හත්වන දිගහැරුම 👀

444 34 2
                                    

මඟ බලමින් 👀 

හත්වන දිගහැරුම

" ස...ස…..සෞර……….."

ඇය ඔහුව මෙතෙනදී කිසිසේත්ම අපේක්ෂා කලේ නැත..ඔහුට අනෙක් පසින් සිනා මුසු මුහුණින් ඇය දෙසම බලා සිටිනා අබීශා දකිනවාත් සමඟම ඇගේ මුහුණ මැලවුනේ කෙතරම් සෞරව අමතක කර යථාර්ථයට මුහුණ දෙන්න හැදුවත් තවමත් ඇයට සෞරව තම හිතෙන් සහමුලින්ම අතුගා දමන්න නොහැකි වූ නිසයි…

ආහේලි තවමත් විවර වූ මුවින් ඔහුගේ කඩවසම් සිරුර දෙසෙම බලාගෙන සිටියා...සුදු ෆිට් ඇන්ඩ් ස්ලිම් අත් දිග ෂර්ට් එකට කළු පැහැ නෙක් ටයි එකක් පැලද කළු පැහැ දිගු කලිසමක් හැද සිල්වර් පැහැ අත් ඔරලෝසුවක් දමා සිටි ඔහුගේ දෑස් වලම ඇගේ දෑස් අතරමන් වුනා මොහොතක්...

" ක්ලෝස් යුවර් මවුත්... ( කට වහ ගන්නවාහ්….."

ඔහු අසාමාන්‍ය කේන්තියකින් පවසද්දී ඇයටත් නොදැනීම ඇගේ දෑස් වලින් කදුළු ගලන්න ගත්තේ ඇසිල්ලකින්…

" නවත්තග , න්නවාහ් ඇඬිල්ල….මෙතනත් පටන් ගත්තද හොටු පෙරන්න……."

ඔහු නැවතත් තරවටු හඬින් පවසද්දී කොපුල් දිගේ රූරා වැටුනු කඳුළු දෑතින්ම පිස ගෙන බිම් බලාගත්තා…

" ලුක් ඇට් මී….( මන් දිහා බලනවාහ්…."

ඇගේ අතින් පිට පිටම තමා ඇයට නොකිරීම අණ කල වැරදි සිදු වෙද්දී සෞර නම් සිටියේ ඉවසිය නොහැකි කෝපයකින්…

" තමුසේ මොකද මේ ජෝඩුවත් එක්ක මෙතන කරන්නේ?????"

ඒ ගිනිගෙන දැවෙන දෑස් ආහේලි වෙතම එල්ල වෙද්දී,

" සෞර…….."

ආහේලි දුටුවාත් ඔවුන් ඉදිරියට එන මාහිර්වව,සෞර ඔහුට පිටුපා සිටි නිසා ඔහුව දුටුවේ නැත…

 " මාහියෝ...දැන්ද එන්නෙ????".

මාහීර්ව ආහේලිට වගේ ඇගේ මිතුරියන් දෙදෙනාටද සිනහවකින් සංග්‍රහ කර ආපසු හැරුනේ සෞර දෙසට...

" හ්ම්...යන්ද ????ටූ ලෙට් සෞරයෝ…."

" ලෙට්ස් ගෝ…( අපි යමු…).අබීශා???"

අබීශා මෙතෙක් වේලා ඇය අත තිබූ ඔහුගේ කළු පැහැ කෝට් එක ඔහුට පැලදවන දෙස ආහේලි බලා සිටියේ දරා ගත නොහැකි වේදනාවකින්...ඇයට දැනුනේ තමාට හිමි විය යුතු වස්තුවක් තවකෙකු ඇගෙන් පැහැර ගත්තා බදු හැඟීමක්...

මඟ බලමින් 👀Where stories live. Discover now