XIV

14 5 4
                                    

දවසින් දවස ගෙවී ගියා. චෑන් හැමදාම ත් උදේම ෂොප් එකට ගිහින් සවස හත විතර වෙද්දී අපාට්මන්ට් එකට ආවා.

ඒ හැමදාමත් යොන්ජුන් වැටෙන්න බීගෙන ගෙදර ට ආවේ කාගෙ හරි කර පිටින්. ඒ මදිවට කෙල්ල ක ගේ නමක් කිය කියා වැලපෙනවා වෙරි මරගාතෙ. ඒ හැමදාම උදව්වට හිටියෙ චෑන් විතරයි.

තරහෙන් වුණත් යොන්ජුන් ව අත්හැරල යන්න එයාට හිතක් නෑ. ඒත් කවදාවත් වචනයකින් වත් චෑන් ට ස්තුති කරන්න එයා මහන්සි වුණේ නෑ.
.
.
.
අද චෑන් ගේ පඩි දවස. චෑන් මුලින්ම ගියේ ඔම්මාගේ සොහොන ට. තමන්ගේ අතේ ඇති සුදු රෝස මල් කළඹ සොහොන් කොත මතින් තියලා එයා සිතින් ඔම්මාව මතක් කරා. ඒත් ඔම්මා නැති වෙන කොට චෑන් පුංචියි. ඒ රූපය බොඳ වුණ සිතුවමක් වගේ. ඒත් චෑන් ගේ හදවත තුළ කෞතුකාගාරයේ ඒ මතකය සදහටම ආරක්ෂා වෙලා තිබුණා.
චෑන් හෙමින් හෙමින් එළියට ඇවිත් පයින් ම අපාට්මන්ට් එක දිහාට ඇවිදගෙන ආවේ එදා වෙනදට වඩා කලින් නිසා.

"ආ ... මේ චැන්යොල් ළමයා නේද?"

"ආ මේ අන්කල් නේ. නයිට් ෂිෆ්ට් එකට යන ගමන් ද?" චෑන් කිම් ගෙන් ඇහුවෙ හිනා වක් දාගෙන.

"ඔව් දරුවො. දැන් අපි ට ගෙවල් බලා ගන්න වට වැඩියෙන් ගෙවල් වල ඉන්න කොල්ලෝ කෙල්ලො බලා ගන්න වෙලානෙ" කිම් කිව්වේ එච්චර පැහැදීමකින් නෙවෙයි වගේ.

"එයා ඉස්සර ඉඳන් ම ඔහොම ද?" චෑන් ඕනවට එපාවට ඇහුවෙ අහක බලාගෙන.

"කවුද? යොන්ජුන් ළමයා ද?"

"ආ එයාගෙ නම ඒකද?" ' ලස්සන නමක්' කියන්න ගිහිල්ලත් චෑන් අමාරුවෙන් කට වහ ගත්තා. තව විස්තර අහන්න නොහිතුණා ම නෙවෙයි. ඒත් බොරු බලාපොරොත්තු වලින් හිත පුරවා ගන්න චෑන් ට උවමනාවක් තිබුණේ නෑ.

"ඔව්. හරිම හොඳ ළමයි දෙන්න. ඔය ළමයා වගේමයි. ඒත් ඉතින් ප්‍රශ්න වල නම් ඉවරයක් නෑ. මුලින්ම මෙහෙ පදිංචියට එනකොටත් දෙමාපියන් නෑ. නැතිවෙලා."

"ආ එහෙම ද?" චෑන් ට ඕනෙ වුණා කතාව වෙනතකට හරවන්න. මොකද 'දෙමාපියන්'... හැමදාමත් චෑන් ගේ ඇස් වලට කඳුළු එක් කරනා මාතෘකාවක්.
ඒත් කිම් නම් කතාව නවත්තන පාටක් නෑ.

"ඔව් ඒකමයි මට වැඩිය මත් තරහා. මේ වගේ වෙලාවක ඔය ජරාව බීගෙන තවත් පිස්සු වැටෙන එක හරි ද මං අහන්නෙ? සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ. ඔය පිරිමි දරුවටත් මොකක් හරි වුණොත්... එතකොට කවුද අර ලෙඩ ළමයා බලා ගන්නේ ?" කිම් මෙහෙම කතා කරද්දී චෑන් ට මොකක් හරි ප්‍රශ්නයක් වගේ හිතට දැනුණා.

"අන්කල්.. මෙහෙම අහනවට තරහ වෙන්න එපා. ඒත් මොකක් ද එයාට තියන ප්‍රශ්නේ? එයා ඉන්නේ සිහියකින් නෙවෙයි. මට අහන්න විදිහකුත් නෑ. මං හිතුවෙ කෙල්ල ක ගේ ප්‍රශ්නයක් ඇති කියල. ඒත්... මං හිතනවට වඩා දෙයක් තියනවා වගේ?"

කිම් පුදුමයෙන් මිනිත්තුවක් දෙකක් බලන් හිටියා.
"ඔව් කෙල්ලෙක් ගේ ප්‍රශ්නයක් තමයි. ඒත් ඔයා හිතන විදියෙ නෙවෙයි." කිම් ඇහැක් ගහලා හිනා වුණා.
"එයා ගේ නංගී ... හ්ම්ම්.. ඇක්සිඩන්ට් වෙලා දැන් සතියක් තිස්සේ සිටි හොස්පිට්ල් එකේ. ICU ඉඳල ඊයෙ යන්තම් නෝමල් වෝඩ් එකට මාරු කරලා."

මොකක්... නංගි ද ඒ...
චෑන් නැවතුණා. හිත ඇතුළෙන් දුකක් කණගාටුවක් එක්ක නටන්න තරම් සතුටක් ඇති වුණා. තමන් හිතපු දේ නෙවෙයි ද වෙලා තියන්නෙ. යොන්ජුන් ට කෙල්ලෙක් එක්ක ප්‍රශ්නයක් තිබිලා නෑ ඒ කිව්වේ කෙල්ලෙක් තමයි.. ඒත් එයාගෙ නංගී නිසා තමයි එයා මෙහෙම හැසිරිලා තියන්නෙ.

"මෙතනින් සෝල් සිටි හොස්පිට්ල් එකට බස් එකක් අරන් අයියා වයි නංගී වයි දෙන්නවම බලල එන්නයි තියන්නෙ. වෝඩ් එක විසි අට" කිම් මහත්තයා හිනා වෙමින් කියලා චෑන් ගේ පිටට තට්ටුවක් දාලා යන්න ගියා.

ඒ ගැම්මටම චෑන් බස් එකට නැග්ගා.
නංගී ට කරදරයක් වුණ වෙලාවේ එයා මෙහෙම හැසිරුණා නම් කොච්චර ආදරේ ඇද්ද නංගී ට. එහෙනම් එයාට බෝයි පෙන් කෙනෙක් හිටියා නම්... අම්මෝහ් ... එක අතකට කවුද දන්නෙ දැනටමත් කවුරු හරි ඉන්න වද කියල හූම්...

හරි හරි.. එයා ගේ නංගී ට කොහොම ද දන්නෑ. මේ වගේ වෙලාවක ඔය වගේ දේවල් හිතන්න හොඳ නෑ.

Rαín ín thє Sunshínє 🌈Where stories live. Discover now