දාහත්වන දිගහැරුම 👀

506 32 0
                                    

මඟ බලමින් 👀 

දාහත්වන දිගහැරුම 

ඇගේ උඩු තොල මතට වායු සමීක්ෂණ කරන ලද කාමරයක සිටියත් දාබිදු වැටී ඇති බව ඇයව හොදින් නීරීක්ෂනය කල සධිල්ට දැනුනේ ඇසිපිය හෙලන පවාමවට…

" මදූවමද ඕනේ ආ????පැටික්කි..."

ඔවු පවසන්නේ පපුව හරහා දෑත් බැදගනිමින්…ඇය අහිබැමි සිහින් කරමින් දෙතොල් මුව තුල සඟවා ගෙන හිස දෙපසට වනද්දී ඔහුගේ කොපුල් යලිත් වල ගැසුනේ ඇය කිව් කතාව වැටහී වුනත්,

" බබා ඔය ලැන්ජ්වේජ් එක නම් මගෙත් එක්ක ඉද්දි යූස් කරන්න බෑ...වචන විතරයි මට ඕනේ….ගොට් ඉට් (තේරුනාද??)"

" ත්...තේරුණා……"

ඇය සිය උඩට පහලට කරමින් පැවසුවේ ඔහුගේ සිනහව යලිත් ඒ මුව මත ඇදෙද්දී...

" ඔයා ඕක බොන්නකෝ….මන් ෆිෆ්ටීන් මිනිට්ස් වගේ වෙද්දී එනවා….කම්පැනි එක වටේ එක්කගෙන යන්නම්..කන්න මොනවා හරි ඕනෙද පැටික්කිට????"

" එපා අප්පත්ති….දේව් අයියා දුන්නා…."

ඇගේ උකුල මත තිබුනු කෑම පෙට්ටිය පෙන්වමින් ඇය පවසද්දී ඔහු කලිසම් සාක්කු වල දෑත් හුවා ගෙන කැබින් එකෙන් පිටත් වුනේ කිසිත් නොපවසා…

ඔහු ගිය පසු ඇයට දැනුනේ අලසකමක් වගේම තනිකමක්...ඇය තේකත් පානය කරමින් සධිල්ගේ කාර්‍යාල කාමරය පුරාම ඇවිදින්න ගත්තා…

ඔහුගේ කාර්‍යාල කාමරයෙත් පොත් රාක්කයක් තිබෙනු දුටු ඇයට ඇති වුනේ ඉහවහා ගිය සතුටත්...පොත් වලටම පෙම් කල ඇයට දැනුනේ මහා නිධානයක් ලැබුනාක් මෙන් හැඟීමක්…

පහත තට්ටුව වල තිබුනේ ඉංග්‍රීසි පුස්තක පමණක් වෙද්දී ඇයට පුටුවක් මතට හෝ නැග පොතක් ගැනීමට බියවුනේ ඔහුගේ වදන් තවමත් දෙසවන් වල දෝන්කාර දෙද්දී…

" ඇත්තමට මගේ චූටි කකුල් දෙක කඩයිද??? රිස්ක් එකක් ගන්නත් බෑ...කිව්වොත් කිව්වනේ…"

ඇය ඇගිල්ලක් මුව තුල දමා ගෙන කල්පනා කලේ පොත ගැනීමට මාර්ගයක්...ඒත් සමඟම මේන්‍යා සමඟ කාර්‍යාල කාමරයට සෞර පිවිසියේ ඇගේ මුහුණ සිනහවකින් වගේම ඒ හා සමාන බියකින් වෙලී යද්දී…

මඟ බලමින් 👀Onde histórias criam vida. Descubra agora