XVI

7 1 1
                                    

යොන්රෝ ට සිහිය ඇවිත් කියලා පණිවිඩය ආපු දවසේ උදේ යොන්ජුන් දුවගෙන ඇවිත් චෑන් ව බදාගත්තා. ෂොප් එකට යන්නෙ නැතුව චෑන් යොන්ජුන් එක්ක හොස්පිට්ල් එකට ගියේ සතුට වැඩි කමට හොස්පිට්ල් එකට යනකම් දුවගෙන යන්නත් බැරි තරම් හාදයා නිසා.
ඒත් ඒ සතුට වැඩි වෙලාවක් තිබුණේ නෑ.

"යොන්රෝ යොන්රෝ... මගේ කෙල්ල.. ඔන්න මං ආවා. කෝ බලන්න මේ..." යොන්ජුන් කතා කරත් යොන්රෝ ගෙන් ප්‍රතිචාරයක් නෑ.

එයා ඉස්සර හිටිය යොන්ජුන් ගේ නංගී නෙවෙයි. එයාට සම්පූර්ණයෙන්ම අතීතය අමතක වෙලා තිබුණා. චෑන් බලා ඉඳිද්දීම යොන්ජුන් ගේ මූණ වෙනස් වුණා. කලින්ටත් වඩා දරදඬු වුණා හැඟීම් විරහිත යන්ත්‍රයක් වගේ. යොන්ජුන් කෑ ගහලා අඬයි කියලා හිතුවත් එහෙම වුණෙත් නෑ.

"ෆොන් කියලා කෙනෙක් ගෙන් මේක ලැබිලා තියනවා මිස් ට" ඇටෙන්ඩන්ට් කෙනෙක් ලස්සන මල් කළඹක් යොන්ජුන් අතට ගෙනත් දෙන ගමන් කිව්වා.
යොන්ජුන් ගේ මූණේ අමුතු නපුරු හිනාවක් ඇඳුණා.

…………෴

යොන්ජුන් එන අතරමගදී හුඟක් නිශ්ශබ්ද වෙලා හිටියා. චෑන් ට ඒ වෙනස හොඳින් දැනුණා. කලින් හිටිය නපුරා ට වඩා භයානක කෙනෙක්...
ඒ එන ගමන යොන්රෝ ට කවුද කෙනෙක් එවලා තිබුණු පළතුරු කූඩයත් යොන්ජුන් අරන් ඇවිත් තිබුණා.....

මේ සති දෙක තුළ චෑන් යොන්ජුන් ගේ හැම දෙයක් ම හොයා බලලා අකුරටම කරලා දුන්නා. හොස්පිට්ල් එකෙන් දෙන කෑම වල මෙලෝ රහක් නැති බව චෑන් අත්දැකීමෙන් ම දන්නවා. ඒ නිසාම වෙනදාටත් කලින් ඇහැරිලා යොන්ජුන් ටත් කෑම හදලා යොන්රෝ ටත් ගෙනියන්න දෙයක් හදනවා. යොන්ජුන් ගේ human එලාම් එකත් ඉතින් චෑන්ම තමයි.
පුළුවන් වෙලාවට හොස්පිට්ල් එකටත් යනවා යොන්රෝ ව බලන්න. කැෆේ එකෙන් මොනවා හරි කඩචෝරුවක් ගෙනියන නිසා යොන්රෝ මුලින්ම ඇයි හොඳයි කමක් පැවැත්තුවේ චෑන් එක්ක.
යොන්රෝ ගේ මොලේ ට වෙලා තිබුණ හානියත් එක්ක මුලින්ම එයාට කතා කරන වචන පවා තරමක් එයාගෙන් ගිලිහීලා තිබුණේ. ඇත්තෙන්ම චෑන් ට මුණගැසුන යොන්රෝ අත දරුවෙකු වගේ හදාවඩා ගත යුතුව තිබුණා...

සමහර දාවසක යොන්ජුන් වත් චෑන් ට හොස්පිට්ල් එකේදි හම්බ වුණා. ඒ වගේ දවසක දෙන්න එක්ක ම අපාට්මන්ට් එකට ආවත් යොන්ජුන් වචන දෙකකට වැඩිය එළියට දාන්නෙ නෑ. ඒ මුළු වෙලාවෙම එයා ලොකු කල්පනාවක ගිලිලා හිටියා. චෑන් ඒ නිහඬතාවයට හුරු වුණා. ඒ වෙනුවට යොන්ජුන් හ්‍යුන්ග් එක්ක මේ ටික වෙලාවෙම ළඟින් ම ඉන්න එක ගැන චෑන් සතුටු වුණා.

"යාාාා..... මොනවද මේ කරන්නේ....." අපාට්මන්ට් ඉස්සරහ එක පාරටම යොන්ජුන් චෑන් ව ඇදලා ගත්තා. චෑන් ගිහින් දඩාස් ගාලා යොන්ජුන් ගේ ශක්තිමත් පපුවේ වැදුණා. නහයත් ඇනුනා. තරුත් විසි වුණා... ඒ මදිවට මේ මනුස්සය මහපාර මැද කරන දේවල්. ටිකක් ඉන්න බැරි වුණා ද ඇතුළට යන කම් වත්. මොකද මං එපා කියනවයැ මෙහෙම දේකට... පොර කොහොම කොහොම හරි බොඩි බිල්ඩිනුත් කරනවා වගේ.

"යාාාා... මෝඩ කොල්ලා... පාර බලාගෙන යනවකො" යොන්ජුන් චෑන් ගේ ඉන වටා අත දාගෙන තාමත්... ඈතින් දුම් වලාවක් එක්ක වේගයෙන් කා පාක් එක දිහා ට යන කාර් එකට ඔරව ඔරව ඉන්නවා. මෙන්න ඊළඟ තත්පරේ චෑන් ව තල්ලු කරලා දාලා අපාට්මන්ට් එකේ පඩිපෙළ ත් නගිනව.

"එයා මට මෝඩ කොල්ලා කිව්වා... තව තව...බදා ගත්තා!!!" චෑන් ගේ මූණ රතු වෙලා කන් දෙකෙන් දුම් පිට වෙනවා දැනුනා මොනවහරි ස්පයිසි දෙයක් කැවිලා වගේ... "අනේව්... එයා හරිම ස්වීට්... මට මෝඩ කොල්ලා කියලත් කිව්වා" චෑන් එයා ගේ ඔළුව කසන ගමන් මෝඩ තාලෙට හිනා වුණා.

Rαín ín thє Sunshínє 🌈Where stories live. Discover now