pt. I̲̅V̲̅

19 6 1
                                    

යොන්ජුන් වෙනදටත් වඩා කලින් office එකෙන් එළියට ආවේ වෙහෙසකර පාට මූණෙන්. බයික් එකත් අත් අතරට හිර කරන් බෑග් එකත් සයිඩ් එකට දාගත්තෙ පාක් එක පැත්තට යන්න හිතාගෙන.

යොන්ජී ව බලා ගන්න චෑන් ඉන්නවා. Shop එකේදී කොච්චර මහන්සි වුණත් එයා යොන්ජුන් එනකම් කීය හරි වෙනකම් යොන්ජී ළගින්ම ඉන්න එක තමයි යොන්ජුන් ට තිබුණ එකම සහනය.
හෙට සෙනසුරාදා ඒ දෙන්නවත් පාක් එක ට එක්කන් එන්න යොන්ජුන් තමන්ටම පොරොන්දු වුණා. තමන්ගේ තද නීති වලින්ම ඒ දෙන්නව බැඳලා තියන එකත් සාධාරණ නෑ.

ඒත් ඒකෙන් පස්සෙ තමන්ගේ හැම දෙයක් ම නැති වුණා විතරක් නෙවෙයි යොන්ජී ගෙදරින් එළියට බහිනවාට වත් තමන් අකමැති වුණ බව යොන්ජුන් ගේ මතකෙ ට ආවේ හරියට නිකං හීනයක් වගේ.
ඊළඟට තමන්ගේ අසල්වැසියා විදිහට චෑන් ආව හැටි, තමන්ගේ ම සහෝදරයෙක් වගේ අවුරුද්දක් තිස්සේ යොන්ජී ගෙ බරත් කරට අරන් එයාලට ශක්තියක් වුණ හැටි...

ඒ විතරක් නෙවෙයි යොන්ජුන් ට මතක් වුණේ, චෑන් තමන් ව දැක්ක ගමන් රතු වෙන හැටි, කතා කරද්දී පවා වචන ගොත ගහන හැටි, තමන් එක්ක හරියට වචන දෙකක් කතා කරන්නේ නැතුව පැනලා යන හැටි ...
දවසේ වෙහෙසකර බව මෙතෙකැයි කියන්න බැරි වුණත් චෑන් ව මතක් කිරීම යොන්ජුන් ගේ මූණ ට එළියක් ගෙනාවා.

"මේ කොල්ලා මට මෙච්චරටම බය ද ?"

සමහර විට ඒක බයට වඩා දෙයක් වෙන්නත් පුළුවන්. සමහර විට යොන්ජුන් ට තේරුම් නොගිය වෙනමම දෙයක් ...!?

මේ හැම දෙයක් ම අමතක කරලා සැහැල්ලු වෙන්න විතරයි දැන් නම් යොන්ජුන් ට ඕන වුණේ.

දවස පුරාම Office එකේ උඩට - පහලට ඇවිදිමින් එක එක්කෙනා ගේ ඕනෑ එපාකම් හොයලා බැලුවට පස්සෙ තවත් එයා ජීවත් වෙන බවක් යොන්ජුන් ට දැනුනෙ නම් නෑ.
සාක්කුවේ කොනක රැඳිල තිබිලා අතට ගුලි වුණ නෝට්ටුවත් අරන් Café එක පැත්තට ගෑටුවේ ඒ නිසාමයි.

<මලලසේකරයි 🙇>

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

"කොල්ලා හැඩ වෙලා ආ..."
කායි කිව්වෙ ළග ගහකින් වැටිලා චෑන් ගෙ කෙස් අග රැඳුණු මල් පෙත්තක් අරන් දාන ගමන්.

Rαín ín thє Sunshínє 🌈Where stories live. Discover now