#විසිහයවන_පිටුව 💞

Start from the beginning
                                    

"ඇති...  මොකුත් කියන්නෙපා.. එන්න යං කාමරේට.."

"තාම රෑ වෙලා නෑ.. හදිස්සිද.."

"කියන දේ අහනවා.. මටත් සීමාවක් තියනවා චූටි..."

"අනේ ඔයාගෙ සීමාව, ඔය සීමාව පැන්නම ගහයි.. ඔච්චරනේ දන්නේ..."

"ෂ්.....ෂ්..... කට. මට තමුසෙව ඕනේ ඇදට විතරක් නෙව්වෙයි, රණ්ඩු වෙන්න එපා මැණික.. හැමදේම කතා කරලා විසද ගමු. මට බෑ මෙහෙම ජිවත් වෙන්න.."

"මොනාද කතා කරන්න තියෙන්නෙ අයියේ තව.. මොනාද තියෙන්නෙ.. අහ්..
ඔයා කරපු, කරන හැම වැඩක්ම මම දන්නව.. මල ගෙදරදි කරපු, කියපුවත් මට මතකයි... තවත් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ..."

"මේ අහන්..."

"ප්ලීස් අයියෙ මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න.."

චූටිට මං ඉස්සරහ අත් එකතු කරලා වදින්න තරම් දෙයක් උනේ නෑ.. මම කියන දේ නාහන නිසාම මං ඉස්සරහ එකතු උන අත් දෙකෙන් එකක් තදට අල්ලලා ඇදලා අරන් කාමරෙට ඇදන් ගියා..
මොකුත නොකියා චූටිත් මං පස්සෙන්ම ඇදීගෙන ආවා..
මම චූටිව ඇදෙන් ඉන්දවලා පුටුවක් අරන් චුටිගේ මූණ ඉස්සරහට ගියා.. චූටි අහක බලා ගත්තා..
මම චුටිගෙ මූණ නිකටින් අල්ලලා මගෙ ඉස්සරහට ගෙනාවා

"ඕයි, මගෙ මූණ දිහා බලනවා..."

"මොනව බලන්නද.." 

"කිව්වම බලනවා ඕයි.. බලන් ඉන්නව මං දිහා.."

මම ආයෙමත් හැරුන මූණේ නිකටින් අල්ලලා තදින්ම මගේ මූණ ඉසාරහට වේගෙන් ගෙනාවා..

"දෙයියනේ ඇයි මේම වද දෙන්නේ.. මම මොන වරදක් කලාටද අයියේ... මගේ හිතේ කිසි තරක් නෑ.. ඔයා කැමති විදිහට ජීවත් වෙන්න.. මම අදින් පස්සෙ ඔයා ගැන හිතන එක නවත්තන්නම්..
මම ආදරේ කරන එකත් නවත්තන්නම්..
ඔයා කැමති විදිහට කැමති අය එක්ක ඉන්න.. ඒත් පිං සිද්ද වෙයි.. මම අම්මගෙන් වත් මේම පාරවල් ගානේ ගුටි කාලා නෑ අයියේ.. මට මේ වෙන දේවල් දරා ගන්න බෑ.. මම කිව්වනේ ඔයාට...
මම පිරිමියෙක්ට කියලා ආදරේ කලේ ඔයාට විතරයි.. මං ගැන දුකක් නෑ කියමු.. කමක්නෑ මනුස්සකමක් වත් නැද්ද... ඇයි මට මෙහෙම කරන්නේ මම මොනව කලාටද ඔයට..? හැමදේම කරා මට පුළුවන් විදිහට. මට පුළුවන් හැමදෙම දුන්නා,
ඇයි මගෙන් පලි ගන්න වගේ මේ විදිහට හැසිරෙන්නේ...
කමක්නෑ ඔයා ඔහොම හැසිරෙන්නෙ ඔයාගෙ හැටියි කියමුකො.. ඔයාට ඒ පරණ දේවල් අමතක කර ගන්න බැරි නිසා කියමුකො..
ඒත් මම දන්නවා නම් මල ගෙදර පැත්ත පලාතක එන්නෑ අයියේ.
වල ගාවට තේ අරන් ගියේ චරිත් අයියා කිව්ව නිසා.. ඔයා කිව්වෙ මොකද්ද මම අර කොල්ලො ටික බලන්න ආවලු.. මට මොනා බලන්නද උන්ගේ.. කියනවා. මම මොනා බලන්නද.. මම එහෙම නෑ කියලා ඔය පපුවට දැනුනෙවත් නැද්ද.? අඩුම මේ ඇදේ නිදා ගනිද්දිවත්..
එදා දවසෙම අරහෙ මෙහේ ගියානේ, ඒ නිසා දවසෙම හරියට දැක්කෙත් නෑ තමුසෙව.. මම තමුසෙ බලන්නත් එක්ක ආවේ  එහෙම ආපු මට කිව්ව කතාව..
ශික් මට අපිරිය උනා.. තමුසෙ වගේ හැමොම නෑ.. ඒ මට්ටමින් මනින්නෙපා හැමෝම.. අම්ම වගේ මාවත් මැරිලා ගියා නම් කියලා එවෙලේ හිතුනා මට..."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now