pt. VII

13 4 4
                                    

"මේ පැත්තෙන් එන්න... මේ බලන්න ! අද පාක් එකේ අලුත debut කරපු ගෑණු ළමයින් ටිකක් mini concert එකක් කරනවා"

ආච්චි අම්මා ෆොන් වත් ඇදගෙන ඒ පැත්තට ගියා.

"මොනවා පැටියෝ...? ඔයා k pop දන්නෙ නෑ ?? ඔයාගෙ අම්මා මොනවද ඔයාට කියන්නේ... ඉස්කෝලෙ යන්න, පාඩම් කරන්න කියලා විතරද ? එයා නම් පුදුම අම්මෙක්... මගේ දුවෙක් ද කියලත් සැකයි මට"

ආච්චි අම්මාගේ පිටි පස්සෙ එහාට මෙහාට වැනි වැනී ෆොන් ඇවිදගන ගියා. තාමත් මෙහෙ ගැන එයාට හරි හැටි අදහසක් තිබුණේ නෑ. ඒ නිසා මේ හැමදේම වෙනම ලෝකයක් වගේ.

………………………………………………………………………………

දඩාස්.....

ෆොන් බිම...
ආච්චි අම්මා හැරිලා බැලුවා. තවත් පුංචි ගෑණු ළමයෙක් බය වෙලා බලන් ඉන්නවා එයා ඉස්සරහා.

ෆොන් එහෙමම හිටියෙ රවාගෙන. එයාට කොහොමත් ඉක්මනට තරහ යනවා, මේ වගේ දේවලදී කොහොමත්...

"මියානේ... ඔප්පා... චොම්මල් මියානේ..."

බයටම එයාගෙ චූටි ඇස් දෙක ලොකු වෙලා තිබුණේ. එයා පිස්සුවෙන් වගේ කියවන එකක් වත් ෆොන් ට තේරුණේ නෑ.
ආච්චි අම්මා එකපාරටම හිනා වෙන්න ගත්තා. එයාට කොහොමත් තැනක් නොතැනක් නෑනේ.

ඊළඟට අර ගෑණු ළමයා දිහාට හැරිලා මොනවද කියෙව්වා.

"ඕහ්... මියානේ ඔන්නි ..."
ඊට පස්සෙ එයා රතු වෙලා ආයෙමත් ෆොන් ට දහ පාරක් විතර ඔලුව නමන ගමන් කිව්වා.

ඊටත් පස්සෙ එයා ෆොන් ට නැගිටින්න අත දුන්නේ. හිතේ තිබුණ තරහට එයාගේ අත ගසා දාලා ෆොන් තනියම නැගිටලා ඉස්සරහට ඇවිදගන ගියා.

"හැල්මොන්නී... අනේ ඔන්නි ට කියන්න තරහ ගන්න එපා කියලා. මං හදිසියේ යනකොට එයාව දැක්කේ නෑ. මං හිතුවෙත් කොල්ලෙක් කියලා"

"නෑ...නෑ... එයා මෙහෙට අලුත්"

ආච්චි අම්මා එයත් එක්ක මොනවද කියවනවා ෆොන් අහගෙන.

"හානේ... එහෙම නම් එයා හිතයි මෙහෙ ඉන්නෙ නපුරු මිනිස්සු කියලා"
ගෑණු ළමයා කම්පා වෙන හඬකින් කිව්වා.

"සමහර විට එයාට ඊට වඩා නපුරු මිනිස්සු හම්බ වෙලත් ඇති" ආච්චි අම්මා කල්පනාකාරීව කිව්වා.

"ඒක ද එයත් එච්චර නපුරු පාට..." ගෑණු ළමයා කිව්වා.

ඒ දෙන්න කතා වෙන දේවල් තේරෙන්නෙ නැති එක ෆොන් ට ඉවසුම් දෙන්නෑ. ඒත් ඒ එයා ගැන වෙන්න ඇති. ඒ ගෑණු ළමයා තමන් දිහා අනුකම්පාවෙන් බලන් ඉන්න එක ෆොන් ව තවත් තරහ ගැස්සුවා.

"Hello I'm Yeon Ro"

අමුතු උච්චාරණයක් වුණත් හුරතල් කට හඬක් කතා කරා ...

ෆොන් බැලුවා. පලවෙනි වතාවට ඒ පුංචි ගෑණු ළමයා... එයා හරි හුරතල් පෙනුමයි කියලා එයාට හිතුනා.
එයා එයාගෙ චූටි අතක් දික් කරන් හිටියා.

"I'm Yeon Ro..."

එයාට කියලා ඉවර කරන්න වුණේ නෑ.

"යොන්රෝ... !! කොහෙද මෝඩියේ ඇවිදින්නේ ..." කොහෙද ඉඳන් එකපාරටම දුවගෙන ආව කොල්ලෙක් එයා දික් කරපු අතෙන් අල්ලගෙන ඇදගෙන ගියා.

"We.. අ...... ආ.. we meet... again"  එයා ඇදි ඇදී යන ගමන් අනිත් අත වනලා මෝඩ තාලෙට කිව්වා.

/Flash Back 🍁🍃

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මගේ ජීවිතයේ ලස්සනම පිටු වල ලියවෙන්න තිබුණ කතාව මට මතක් වුණා. කොච්චර හොඳද ඒ කතාව එහෙම ඉවර නොවුණා නම්...

මං මගේ යොන් රෝ ව මතක් කරන ගමන් ඉස්සරහටම ඇවිදගන ගියා. මගේ සිතුවිලි වලට බාධාවක් වුණේ බෙන්ච් එකක් උඩට වෙලා නහයෙන් අඬන කෙල්ලෙක්. මට පේන්න බෑ...

මං තරහෙන් වගේ එයා දිහා බැලුවත් එකපාරටම හුරුපුරුදු ගතියක් දැනුනා ඒ මූණේ. ඒ සුවඳමයි, ඒ මූණ මයි, ටිකක් කෙට්ටු වෙලා.

රෝ... මගේ රෝ...

අවුරුද්දකට කලින් මාව දාලා ගිය රෝ, ආයෙමත් මගේ ඉස්සරහා. මං කතා කරත් එයා ට මං ගැන ගානක් තිබුණේ නෑ. නම යොන්ජී ලු... මේ එයාම තමයි.

කමක් නෑ. එයා ඔක්කොම අමතක කරලා නම් මං ටික ටික මතක් කරලා දෙන්නම්.
කොහොම වුණත්...

Contact කර ගන්න විදිහක් වත් අහගන්න කලින් එයා ගිහින්. කමක් නෑ... එක්කෝ එයා ඉන්නෙ මේ සෝල් වල කියලා හරි දැන් මං දන්නවා. අඩුම තරමින්.
අර වදකාරයා ; චේ නිසා මේ චාන්ස් එක මිස් වුණේ.

ඒත්... සෝල් වල ගෙයක් ගෙයක් ගානේ හරි ගිහින් මං එයාව හොයා ගන්නවා.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Rαín ín thє Sunshínє 🌈Where stories live. Discover now