩේ පොඩ්ඩ්ක් අවුල් කරපු හීනි ඇස් නැගිටිනකොට ආයුක් ආපහු කොල්ලගේ අත ඇල්ලුවා!!
YOU ARE READING
කාළ ස්වේත |TK Nonfiction | Slow update
Non-Fictionඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය නොදැනීම මගේ මූනට හිනාවක් ආවා!!
තෙවැනි දිගහැරුම~
Start from the beginning