#තිස්වන_පිටුව 💞

Start from the beginning
                                    

"ඔය පොත ඔයාට දුන්න එක.."

"මට කියපන් මල්ලි. අයිය ඇයි හොස්පිටල් ඉන්නෙ.. මට අයියව බලන්න ඕනේ.."

"ප්ලීස්.. ඒ දේ කරන්නා එපා ශාලිය අයියේ..."

"බෑ නුවන්.. මට බෑ.. මට අයියට මොකද උනේ කියලා දැන ගන්නවත්..."

"දැනගත්තා කියලා මොනා කරන්නද.. ඔයාට මගෙ අයියට ආදරේ කරන්න. පුළුවන්ද..?"

නුවන් මගෙන් ඇහුවෙ මම ගොළුවෙන ප්‍රශ්නයක්..

"අහ් පොඩි අයියේ, උත්තරක් තියනවද ඔයාට.."

"එහෙම කියන්න එපා මල්ලි.. මාව අයියා ගාවට එක්ක පලයන්.."

"ඔයාට මතකද මම ඔයාට දවසක් කෝල් කලා.."

"ම්.. කවද්ද?.."

"ඔයාට මතකත් නෑ.. මතක්ද තුම්මුල්ලේ ඉද්දි, ඔෆිස් ගිහින් ගන්නම් කිව්වෙ..?"

"අහ් ඔව්.."

"එදා.. ඔයා නිකමට ඇහුවද ආයේ මම ගත්තේ ඇයි කියලා.. අඩුම ගානේ මම ඔයාට වෙන්දට කෝල් කරලා තියද..? ඔයාට ඒ මගේ කෝල් එක විශේෂ උනේ නැද්ද..?"

"මම.. වැඩක ඉදියෙ මල්ලි.. උබත් ආපහු නොගත්ත නිසා මම ඒ ගැන වැඩිය හිතුවේ නෑ. මට සමාවෙයං රත්තරෙනේ..."

"ඔව්.. මගේ අයියව උබලා හැමෝටම මිස් උනා.. මගෙ අයියා මේ තරම් දුකක් විදපු බවක් මම දැනන් ඉදියේ නෑ... දැන ගත්තා නම් මේ දෙවල් මේම වෙන්න දෙන්නෙත් නෑ.. දැන් මගෙ අයියා මල මිනියක් වගේ විදවනවා.. මට බලන්න බෑ යකෝ... ඒ මගේ තාත්තා.. ඒ මගෙ අක්කගෙ තාත්තා.. උබ ඒ දුකක් දුන්නේ අපේ තාත්තා වගේ අපිව බලා ගත්ත අපේ පවුලේ එකම හයිය බං අයියේ.. ඇයි අපිට එහෙම කලේ, ඌ උඹට ආදරේ කියලා නොකියා වද නොදී පැත්තකට වෙලා උබේ සතුට වෙනුවෙන්ම ඉඳපු එකටද... අහ් පොඩි අයියේ.. කියහං අයියේ.."

"අනේ මම දැනන් ඉදියා නම් මේ දෙවල් වෙන්නෑ බං මගෙ රත්තරං මල්ලි.."

"මම ඔය පොත කියෙව්ව බං අයියේ.. අකුරක් නෑර.. කවදාවත් අහපුවත් නැති ආදරයක් ඒක.. උබට ඌ එක්ක කමරේ නිද ගනිද්දි නැතත් පහුවදාවත් උගෙ හිත හැදෙන්න වචනයක් කතා කලාද..? නෑනේ..? උබේ වචනයක් ගානේ මේ පොතේ ලියලා තියනවා.. ඒත් ඌට හැමදාම දුක විතරයි..? දැන් දුක විතරක් නෙවෙයි ඌට ලැබිලා තියෙන්නේ.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now