ආයේ ජිමින් අතින් වරදක් වෙන්න මම ඉඩ නොදෙන බව ප්‍රින්සිපල් සර්ට පොරොන්දු වුන මන් ජිමින්වයි අනික් ලමයි දෙන්නවයි පන්තිවලට යවන්න අවසර ඉල්ල ගත්තා...

"යන් ක්ලාස් එකට..."

"මෙච්චර ඉක්මන්ට..."

ක්ලාස් එකක් අස්සේ ඇස් අතරමං කරන් හිටි ජිමිනි කටත් භාගෙට ඇරම් එහෙම අහද්දි මට පොඩි හිනාවක් ගියා...

"ඔය ලමයි දෙන්නත් ක්ලාස් එකට යන්න.."

බිම බලන් ඉන්න කොල්ලො දෙන්නට මන් එහෙම කිව්වමයි එයාලා ඔලුව ඉස්සුවේ..

එතකොටයි කලින් දවසක මන් එක්ක ලස්සනට හිනාවුන කොල්ලත් එතන ඉන්නවා කියලා මන් දැක්කේ..

"තෑන්ක් යූ සර්..."

හා හිනාවක් එක්ක එක කොල්ලෙක් කියද්දි ජිමින් හොබී කියලා කතාකල කොල්ලත් ලස්සන හිනාවකින් සංග්‍රහා කරලා ඉක්මනින් එයාලගේ ක්ලාස් වලට දිව්වා...

"අපි යන් දැන්..."

ආයෙම ක්ලාස් එකක් අස්සේ ඇස් අතරමං කරන් ඉන්න ජිමින්ට මන් කිව්වා..

"ශිට්..බලන්න සර් ඔයා මගෙයි ජිනීගෙයි අයි කන්ටැක් එක කඩලා දැම්මනේ...."

"දැන් මා එක්ක යන්න නාවොත් මන් ඔයගේ දත් සෙට් එකයි කඩලා දාන්නෙ.."

මන් තරවටු හඩින් එහෙම කියද්දි හයියෙන් හිනාවුන ජිමින් මගේ කම්මුලකට ඇගිල්ලෙන් අනලා,

"ඔහොම ජෙලස් උනොත් ඇති " කිව්වා..

අනේ මන්දා මේ කොල්ලට ඉන්නේ ස්කූල් එකේ,මන් එයාගේ ගුරුවරයා කියලවත් ගානක් නැති හැටී...

ඒ අවුරුද්දේ මාස තුන හතරක් යනකොට ජිමින් මට ගොඩක් ලං වුනා...

ඒ දගකාර කොලු පැටියට මේ වෙද්දි මන් මාර විදිහට ආදරේ කරන්න අරන් තිබුනා..

මාව වැරදියට තේරුන් ගන්න ඕනී නෑ..

මන් එයාට ආදරේ කරේ හුරතල්, දග, කටකාර, නිර්භීත,කියලා නිම කරන්න බැරි එකිනෙකට වෙනස් ගති ලක්ෂන නිසයි...

එයාගේ දඟකාරකම්,ඒ මැරකම් මාව අමුතුම ලෝකයකට ගෙනිහින් තිබුණා...

Vmin ff collection 💗Where stories live. Discover now