#විසිහත්වන_පිටුව 💞

Start from the beginning
                                    

එත්තාවතාච අම්මේහී...
මා මේ බාල සමාගමෝ...."

පූජාව ඉවර දෙද්දි හිතට දැනුනේ හිටියටත් වඩා ලොකූ සහනයක් වගේ කියලා මට හිතුනා.. පුජාව ඉවර වෙලා හැමෝම යන්න ලෑස්ති උනා..

"මල්ලි, නංගිත් එක්ක නැන්දලා එක්කම ගෙදර යන්න.."

"ඔයා..?"

"හරි මම හමුදුරුවො හම්බෙලා එන්නම්.."

"හ්ම්ම්.. ඉක්මනට එන්න.."

නංගි අපෙනුත් අවසර අරාන් නඩේට එකතු උනා. මල්ලිත් ඒ ඔපස්සෙන්ම ගියා.."

"ඒ මල්ලි මෙහෙ එනවා.."

පොර චරිත් ගාවට ආවෙ පූසෙක් වගේ.. බිම බලාගෙන.

"මල්ලි, කොහෙවත් නවතින්න බෑ ගෙදරම යන්නෙනේ. එරහේ මෙහේ රොන්දේගහලා තිබියන්කො.. අනිත් එක ගෙදර ගිහින් ෆෝන් කකා ඉන්නැතුව  අක්කට උදව් වෙනව හරිද, මම අවම බලා ගන්නම්කො.."

මල්ලිත් ඔලුව කක කහා ගිහින් පංසලේ පූජාවට ඇවිත් යන අයට එකතු උනා..
වෙලාවකට ඒ බැදීමුත් විදින්න ආසාවක් ආව.. පවුලෙ වැඩිමලා වෙලා මල්ලිටයි නංගිටයි සද්දයක් දාගෙන ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියනව..

"එකෙත් පොඩි ආතල් එකක් තියන වනේ චරියා.."

"මොකේද.."

"පොඩි උන්ට සද්දයක් දාගෙන ඉන්න එක.."

"අප්පා ඒක කරලම බලන්නොනේ.. එහෙම උනා නම් උබ කියන්නෑ ඔහොම...ඕකුන් දෙන්න බලා ගන්නවට වඩා හොදයි හොද කළු ගලක් හොයලා ඔළුව ගහ ගන්න එක.."

"ඒ මොකෝ බං.."

"නෑ බං.. මුන් ආම්බාං කරන්න තව දහයක් ඕනේ. මම හිතුවෙ ලොකු වෙද්දි අඩුවෙයි කියලා කොහෙද ඒකේ අනිත් පැත්ත..."

"අඩේ.. එහෙමද..."

"ඔව්, නංගි නම් දැන් ලබන අවුරුද්දෙ කැම්පස් යන්නනෙ ඉන්නේ.. මොකක් හරි හුට පටයක් තියනවා එයාගෙත් මම මේ තනියම හම්බෙනකන් ඉන්නේ.. "

"ඉතින් උබ හොයලා බැළුවෙ නැද්ද.."

"මොකො නැත්තේ මං හොයලා බැලුවා අවුලක් නෑ අර ගනේවත්ත ඉස්කොලෙ මැත්ස් කරපු සර් මතකද උබට.."

"ඔව් කිත්සිරි සර් නේ.."

"අහ් අන්න හරි.. "

"අප්ප අර චූ යන්න පොඩි කාලේ ගහනේ.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now