"අයි..ය්යේ..මේ විකාර නම් කරන්න එපා "

අරූ කෙල ගිලින ගමන් පුටුවෙන් නැගිට්ටා ..

"උබට ට්‍රැකද බන් ..ගිහින් ඩික්ශනරිය දීපන් ..චේත් එක්ක ඉදලම උබටත් දැන් ට්‍රැක් ද කොහෙද "

මන් ආයෙම හිනා වෙවී කැරට් කපන්න පටන් ගත්තා..

"මේ වැඩ අස්සෙ ඉන්නකොට ඔය මගුල් කියන්න එපා යකෝ ..වයර් මාරු වෙනවා " මටත් බැන බැන ඌ උඩට යනවා මන් අහගෙන ..

"කොල්ලට නින්ද ගිහින් ..සුද්දා ඉන්නවා කොල්ලගෙ ඔලුව ඔඩොක්කුවෙ තියාගෙන අත ගගා .."

"හ්ම්ම් "

"පව් බන් පොඩි උන් දෙන්නා "

"පොඩි මෑන්ට බෝ කර ගනීද දන්නෙ නෑ .." මන් කිව්වා ..බෝ උනොත් අව්ල් නේ කොල්ල පොඩි එකේ ටිකක් අමාරු වෙන්න පුලුවන් ..

"අපිට කොහොමත් ලගට යන්න එපා කියන්න බෑ නෙ බන් ..කිව්වත් නොකිව්වත් යනවා . අනික බෝ වෙනවා නම් අපි හතර දෙනාටම හැදෙනවා  .."

"ම්ම් ම්ම් "

මන් සුප් එක හදලා ඉවර වෙනකොටම වගේ ශේනු චේත් ව අරගෙන එන්න ගියා ..

"මතක් කරලා පාන් එක අරන් වරෙන් "

"හරි හරි මට මතකයි "

ඌ යතුරත් කරක කරක වාහනේට ගියා ..

"ඔව් උබට දැන් මතකයි..චේත් ව දැක්කට පස්සෙ අමතකයි "

මන් හිනාවෙවී කියලා ගෙට ආවා ..ඇත්ත කතාව ..චේත් ලගටාඅවාම මු ඉන්නෙ මේ ලෝකෙ නෙවේ .. පිස්සා ..හ්ම්ම් ඌ දැන් ලොකු කොල්ලෙක් ..මගෙ පොඩි එකා..

රෑට නම් බත් උයන්න වෙනවා ..නැත්තන් දවසටම කට්ටියට බර කෑමක් වැටෙන්නෙ නෑ නේ ..උදේට නම් චේතනයි ශේනුයි පෑන් කේක්ස් හදලා තිබ්බා ..බලමුකො රෑට එහෙම උනොත් ..

පාන් එක ගෙනාවම ඒකත් ටෝස්ට් කරලා ගත්තා..

චේත් නම් ආපු ගමන් උඩට දුවලා වොශ් එකක් දාගෙන ගියේ යශෝ ගාවට .. මන් යනකොට යශෝදර ඉන්නවා හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා චේත් කියන රචනාවක් අහගෙන ..චේත් කියන්නෙ තනිකර කටර් එකක් ..එකනෙ අපේ එකත් එක වෙලාවක වත් මේ ලෝකෙ සිහියෙන් නැත්තේ..

ඒක දිග කතාවක් Where stories live. Discover now