මන් පොඩි හිනාවක් දාලා ඉද ගත්තා..

"සීතලයි ද "

නෑ හරි රස්නෙයි ..මගේ හිත හරහටමයි ..ඇයි අප්පා ඉතින් සීතලයි තමයි නේ ..දැන දැත් අහන්නෙ !! සෙද්ද !!

"ටිකක් "

" එන්න උඩට "

වචන දෙකක් මුමුණලා උඩට යන ඩබේ පස්සෙ යන්න මන් හැරුනත් එතනම නතර උනේ කිචන් එකෙන් එලියට දික් වෙලා තියන ඔලු ටික දැකලා ..

මේ මොකත මේ ..

උඩින්ම චේතගෙ ඔලුව .. ඌ මා දිහා බලලා දත් තිස් දෙකම එලියට දැම්මා ..මන් ඌට රවලා ඊට යටින් ඔලුව දික් කරන් උන්න හිච්චි අයියන්ඩි දිහා ..ඒකත් අරකට නොදෙවෙනි වෙන්න දත් ටික එලියට දැම්මා..

" මේ අපි අහන්න හැදුවෙ..මල්ලිට කන්න මොනා හරි දෙන්නද කියලා "

"එපා "

මන් ඒ විකාර කාරයො දෙන්නට දෙකක් රවලා උඩට ආවා..

පඩිපෙල නැගගෙන උඩට  එනකොටම කාමරෙන් ඩබේ එලියට ආව්වෙ ස්වෙටර් එකකුත් අරගෙන ..මන් දිහාවට බැල්මක් දීලා එයා ගියෙ ඉස්සරහට නිසා මාත් ඒ පස්සෙන්ම වැටුනා ..

Wtf maaan !!

එතන ලස්සනයී..

" මේක දා ගන්න "

මගෙ අතෙ තිබුන කෝපි කෝප්පෙ අරගෙන එයා අතේ තිබුන ස්වෙටර් එක මට දුන්නෙ මන් වටපිටාව බලනකොට ...

පහල තිබුන ජනේලෙටත් වඩා ලොකු ජනේලයක් ඉස්සරහා පිස්සු හැදෙන තරම් පොත් ගොඩක් එක්ක හෙන කම්පටබල් කියලා හිතෙන කවුච් එකක් ..කෙටියෙන්ම පොත් පිස්සෙක් නොවුන මටත් පිස්සු හැදුනා ඒ තැන දැකලා.. ඇත්තම එතන පට්ට ...පට්ටම පට්ට ...

"ඉද ගන්න "

මන් වාඩි වෙලා කෝපි කෝප්පෙ බොන්න ගත්තා..

අපි අතර තිබුනෙ නිශ්ශබ්ද තාවක් ..ඩබේ වගේම මාත් හිටියෙ එලියෙ වැටෙන වැස්ස දිහා බලාගෙන ..

" කෝ බබා " අන්තිමට මන් නිශ්ශබ්ද තාවය බිදලා දැම්මා..

මන් මෙහෙට ආපු වෙලෙ ඉදලා පොඩි එකීව දැක්කෙ නැති නිසයි අහන්න වෙන දෙයක් කල්පනා නොවුන නිසයි මන් ඇහුවා..

" අපෙ අක්කා  ළග "

"ම්ම්"

එතකොට අක්කද දන්නෙ නෑනේ බබාගෙ අම්මා..නෑ එහෙම උනා නම් හැබැයි කියනවනෙ බබගේ අම්මා ලග කියලා..කා ලග් උනත් එකඅතකට මට මොකද ..

" එයාගෙ අම්මා නැති උනේ එයා ඉපදෙනකොටමයි .." මන් දිහාම බලාගෙන ඩබේ කිව්වෙ හරියට මගේ හිත කියෙව්වා වගේ..

හ්ම්ම්...ඒක ගොඩක් අමාරුයි..අම්මා කෙනෙක් නැතුව දරුවෙක් හදන එක ..දරුවෙක්ට හැදෙන එක් ගොඩාක් අමාරුයි ..මන් කියන්නෙ නෑ අප්පච්චි කෙනෙක්ට දරුවෙක් හදාවඩා ගන්න රැක බලාගන්න උස්මහත් කරන්න බැහැයි කියලා ..මොකද මගෙ අප්පච්චි තමයි මාවයි සුද්දවයි මේ තාක් ගෙනාවේ..හැබැයි ඒක හරිම කටුකයි..සමහරක් අවස්තා එනවා..අම්මගෙ හිස්තැන අප්පච්චි ට සම්පූර්ණ කරන්න බැරි වෙන ..ඒ වෙලාවට අප්පච්චි ත් අසරණයි දරුවත් අසරණයි ..එහෙම එකේ මේ චූටි කෙල්ලෙක්ව සර් කොහොම තනියම ඉස්සරහට ගෙනියයිද කියලා මට හිතා ගන්න බෑ ..

එක්කො මන් නම් කියන්නෙ සර්ට තව කල් නොයිද ආයෙ කසාදයක් බැද ගන්න ..මොකද මහ ලොකු වයසක් නෑනේ..

මන් කියන මගුල් මූ ඇහුවොත් බැරි යෑ..එදාට ඉර අනිත් පැත්තෙන් පායයි !!

එක ළමයයි අයියෝ ..කමෙන්ටුවක් වත් දැම්මෙ කමක් නෑ ..ඒ ලමයට ආදරෙයි..තැන්කූ බලම් හිටයට..🖤

උබර්ලා නම් මහා සොම්බි ටිකක් බම්බලා..මෙච්චර කල් මගේ රීඩක ජනතාවට නමක් තිබ්බෙ නෑනේ..අද ඉදලා උබර්ලා සොම්බී ..එච්චරයි ..

මන් යනවා ..මේ දවස් වල මොලේ කචල් වෙලා ඉන්නේ..අදහස් එන්නෙත් නෑ..එහෙම උනාම ඉස්සරාට වෙන්න තියෙන දේවල් ටිකත් හරිතැනට සෙට් කර ගන්නත් බෑ අප්පා..

පොල් ගෙඩියක් වත් ගහපල්ලා සොම්බි පැටව්නේ ...

මන් යනවා !! ඔහේලා එක්ක මන් තරහයි ..😒

ඒක දිග කතාවක් Where stories live. Discover now