#විසිඅටවන_පිටුව 💞

Začít od začátku
                                    

"ම්.. හරි ඉදලා එන්න.. රෑ වෙනකම් ඉන්නෙපා හොදේ. මට ගන්න එන්න බැරි උනොත්..."

"හා.. 6.00 වෙනකම්.."

"හ්ම්... හා."

"ආදරෙයි මැට්ටො..."

"හරි හරි.. ආවම කරමු ආදරෙ.. මං තියනව.."

"හෙන ලයින්.. එනවකො රෑට.."

"හා හා.. ඒ ගැන වද වෙන්නෙපා.. මම තියනවා. එද්දි කියන්න එහෙනම්..."

"හ්ම්ම් හා.."

මම චරිත්ලගෙ ගෙදර යන බවක් නොකිව්වෙ ඊයේ හවසත් එහේ යං යං ගගා ඉදිය නිසා. චූටි එක්ක එන්න ගිහින්  අයෙ චරිත්ලගෙ ගෙදර යනකොට හරි ඉතින්. එකයි බොරුවක් කිව්වෙ..
කොහොම හරි මම චරිත්ලගෙ ගෙදරට යද්දි ඌ ගෙදර නෑ දොරත් වහලා තිබ්බා.

"චරියා කොහෙද ඉන්නෙ බං.."

"අහ් මම එලියට ආව බං උදේ.. එන්න ඉදියෙ එන්න බැරි උනා.."

"මම ඉන්නෙ උබලගෙ ගේ ගාව.."

"අඩේ.. කිව්වෙ නැත්තෙ.. අපි දැන් ආවෙ.."

"හරි කමනෑ.. උබ ඉන්න තැනක් කියපන්.."

"මම ඉන්නේ මචන් ගංගාරාමේ.."

"එහෙ මොකෝ.."

"නිකං ආව නංගියි මල්ලියි එක්ක.."

"හ්ම්.. හරි කමක්නෑ හෙට ඔෆිස් එනවද.."

"එනව එනවා.. සුවර්  "

"අද වගේ සුවර් එකට එනවද.."

"නෑ නෑ බං.. එන්නව.. "

"හ්ම්ම්.. මට උබ එක්ක කතා කරන්න ඔනේ පොඩ්ඩක්.."

"මං එක්ක..?"

"ඔව්.."

"මොනා ගැනද.."

"මෙහෙම කියන්න පුළුවන් නම් මම කියනවනෙ කෝල් එක ගත්ත වෙලාවෙම.."

"එහෙනම් හෙට ඔෆිස් එකේදි කතා කරමු.."

"හ්ම්.. මම එනකම් ඉදපන්...හල්ෆ් ඩේ දාලා පනින්නැතුව.."

"එල එල.."

කරන්න දෙයක් නැති කමට නාවින්නට ගිහින් සිගරට් එකක් බිව්ව කාලෙකින්.. ඊට පස්සෙ ඉතුරු 15ම චුංගම් දෙකකුට්ග් හැක්ස් ටොෆියි අරන් කටේ දාගෙන තව පැය බාගයජ් විතර ඉදලා මම චුටිගෙ කැම්පස් එක ගාවට ගියා..

ඔබ මගේ වෙලා 💞Kde žijí příběhy. Začni objevovat