XVIV

16 1 2
                                    

චේ කාර් එක ස්ටාට් කර ගත්තේ එයාගෙ බිසී ලයිෆ් එකෙන් සුපුරුදු නිශාචර ලයිෆ් එකට කාර් එකෙන්ම යන්න. කන්ට්‍රි ක්ලබ් එක. චේ ගේ හිත නැවතුණ තැන. පැය බාගයකට ත් අඩු කාලයකින් එයා එතන. එයා විශේෂයක් නැතුව ම ඇතුලට ගියේ සුපුරුදු ඩ්‍රින්ක් එකටම ඕඩර් එකක් දෙන ගමන්. කන පැලෙන්න වාදනය වෙමින් තිබුණ ඩී ජේ තාලයට පැද්දෙන ගමන් චේ ඉව ඇල්ලුවේ නෙතට සුපුරුදු රුවක් වෙත. "කවුද නුඹ කවුරුන්දෝ..." සිය වීදුරුවද අතින් ගෙන ඒ දෙසට යනවිට කොහේද සිට ආ හාල්පාරු කොලුවෙක් දෙකට කැපුණ පණුවෙක් මෙන් ඇය වටාම එති එතී රගන්නට පටන් ගත්තා. සිය සීමාව රැක ගනිමින් චේ පසෙකට වුණා.

මොකක්ද මේ අලුත් සෙල්ලම... චේ කල්පනා කරන්න ට වුණා. තමන් කොතන ගියත් ෆන් ගන්න කෙනෙක්. වටේ ඉන්න අය අදාළම නෑ. ඒත් දැන් එන්න එන්නම චේ ගේ හිත එයාටත් හොරෙන් අමුතු සෙල්ලම ක් පටන් අරන්. හරියට කන්න වත්, එළියට යන්න වත් හිත ඉඩ නොදෙයි. අඳුරු මුල්ලකට වෙලා දවසම හීන මාළිගා හදන්න බල කරයි. තමන් ගැනම ආත්මානුකම්පාවෙන් සයිඩ් ගහලා හිටිය චේට මෙතනින් ඉවත් ව කොහේ හෝ ඈතකට යන්න ට උවමනාවක් ඇති වුණා.

…෴

කාර් පාක් එකෙන් කාර් එක එළියට ගත් චේ කොහේ යන්නේදැයි කල්පනා කරන්න වුණා. එතකොට ම වාගේ කිසිවකු එයාගෙ කාර් එකේ ග්ලාස් එකට නොනවත්වා තට්ටු කරන්න ට වුණා.  එම පුද්ගලයා තට්ටු කරමින් සිටියේ පදික ආසනයට අයත් වීදුරුවටයි. ඒ වනවිට ත් ඇදහැලෙමින් තිබුණ හීන් පොද වැස්ස නිසා මීදුම් පටලයකින් වීදුරුව වැසී තිබූ නිසා ඒ කෙනාව අඳුරගන්න බැරි තරම්. ඒත් ඒ කාන්තා රුවක්. මොකක් හරි කරදරයක්ද දන්නෙත් නෑනේ. එහෙම හිතලා චේ හෙමින් ම ඒ සයිඩ් එකේ වීදුරුව ඇරියේ. "ඇයි මොකක් හරි කරදරයක්ද?" චේ අහන විට මත් වූ හෙම්බත් මුහුණේ සිනහවක් නගාගත් ඇය වැනි වැනී සිට එක්වරම සිය උඩු කඳ ජනේලෙන් වාහනය ඇතුළට දැම්මා.
"මේ මේ ඔය මොකද..." චේ පුදුමයෙන් ඇය දෙසට හැරෙන විටම...

"බ් බුවෑෑෑක්...."

ඊළඟ මොහොතේ දඩාස් හඬින් වෙරිමතින් ඒ කෙල්ල බිමට ඇදන් වැටුණා. තත්පර කිහිපයක් ඇතුළත සිදු වූ මේ සිද්ධිය හෙට උදේ හතහමාරට ලෝකය සහ ලෝකයෝ එකට දානවද නැත්නම් අර වෙරිමරගාතයට උදව් කරනවා දැයි චේ කල්පනා කළේ. "කමක් නෑ මොනවා වුණත් කෙල්ලක් නේ" චේ අප්පිරියාවෙන් ඉක්මනින් කාර් එකෙන් බැස ඇවිත් කෙල්ල ගේ උරහිස්වලින් අල්ලා හොලවන්නට වුණා. ඇගේ දුඹුරු පැහැ කෙස් කලඹ මුහුණ පුරා විසිර තිබුණේ අපායෙන් මේ දැන් රිලීස් වුණ ඩයල් එකක් මෙනි. කලු පැහැ මිනි ගවුම ඇය අනාරක්ෂිත බව පසක් කළා.

ඇස් අතකින් මුවා කරගෙන කොහොම හරි කැබිහෝල් එකෙන් ටිෂූ පෙට්ටිය එළියට ඇදගත්ත චේ වෙරි තරුණිය ව ඔසවා සිය උරහිසට හේත්තු කර ගත්තා. "හායි.. හෙලෝ... අනියොන්ග්හසේයෝ.." ඇයට කතා කරමින් ම ඇගේ මුහුණ පුරා වූ කෙස් එක් පසකට කරා...

"ඔයා...?"

You've reached the end of published parts.

⏰ Last updated: Oct 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Rαín ín thє Sunshínє 🌈Where stories live. Discover now