මඟ බලමින් 👀
පහළොස්වන දිගහැරුම
" සුදු අයියේහ්……."
විර්දේව් කාමරයට ඇතුල් නොවී කතා කරද්දී ආහේලි තවත් විලියෙන් රතු වුනා..
" දෙන්නම ඇතුලට එ , නවා……"
විර්දේව් පමණක් සිටිද්දී ඔහු දෑත් කලිසම් සාක්කුවේ හුවා ගෙන විර්දේව් වෙත හෙළුවේ නොරිස්සුම් බැල්මක්…
" චූටිවත් එක්කගෙනනේ මන් එන්න කිව්වේ??????"
" තාම නිදි සුදු අයියේ……"
විර්දේව් ඇසෙන නෑසේන ගානට පැවසූ විට ආහේලිත් මදක් බිය වුනා විර්දේව් පවා ඔහුට බියක් දක්වද්දී…
" මනුස්සයෝ මන් කිව්වේ චූටිවත් එක්කගෙන එන්න කියලා නේද ??? බල , නවා දැන් වෙලාව කීයද කියලා...අටටත් ලඟයි….මහ ලොකුවට ඇටෙන් පොත්තෙන් එද්දී කසාදේ කරගත්තා...පැය දෙක තුනක් නිදි මරන්න බෑ….නිදි බැරි ඕන එකක්...තව ෆයිව් මිනිට්ස් වෙද්දී චූටි මෙතන ඉන්න ඕනේ...දැට්ස් ඉට්….(එච්චරයි….)"
විර්දේව් හිස සලා කාමරයෙන් පිට වෙන්න හැදුවත් ඔහු විර්දේව්ගේ මඟ අසුරා,
" මදූ කෝ තමුන්ගේ කොච්චර වත් කියවන කට???ආය කියන්න තියන්න එපා...ගොට් ඉට් ( තේරුණාද????)"
ආහේලිට මැවී පෙනුනේ සෞරව...ඒ නපුරකම වගේම විර්දේව්ගේ ආදරණීය ලෙන්ගතු බව ඔහුට අඩුවක් නැතිවම තිබුනා…
" තේරුණා සුදු අයියේ….."
විර්දේව් ආහේලිටත් කට ඇද කර කාමරයෙන් පිටව යද්දී ඇයත් විර්දේව් පසු පසම යන්න හැඳුවත් ඊට පෙර ඔහු ආහේලිගේ අත අල්ලා ගත්තේ ඇයට අඩි දෙකක් වත් ඇවිද යාමට නොහැකි වෙද්දී…
" කොහෙද යන්නේහ් ආ?????"
" දේව් අ...අ...යියාහ් ලඟට……"
" ගියාට වැඩක් නෑ එයා තව ෆෝර් මිනිට්ස් ( විනාඩි හතරෙන්) වලින් මෙතෙන්ට එනවා….ඒක හින්දා සිට් ඩවුන් ( ඉද ගන්න..)"
ඔහු අත බැදි ඔරලෝසුවෙන් වෙලාව බලමින් ඇයට පෙන්වූයේ පෙර විර්දේව් හිදගත් පුටුවයි…
" අයි වෝන්ට් ටු ක්නෝ සම්තින්ග් පැටික්කි…( මට දෙයක් දැනගන්න ඕනේ..)"
YOU ARE READING
මඟ බලමින් 👀
Romance" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරියේ නතර කරද්දී ආහේලිත් මුද්‍රණාලයේ අයිතිකරුත් ප්‍රධාන පිවිසුම දෙස දෑස් දල්වාගෙන බලා සිටියේ ඒ දුහුවිලි...