සිව්වන දිගහැරුම 👀

533 44 3
                                    

මඟ බලමින් 👀

සිව්වන දිගහැරුම

ආහේලිට කෑගැස්සුනේ යේනු අනවශ්‍ය කතාවක් පටන් ගත් නිසයි..

" හරි හරී......ඉබ්බා දාගත්තා....මේ අයියා අපි ගොහින් එන්නම් ඈ..නැත්තම් අද කාගන්නත් බැරි වෙනවා...කාලය රන් හා සමානයි කියනවනේ...."

" කැමති නම් මන් ඩ්‍රොප් කරන්නම්...කොහොමත් ඔෆිස් එකට යන එකනේ...."

විර්දේව් කියපු පමාවට යේනුත් නමිනිත් පිටුපස අසුනට ගොඩ වුනත් ආහේලි සිටියේ පාරේ සිටගෙන...

" උඹ මොකද කරන්නේ..උස යනකම්ද හිටගෙන ඉන්නේ..නැගපන්...බුලත් දෙන්න එකෙක් නෑ...."

යෙනූ පැවසුවත් නොදන්නා තරුණයෙකුගේ වාහනයකට නැගීමට ඇයට සිත දුන්නේ නැත...

" ඒත් යේනූ....."

" ඒත් නෙමෙයි හේලි නැගපන්.....මේ අයියා උඹව උස්සන්නේ නෑ...මේ රටේ වෙන කෙල්ලෝ නැතුව නෙමෙයි....."

ඇය සමග තර්ක කර පලක් නැති වෙද්දී ආහේලි පැසෙන්ජර් අසුනට ගොඩ වුනේ පිටුපස සිට ඇයට විරිත්තනා ඇගේ අතිජාති මිතුරියන් දෙදෙනා දෙසත් බලමින්...

" ගෝර්ජස් ෂීට් බෙල්ට්...."

විර්දේව් ඇය දෙසට හැරී දෑස් වලින් පෙන්වූයේ ෂීට් බෙල්ට් එකයි...ෂීට් බෙල්ට් එක දමා ගත් ආහේලි හරි යැයි පැවසීමට හිසින් සන් කරද්දී ඔහු එන්ජිම පණ ගන්වනවාත් සමගම ඔහුට ඇමතුමක් ආවා...

තනි අතින් සුක්කානම කරකමින් වාහනය පාරට ගත් ඔහු අනෙක් අතින් බ්ලූටූත් හැන්ඩ්ස් ෆ්‍රී යුගල කනෙහි රදවා ගත්තේ ආහේලි දෙසත් ඇස් කොනකින් බලමින්...ඇය නම් වීදුරුවෙන් එපිට බලා සිටියේ ඇගේ පියා මේ ගැන දන්නවා නම් ඇයට හොද හැටි බැනුම් ඇසීමට සිදුවන නිසයි..

" හායි... ගුඩ් මෝර්නින් ප්‍රින්සස්...."

" නෝ නෝ....අයිම් ඔන් ද වේ...( නෑ.. නෑ...මන් එන ගමන්....)

" බායි..."

ආහේලි ඔහු දෙසම බලා සිටියා...ඇමතුම හා සම්බන්ධ වුනේ කවුද කියන්න ඇය නොදන්නා නමුත් ඔහුගේ කතා විසාලයෙන් ඇයට වැටහුනා ඔහු කතා කරන්නේ කාන්තාවක් හෝ තරුණියක් සමග බව...

මඟ බලමින් 👀Where stories live. Discover now