තිස්වන දිගහැරුම 👀

413 31 1
                                    

මඟ බලමින් 👀

තිස්වන දිගහැරුම

ඇගේ වදන් ඔහුගේ මුවින් වැසී ගියේ ඇසිල්ලකින්...ඒ දෙතොල් ඇයට රිදෙන තරම් දැඬිව සිපගත් සධිල් ඇගේ දෙතොලින් සිය දෙතොල් මුදා ගත්තේ ඔහුගේ දුරකථන නාද වූ නිසයි..ආ නොරිස්සුමෙන්ම දුරකථනය අතට ගත් සධිල් දුරකථය දෙසවත් නොබලා ඇමතුම හා සම්බන්ධ වෙමින් ඇගේ දෙකොපුල් සිප ගත්තා ඇගේ දෑස් තවමත් වැසී තිබෙද්දී....

" සුදු අයියේ දැන් බනී එක්ක රූම් එක අස්සට රිංගලා පැය කාලකටත් වැඩී....අම්මි ආවොත් නම් සතියක් ඇදේ ඉන්න පුළුවන්....මට නම් තව ගාර්ඩ් කරන්න බෑ ආහ්......"

සධිල් යමක් පවසන්න මත්තෙන් විර්දේව් ඇමතුම අවසන් කලේ මුවින් පිටතට පනින්න දගලනා සිනහව ගිලගෙන.....

" පැටික්කීහ්......රිද්දුවා නේද අප්පත්තී..........."

ඇගේ දෑත් නිදහස් කල සධිල් ඇයව සිය තුරුලට ගත්තේ ඇගේ හිස් මුදුන සිප ගනිමින්..ඇය නැහැ කියන්න හිස දෙපසට වනමින් ඒ තුරුලට තවත් ගුලි වුනේ ඒ උණුසුම නැතිව ඒ මුහුණ නොදැක ඇය ගත කල දින තුන කල්පයක් මෙන් දැනෙද්දී....

" යමු දෝණී.....අම්මියි තාත්තී නම් ඔයාව දන්නවා...ඒත් ඉතින් ඔෆීෂියලි ඉන්ට්‍රොඩියුස් කරන්න එපැයි....."

සධිල් ඇසක් වසා පවසමින් ඇයත් සමඟ කාමරයෙන් පිටව ගියේ ඔහුගේ මව සොයගෙනයි...

" අම්මී දිස් ඊස් මයි පැටික්කී....පැටික්කි දිස් ඊස් මයි අම්මී....."

ඔහු සිය මවට ආහේලිව හඳුන්වා දෙද්දී ධීරවර්ධන මහත්මිය ආහේලිව තුරුළු කර ගත්තේ ඇයට ආහේලිව සිය දියණියක මෙන් දැනෙද්දී...ධීරවර්ධන මහත්මිය ආහේලිගේ නලලත සිප ගත්තේ දැඬි සෙනෙහසින්....

" දෝණීව චූටි කාලේ දැක්කට පස්සේ ෆොටෝ වලින් දැක්කට අදනේ ඇස් දෙකට දැක්කේ.....රපුන්සල් කෙනෙක්ම තමා...මදුයි චූටිගෙයි කෙටේම තියෙන්නේ දෝණිගේ කොණ්ඩේ ගැන....."

ඇගේ මුහුණම අත ගාමින් ධීරවර්ධන මහත්මිය පවසන්නේ ඇස් කෙවිනි අග රැදි කඳුළු බිදු පිටි අත්ලෙන් පිසගෙන....

" අම්මිටම සෙට් වෙනවා පැටික්කිත්...දෙන්නටම අඬ අඬ ඉන්න පුළුවන්නේ......"

මඟ බලමින් 👀Where stories live. Discover now