" මන් හිතනවා මල්ලිට තවත් හේතු ඕන නැති වෙයි කියලා "

වාහනේ ඩ්‍රයිව් කරන ගමන් පිටිපස්ස බලන කන්නාඩියෙන් මන් දිහා බලන ගමන් කිව්වා..

"ඔව් ආරූ..අඩුම තරමේ අපේ එක්සෑම් එක ඉවර වෙනකන් වත් එහෙ යමු "

මදි පාඩුවට චේතනත් එකතු වෙනකොට මන් ජනේලෙන් එලියේ වේගෙන් පහු වෙලා යන ගස් දිහා බලා ගත්තා...

මාස තුනක් අප්පච්චි නැති වෙලා මාස තුනක් වෙන්නත් එනවා මගෙ උපන්දිනේට හරියටම සතියකට පස්සෙ අපෙ අප්පච්චි අපිට නැති උනේ බීමත් රියදුරෙක් ගෙ නොසැලකිලි මත් කම හින්දා ...

එතනින් පස්සෙ මටයි මගෙ මල්ලිටයි කියලා ඉතුරු උනේ මගේ යාලුවා වෙච්ච චේතන විතරයි..චේතන හින්දමද මන්දා නෑදෑයෙක් වත් නැති අපි දෙන්නට නෑදෑයො වෙලා උදව් ඕන හැම වෙලේකම උදව්වට හිටියේ ශෙනාල් සර් එක්ක ශේශාන් සර් ..

මල්ලි .. මගේ විබාගෙ ගෙදර වියදම් මේ හැමදේම මගේ කර උඩ අප්පච්චි කොහොම මෙච්චර බරක් ගෙනිච්චද කියන්න මට හිතා ගන්න බෑ..

මගේ කර උඩ තිබ්බත් මේ දේවල් බැලන්ස් කර ගන්න මට තේරෙන්නෙත් නෑ..ඒකට හොදම උදා හරනේ අප්පච්චි නැති වෙලා මාස තුනක් යනකොටම සුද්දගෙ ලකුනු මට පෙන්නලා දුන්නා...

ඒ දවස් වල ඉදලම ශෙනාල් සර් ලගෙ ගෙදර ඇවිත් නතර වෙන්න ගෙදර තනියම ඉන්න එපා කියලා අපි තුන් දෙනාට කිව්වත් ගෙදරින් කොහෙවත් යන්න මගේ තියන අකමැත්ත නිසාම අනිත් දෙන්නත් නිහඩවම හිටියා..

මට තිබුනේ ලෝබ කමක් ..අප්පච්චිගෙ සුවද අප්පච්චි ගෙ මතක පිරුන ඒ ගෙදරින් එක දවසකට වත් ඈත් වෙලා ඉන්න මට හිත දුන්නෙ නෑ ...අනික තමන්ගෙ තැනක නොකා නොබී හරි හිතේ  සැනසීමෙ වැටිලා ඉන්න පුලුවන් ...ඒත් දැන් දැන් හිතෙනවා ශෙනාල් ආර් කියන්නත් වගේ එක්සෑම් එක ඉවර වෙනකන් වත් යන්න .. මාස තුනකින් එක්සෑම් ..ඒ කාලෙම වගේ සුද්දගෙ ලාස්ට් ටර්ම් ටෙස්ට් එකත් සෙට් වෙනවා..එතකොට එක්කො මගෙ එක්සෑම් එක නැත්තම් උගෙ එක්සෑම් එක ..සෙනාල් සර් නම් කියන්නෙ සර්ට පුලුවන් සුද්දව බලාගන්න අපිට එක්සෑම් එකට ලෑස්ති වෙන්න කියලා..මන් දන්නෙ නෑ ...වෙලාවකට හිතයි එක්සෑමුත් දමලා ගහල ආයෙම ක්ලබ් එකට ගිහින් වැඩ කරන්න ..තාත්තා ඉතුරු කරපු සල්ලි වලින් කියලත් තව මාස කීයක් කියලා ජීවත් වෙන්නද ..මට තේරෙන්නෙ නෑ දෙයියනේ ...

ඒක දිග කතාවක් Where stories live. Discover now