#පහලොස්වන_පිටුව 💞

Start from the beginning
                                    

"ම්.. එහෙනම් ඒ හොදටම ඇති.. නිදා ගනින් දැන්.. මම ගිහින් කෝල් එකක් දෙන්නම්.."

"උබ..ට යන්න බෑ... දැන්.."

"උබ බිව්වට මම බිව්වෙ නෑ. මට පුලුවන්.."

චරිත් බොඩිමෙන් ගිය හැටි මට මතක් උනා. චිත්තරූප මැවෙන..., මතක් වෙන හැමදේමත් එක්ක ගලපලා බලද්දි මහා ලොකු දෙයක් මේ කමරේදි අපි අතර වෙල නොතිබ්බත් අපි අතරෙ හැගීම් හුවමාරු වෙන්න ඇති.., උදේ 10 ට විතර බොන්න ගත්තෙ 12 වෙන්නත් කලින් ඉවරයි. ඒත් ඊට පස්සෙ දවල් වරුවෙම අපි ඉදියේ ඇදේ.. මට එකින් එක ගලපද්දි, හිතින් මවද්දි හැමදේම මට මතක් උනා.. කියපු වචන පවා..
ඔව් අපි අපේ අන්තිම සටන වෙනකම්ම මම හි‍ටියේ චරිත් එක්ක කියලා මතක් වෙද්දි මට කරන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරි උනා..
මම වොශ් නොදාම කමරේට ඇවිත් ලාච්චුව ඇරලා සිගරට් එකක් අරන් පත්තු කලා.. මට මේ මතකයන් වලින් ඈත් වෙන්න බැරි තරම්..
මට සිගරට් එක ආයෙම මතක් උනේ අගිලි දෙකට රස්නේ වදිද්දි..
මම ෆිල්ටර් එක ඩස්බින් දලා චරිත්ට කෝල් එකක් ගත්තේ කල්පනා කරලා ගත්ත අන්තිම තිරනේ විදිහට..

"කියපං පොඩි.."

"ච... චරි..යා.."

"ඇයි, කියපං.."

"උබට ඇ..හෙනවද."

"ඔව් බං, කියපං. ඇයි.."

චරිත් කිසි දෙයක් නොවුන ගානට කතා කලා. මම ආයෙම කල්පනා කලේ මේ මතක් වෙන හැම දේම උනාමද කියලා..
මට අහන්න හදපු දේ අහන්න තරම් හයියක් ආවේ නෑ.. තිබ්බ නම් හයියක් ඒකත් චරිත් මොකුත් නොවුන ගානට දමලා ගහන වචන වලින් සුන්නත්දූලි වෙලා ගියා..

"නෑ උබෙ ඔලුව කැක්කුමයි කිව්වනෙ ඒකයි ගත්තේ..."

"අඩුයි බං ටිකක්.. දැන් ආවේ.. ඇලට් එකක් දැන්මම හරි යවි ඔක්කොම.."

"ඔක්කොම හරි යාවිද.."

"ඒ කිව්වෙ, මට තෙරුණ්නෑ..."

"මට තෙරෙන්නෙත් නෑ බං.. ඒකයි උබට ගත්තේ.."

"පොඩි, මේ උබ ආයේ බිව්වද.."

"නෑ.."

"නැහැ නම් විකාර දොඩවන්නෙපා...
කලනේ ඉන්නේ, වොශ් දාන් නිදා ගනින්.. හෙට වැඩනේ, උබට තාම බඩුද කොහෙද..."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now