විසි අටවන දිගහැරුම

426 37 4
                                    

මඟ බලමින් 👀

විසි අටවන දිගහැරුම

ඇයගේ හද පිරුනේ කෙදිනකවත් නැති ආඩම්බරයකින්...ඔවුන් තිදෙනාගේම ආදරය රැකවරණය ඇය සතු එකම අවිය වෙද්දී ඇය ආපසු හැරී බැලුවේ ඇගේ පිටු පසින් සිටිනා සෞර මෙන්ම විර්දේව් දෙස...

" මොකද තමුසේ බය වෙලාද රපුන්සල්???? තමුසේ මට විතරක් බය වුනාම ඇති…..එක එක සිපයියන්ට බය වෙන්න ඕනේ නෑ…."

සෞර තරවටු ස්වරයකින් පැවසුවත් ඇයට පෙර මෙන් සෞර පිළිබඳව හිත් කොනකවත් බියක් ලියවී තිබුනේ නැත...ඇය ඔහුට දෑස් හීනි කර රවා බලද්දී විර්දේව් හඬ අවදි කලේ ඇයට හුරු පුරුදු ලෙන්ගතු ස්වරයෙන්….

" මේ බූරුවාටත් බය වෙන්න එපා බනී….පිස්සෙක් මූත් සුදු අයියා වගේම..අරිෂස්කාරයෝ...ෂික් විතරක්…..මන් වගේ නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්න රපුන්සල්…ආදරෙයිනේ පණටත් වඩා....."

සධිල් මෙන්ම සෞර විර්දේව් දෙසට කෝපාන්විත බැල්මක් එල්ල කලේ ඔහු එය නොදැක්කා සේ උඩ බිම බලද්දී….ආහේලි පිටතට පනින්න දගලනා සිනහව මුව තුලම අගුළුලා ගත්තා විර්දේව්ගේ වදන් ගැන හොඳින්ම දන්නා හෙයින්….

තුන් සොහොයුරන්ගේ වදන් ඇගේ දෑස් සතුටු කඳුලින් පොගවන්න සමත් වුනත් ආයාසයෙන් ඒ කඳුළු දෑස් වලම සඟවා ගත්තේ මේ වගේ සුභ වේලාවක කඳුළු අනවශ්‍ය නිසා….

සධිල්ගේ දෑතින් ප්‍රධාන දොරටුව හරහා බැඳි රතු පැහැ රිබන් පටිය කැපෙද්දී නිල වශයෙන් නව ශාඛාව විවෘත කිරීමේ නිවේදනය සෞර විසින් නිකුත් කලේ පැමිණි සියළු දෙනාගේම අත්පොලසන් මැද..

සධිල් පැමිණි සිටි ආරාධිත අමුත්තන් මෙන්ම සේවක මඩුල්ල අමතා කතාවක් පවත්වද්දී ආහේලිගේ දෑස් නම් තිබුනේ ඒ කඩවසම් ගාම්භීර පිරිමි රුව වෙතයි..ඒ වතින් දෑස් වෙනතකට ගත නොහැකිව ඇය දැහැනකට සම වැදී මෙන් ඔහු දෙසම බලා සිටියා ඇසි පිය පවා නොසලාම…

" උදේට කෑවේ නැද්ද බනී……"

සෞර ඇය වෙතට පැමිණ විමසුවේ ඇගේ අනෙක් පස සිටිනා විර්දේව්ටත් ඇසක් වසා ඉගි කරමින්...

" කෑවා…….."

" බඩගිනීද????"

" නෑ ඇයි????ඔයාට බඩගිනීද ????"

මඟ බලමින් 👀Tempat cerita menjadi hidup. Temukan sekarang