විසි හත්වන දිගහැරුම 👀

418 31 5
                                    

මඟ බලමින් 👀

විසි හත්වන දිගහැරුම

ඒ හඬින් ආහේලිගේ මුළු වතම තිගැස්සී ගියත් ඇය වෙනසක් නොපෙන්වාම ඒ දෙතොලින් මෑත්ව ඒ ගෙල වටා බැඳි දෑත් සධිල්ගේ පපුව මතින් පහලට රූරා ගෙන විත් ඔහුගේ බඳ වටා යවමින් ඒ පපුවට තුරුළු වුනේ ඔවුන් දෙදෙනා දෙසම ඇසි පිය නොහෙලා බලා සිටිනා යුවතිය දෙසත් ඇස් කොනකින් බලමින්...

ඇගේ කොපුල මත තිබූ ඔහුගේ අත නිදහස්ව ඒ අතත් ඇගේ බඳ වටා එතුනේ ඇගේ තිගැස්ම ඔහුටත් හොදාකාරවම දැනී..ඇගේ සුසුමක හෝ වෙනසක් හොඳින්ම හඳුනනා සධිල්ට ඇය සිතනා පතනා ආකාරය වුවත් හඳුනා ගැනීමට යන්නේ තප්පරයකටත් වඩා අඩු කාලයක්….

ඇය තවත් සිය පපුවට තුරුළු කරගත් සධිල් ඇගේ හිස් මුදුන සිප ගද්දී ඇය මදක් සන්සුන් වෙනවා ඔහුට තේරුණෙන් ඔහු ඒ හිස් මුදුනෙන් දෙතොල් මෑත් කර පැමිණ සිටි යුවතිය දෙස බැලුවේ ඇගේ ඇමතුමට ඔහු තවමත් පිළිතුරක් නොදුන් නිසාවෙන්...ආහේලි නම් ඒ පපුවේ හිස හංඟා ගත් වනම සිටියේ ඇය දෙස බැලීමට තරම් සිතක් ඇය තුල නැති වෙද්දී…

" ගුඩ් මෝර්නින් තේජනා…….."

" ගුඩ් මෝර්නින් සධිල්……….උදේම වැඩ අල්ලලා වගේ නේද??????"

ඇය සමච්චලයට මෙන් පවසද්දී සධිල් බුර බුරා නැගෙනා කේන්තිය පාලනය කර ගත්තේ මහත් වෑයමක් දරමින්..ඔහු ඇයට පිළිතුරු නොදී සෞරට අමතන්න සිතා හඬින් කෑගසන්න හැදුවත් පොඩි ශබ්දයටත් ආහේලි කලබල වෙන බව දන්නා නිසාම ඇගේ බද වටා බැදුනු අතක් ඇගේ කොපුලක් මතින් තබා ඒ කොපුල මහපට ඇඟිල්ලෙන් මෘදුව පිරිමදිමින් සධිල්,

" චූටිහ්………………….."

කෝපය හා අණ කිරීම එක සේ ඒ හඬෙහි ගැබ් වෙද්දී සෞර මුලුතැන්ගෙට ඉක්මන් ගමනින් පැමිණියේ කුමක් හෝ සිදුව ඇති බව වැටහී….

සෞරට සධිල්ගේ කැඳවීම පවා අමතකව ඔහුගේ මුවත් බාගෙට විවර වුනේ සධිල්ට තුරුළුව සිටිනා ආහේලිව නෙත ගැටෙද්දී...ඔහු දෙසටම යොමුව තියෙනා සධිල්ගේ තියුණු දෑසේ ඇති තරවටු බැල්මෙන් පියවි සිහියට ආ සෞර,

" සුදායියේහ්…………"

" මිස් තේජනාව ලිවින් රූම් එකට එක්කගෙන යනවා චූටිහ්………."

මඟ බලමින් 👀Where stories live. Discover now