ප්‍රභූ.
ප්‍රභූ..
ප්‍රභූ...

මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරලා දවසක මගේම වෙන්න උඹට පුළුවන් නේද ප්‍රභූ?

ඒත්,
ඒත් එකපාරටම ඒ මූණ වේදනාවෙන් ඇඹරිලා ගියා.
ඇයි ඒ?
මොකද වුනේ?

"ප්‍රභූ...?"

මං ඌව හෙමීට එහාට කලා.
දෙයියනේ!
උගෙ බඩේ ලේ එකයි.
වතුර වගේ ගලන්නෙ!

අනේ මගේ ප්‍රභූ,
මාව බේරගන්න මැද්දට පැනලා උඹට තුවාල කරගත්තද?
මට ඔය තුවාලයක් මහ ලොකු දෙයක් නෙමෙයි යකෝ!!!
ඒත් උඹ,
උඹට බෑ මේවා ඉවසන්න.

"ප්‍රභූ..
ප්‍රභූ...
උඹට අමාරුද රත්තරං?"

මං ඇහුවෙ ඇස් දෙකේ කඳුළු හිර වෙලා පොදි කද්දි.

"නෑ. නෑ.
ගොඩක් අමාරු නෑ.
ඒත් තනූ,
මට හයියෙන් යන්න බැරි වෙයි.
උඹට ඉක්මනට පලයන්.
මේ හරියෙ හුඟ වෙලා ඉන්න එක නරකයි. ගිහින් කාවහරි එක්කගෙන වරෙන් මාව ගන්න."

ප්‍රභූ කියවන්නෙ විකාරෙන් වෙන්න ඕනෙ. ලේ ගලලා මොලේ වැඩ කරන ප්‍රමාණෙ අඩු වෙලා වෙන්න ඕනෙ. ඔහොම නෙමෙයි මෙතන ඉඳලා අවීචි මහා නරකාදියට වැටෙනවා කිව්වත් මං දාලා යයිද ඌව!

ඒත් ප්‍රභූව බේරගන්න කියලා මං සැදී පැහැදී හිටියට, හැමදාම වුනේ ඒකෙ අනිත් පැත්ත. දන්න දා ඉඳන් මාව බේරගත්තෙ, මගේ ලඟ ඉඳන් මට හයිය වුනේ ඌ.

කොහොම වුනත් මම උඹව දාලා යන්නෙ නෑ ප්‍රභූ.
කවදාවත් නෑ.
ලෝකෙ නරකම භයානකම තැන වුනත් ඉන්න එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හැම තැනක්ම ලස්සනයි සුවඳයි එතන උඹ ඉන්නවා නම්!
මං මිමිණුවේ හිතින්.

කටින් වචනයක්වත් කතා නොකර මං
කොල්ලගෙ ඉස්සරහින් ගිහින් ඌව මගේ පිටට හේත්තු කරගෙන, ඒ කකුල් දෙක අස්සෙන් අත දාලා උස්සගත්තා.
දැන් හරි!
ජීවත් වුනත්, මැරුනත්,
මේ වගේ අපි හැමදාමත් එකට ඉඳියි.

"මාව බිමින් තියපං මෝඩයො!!!
මේ වැඩෙන් අපි දෙන්නටම පරක්කුයි.
උඹ දුවලා පලයං තනූ.
මං මේ ගහක් යටින් ඉන්නම්!"

මේ ගොං වස්සා විකාර කියවනවා.

ඒත් එකපාරටම කලුවරක්.
මගේ පිටිපස්සෙ හිටිය ප්‍රභූ නෑ.
මට ඌව දැනෙන්නෙ නෑ.

හිරිපොද (Completed)Where stories live. Discover now