pt.VIII

15 4 1
                                    

චේයන්ග් Iced Americano දෙකක් උස්සගෙන ඇවිත් මේසේ උඩින් තිබ්බා.

"හරි නේ ඔන්න ඕනෙ කියපු ඒවම අරන් ආවා. අනේ මන්ද මෙච්චර කන්න බොන්න දේවල් තියන රටේ තමුසෙ මේ චීප් ජාතියම ඕඩර් කරන්නේ ඇයි කියලා දෙයියො තමයි දන්නෙ"

"චේ ... කෑ ගහන්න එපා... මිනිස්සු බලනවා ඇති මේක mental hospital එකේ කැෆේ එකද කියලා"

ඒ පාර චේයන්ග් වට පිට බැලුවේ වටේ ඉන්න මිනිස්සුන් ටත් ගහන්න වගේ.

"මට ඊයේ පාක් එකේදී යොන්රෝ ව හම්බ වුණා"

චේයන්ග් ඉක්මනට ෆොන් ගෙ නළල ට අත තියලා බැලුවේ අසනීපයක් වත් ද බලන්න.

"මං කිව්වෙ ඇත්ත. එයාට මාව මතක නෑ. මං එයාගෙන් නම ඇහුවාම කිව්වෙ යොන්ජී කියලා"

චේ හිනා වෙන්න ගත්තා.
"වෙන කවුරු හරි වෙන්න ඇති"

"නෑ චේ... මේ එයාම තමයි. එයාට පරණ කිසි දෙයක් මතක නැති වුණත් මේ කෙල්ල ඉස්සර වගේමයි. වෙන නමක් කියපු එක සමහර විට ට්‍රික් එකක් වෙන්න ඇති. ඉස්සර වගේමයි. පිස්සු කෙල්ල..."

"අනේ මන්ද මං ඉතින් ඔය කෙල්ලව දන්නෙ ඔයා කියලා තියන දේකින් තමයි. වෙන මොනවද කිව්වෙ ?"

"තමුසෙ කාලකණ්ණියා වගේ කෝල් කරානෙ. ඊට පස්සෙ එයා පේන්න හිටියෙ නෑ"

"Sure ?" .....

දැන් නම් චේ ට සීයට එකසිය හතලිස් පහක් ම විශ්වාසයි ෆොන් මේ හොල්මනක් පස්සෙ තමයි යන්නේ කියලා. ඕක කිව්වොත් නිරපරාදේ අකල් මරණයක් වෙන්න පුළුවන් නිසා චේ කතාව අනිත් පැත්ත ගැහුවා.

"මේ ඒක නෙවෙයි... අර අලුත් කතාවත් sad ending එකකින් ඉවර කරාලු නේද ?"
චේ ඇහැක් ගහන ගමන් කිව්වා.

"ඇති මචං"

ෆොන් ඇඟිල්ලක් තියලා චේ ව නැවැත්තුවෙ බිත්ති වලටත් කන් තියන නිසා.

අවුරුද්දක් තිස්සේ වොට්පෑඩ් එකේ තමන් ගේ එකම කතාවකට වත් හැපි එන්ඩින් නැතුව ලියන එකම ඕතර් ෆොන් වෙන්න ඇති.
ඒ කිසිම කතාව ක තමන් ගැන එක වචනයක් වත් සඳහන් නොවෙන්නත් ෆොන් වග බලා ගත්තා.
සම්පූර්ණයෙන්ම රීඩර්ස් ලා ගෙන් හැංගිලා හිටියත් ඒ අය ෆොන් ගෙ කතා හදවතින් ම වැළඳ ගත්තා විතරක් නෙවෙයි, එයා ගැන හොයන්නත් පටන් ගත්තා.

ඒත් අදටත් 'Fontenot' account එක යටතේ 'wattpad paid stories' category එකෙන් කතා අප්ඩේට් කරන්නේ කවුද කියලා කවුරුවත්ම දන්නෑ.

ගොඩක් අයගේ මතය වුණේ මේ ඕතර් ලියන්නෙ සමාජය එක්ක තියන වෛරයක් පිරිමහගන්න කියලා. එයා ලා කියන දේවල් කමෙන්ට්ස් වලින් පවා ෆොන් දැකලා තියනවා.....



Rαín ín thє Sunshínє 🌈Where stories live. Discover now