" නිදි මතයිද " කාමරේට ගිහින් දොරත් වහලා මගෙන් ඇහුවා ...

"ම්ම් "

" නිදා ගමු "

මන් ඇද දිහා බලාගෙන හිටියෙ මන් නිදා ගන්න ඕන මොන පැත්තෙද අහන්න වගේ ...

"කැමති තැනක නිදා ගන්න "

අපෙ ඉතින් නෑනේ ඔය සෝබන වැඩ ...ඇදන් මැද්දෙන් කොට්ට තියන්නයි.. අරකයි.. මේකයි..
ඔය කොට්ටා තිබ්බත් ඉතින් නින්ද ගිහින් විනාඩියෙන් දෙකෙන් ඔව්වා ලෙෆ්ට් වෙනවානේ... ඒ හින්දා ඇදට නැගලා මන් දකුනු පැත්තෙන් ඇල උනා... ඩබේ ලයිට් ඕෆ් කරගෙනම ඇදට ඇවිත් අර ලොකු බ්ලැන්කට් එක මාවත් වැහෙන්න එක්කම පොරෝ ගත්තා ...

" යශෝදර " ඩබේ ඇහෙන නෑහෙන ගානට කතා කරා...

"ම්ම්ම්ම්ම් "

තප්පරයක් දෙකක් ගත වෙලා ගියත් එයා මොකුත් කිව්වෙ නෑ..

" good night " ඕක කියන්නද අර අච්චර බැරෑරුම් විදියට මට කතා කරේ..

" good night "

පෙරලා කියපු මම ඇස් දෙක පියා ගත්තේ වැඩි වෙලා ගිහින් මගෙ ආදරනීය නිදි දෙව්දුව මාව වැලද ගන්න කොට ...

.
.
.
.

වටපිටෙන් කුරුල්ලොත් කෑ ගහනවා ඇහෙනකොට මන් හිමින් හිමින් ඇස් ඇරියා..ඒත් මගෙ ඇස් ඉස්සරහා හිටපු මනුස්සයා නිසා තව ටිකෙන් මට පපුවෙ අමාරුව හැදෙනව...

ඩබල් බේසික ඇදුරු තුමා ...මගෙ පැත්තට හැරිලා හරි සාන්ත විදියට නිදාගෙන හිටියා..මේ මනුස්සයා කොහෙද මගෙ ඇදේ...මන් දඩි බිඩියේ වටපිට බලනකොට තමයි දැක්කෙ මන් ඉන්නෙ මගේ කාමරේ නෙවෙයි කියලා...ඊටත් පස්සෙ තමයි මගෙ ගොම් මොලේට මතක් උනේ මන් ඉන්නෙ කොහෙද කියලා..

වහපු ජනෙලෙට දාලා තියෙන දුහුල් රෙද්දෙන් එලිය වෙලා කියල පේනවා ... මන් කෝටෙ අස්සෙ ගහන් හිටපු පෝන් එක ඇදලා අරන් වෙලාව බැලුවා ..

6.03 යි ..

සද්ද කරන්නෙ නැතුව ඇදෙන් බැහැලා බාතෲම් එකට ගිහින් මගේ ශරීර කෘතයන් ටිකත් කරගෙන දත් මැදලා මූණ හෝදගෙන මන් එලියට ආවා..

තාම කවුරුත් නැගිටලා නෑ වගේ...කිචන් එකට ආපූ මම වතුර වීදුරුවකුත් පුරෝගෙන බීලා දොර ඇරගෙන එලියට බැහැලා ආයෙමත් දොර වහලා දැම්මා...

ඒක දිග කතාවක් Where stories live. Discover now