prologue

731 65 11
                                    

අදුරු මූසල අහස නුපුරුදු නොසන්සුන්කමක් වටපිටව ඔස්සේ විකාශනය කරනකොට කාළ වර්ණ මෝටර් රථය ඉදිරියට ඇදෙමින් පටු පාරට හැරෙව්වේ හෙණ පුපුරමින් විදුලි එලිඑක්ක හරි හරියට රණ්ඩු වෙමින් අහසින් වැටෙන වැහිබින්දු එකදෙක ගැන කිසිම පකිලීමක් නොකරමින්,

තාත්තේ....අපි කෝද යන්නේ

මෝටර් රියේ ඇතුලේ ගුප්ත බවයි නිහඩ බවයි ගැන අමතක කරලා දාපු පුන්චි එකා තමන්ගේ තාත්තගේ අතේ එල්ලුනේ බෝලෙට තියෙන පුන්චි ඇස් තව බෝල කරගෙන

පුතා සතුටුවෙයි යන තැන දැක්කම....පුන්චි කොල්ලගේ තාත්තා කොල්ලගේ මුරණ්ඩු කොන්ඩේ අවුල් කරනකොට ආපහු තමන්ගේ කොණ්ඩේ කලින් විදිහටම හදාගත්ත අහිංසකයා තාත්තා දිහා බැලුවේ ඇස් ලුකූ සයිස් කරගෙන

පුන්චි එකා දන්නවනම් අම්මා බලන්න යන්නේ කියලා මෙතන පිස්සු නටයි

තාත්තගේ යටිසිතේ අරමුණු ඒ බෝල ඇස් වලින් තියුනු සීතල ඇස් හරහා සන්සන්දනය වෙනකොට පුන්චි එකා රහසෙන්ම හිනා උනා,

හුහ්!! හිතුවා මදි මේ ආයු බබූ රවට්ටන්න!!

කපටි පාටට හිනාවෙවී පුන්චි කකුල් අස්සේ මූන ඔබන් හිටිය කොල්ලා ඉස්සරහා එල්ලලා තියෙන දේදුනුපාය ව්‍යාපාරයේ ලාංජනය උන කලු සුදු පාට එකතු උන පෙති හතරේ කොලේ දිහා බලන් ලාවට ඇස් පියාගත්තා,

අහසින් වැටෙන වැහිබින්දු එක්ක චුරුචුරු සද්දෙට කාන්තිමත් හිනාවකින් පිරවුන බෝල කම්මුල් ඒ ස්කාලට් පාට පිරුනු තොල් එක්ක තරගෙට තව තව ලා රෝස පැහැයක් අරන් සීතල අස්සේ රෝසපාට උන පුන්චි කොල්ලගේ බෝල ඇගිලි දිහා බලන් ලාවට හිනා උනේ අම්මා බලන්න යන සතුටට

අම්මා ආයුට අම්මා මිස් වෙනවා අම්මා!

හිතෙන් විතරක් හිතන් වදන් ගොලු කරපු පුන්චි එකා අදුරු හීන පස්සේ දුවමින් සෙල්ලම් කරන උඩුහිතට චෝදනා කරගත්තේ තමන්ගේ පරණ මතක අවුස්සලා තවත් ඒ පුන්චි හිතට රිදවීමක් නම් ඕනි නෑ කියන්න

අහසේ දහසක් තරු අස්සේ ලෝකෙම ආරක්ශා කරන්න ඉපදුන වීනස් තරුවට ප්‍රේ කරන පුන්චි එකා ඒ අහසේ තියෙන හැම තරුවක් දිහාම බලන් හරි අහිංසක විදිහට හිනා උනා,

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now