A/N

241 55 120
                                    


යුංගි කියන චරිතය දාලා මම ලියපු පලවෙනි කතාව. කතාවෙ Prologue එකේ ඉඳලම මට ලොකු අභියෝගයක් තිබුණා. ඒක තමයි මට හ්යොන්ග් ලයින් එකේ අයට ඒතරම් ලියන්න පහසු නැති එක. ඉතින් මුල ඉඳලම මම ලිව්වෙ මගෙන් හරියට යුංගිගෙ හැඟීම් ටික නිරූපණය වෙයිද කියලා සැකෙන් වගේ. ඒත් කතාව ටිකක් යනකොට මං ගොඩක් ආදරේ කලා මේ කතාවට. ඒ වගේම මම ටිකක් වෙනස් විදිහකට ලිව්වා කියලත් මට හිතුනා. මම හිතනවා මම සාර්ථකව මේ කතාව අවසන් කරන්න ඇති කියලා.

මට රික්වෙස්ට් එකක් ආවා වගේම මගේ සෝලිට ගිෆ්ට් එකක් දෙන්න වුවමනා වුන නිසාමයි මම යුංගිගෙ කතාවක් ලියන්න හිතුවෙ. ඒත් මුලදි මට ඕන වුණේ නැහැ මේක සාමාන්‍ය ජීවිතේ ගැන කතාවක් කරන්න. ඒ නිසා මම හිතුවා ෆැන්ටසි පැත්තට යන්න. ඒ අනුව මම ගොඩක් ෆැන්ටසි තීම් ගැන හෙව්වා. මුලින්ම මට ආවෙ වැම්පයර්, වෙයාවොල්ෆ්, දිය කිඳුරො වගේ දේවල්. ඒත් ඒවා මීට කලින් ලියවිලා තිබුණ නිසා මට ඕන වුණා හැමෝටම වෙනස් අත්දැකීමක් දෙන්න.

ඒ විදිහට තමයි මම ෆීනික්ස් තෝරගන්නෙ. ඒත් ඉතින් ඒක ලේසි වුනේ නැහැ. මොකද මම කලින් සිංහලෙන් ලියවුණු ෆීනික්ස් කතාවක් මෙතන දැකලා තිබුණෙ නැහැ වගේම එහෙම තිබුණත් මට ඒවා කොපි කරන්න ඕන වුණේ නැහැ. ඒ නිසා මම තනියම පටන් ගත්තා. මුලින්ම ෆීනික්ස් ගැන විස්තර හොයාගත්තට පස්සෙ මම ලියපු ගොඩක් දේවල් මම තනියම නිර්මාණය කරපුවා.

ජිමින් කියන්නෙ පරිවර්තනය වෙන්න බැරි නමුත් ෆීනික්ස් රුධිරය තියෙන කෙනෙක්. ඒ වගේම කාල පක්ෂීන් කියන කොටස මම නිර්මාණය කරපුවා. එතකොට ජිමින් කොටස් දෙකකට වෙන් වුන එක වගේම යුංගිගෙ ආත්ම කතාවත් මම නිර්මාණය කරපු දේවල්. ඉතින් තියරි ටික අයිති මට. මම හිතනවා ඒ දේවල් වලින් කතාව රසවත් වෙන්න ඇති කියලා.

කතාවෙ ඒකාකාරී බවක් තිබුණොත් කියලා ජිමින් බබාගෙ කොටස් ලියලා මූඩ් වෙනස් කරන අතරෙ සංවේදී වෙයි කියලා හිතන කොටස් මම ලිව්වා. තව කිව්වොත් කතාවෙ ටේහ්යොන්ග්ගෙ අමුතු සාහිත්‍යානුකූල දෙබස් ටිකක් තිබුනා මම ගොඩක් ආස කරන. 

කතාවෙන් මට කියන්න ඕන වුන දේවල් ජිමින් නිසාම ඔයාලා දැනගන්න ඇති. අපි ආදරේ කරන්න ඕන තමන්ටමයි. තමන්ට ආදරේ නොකරන තැන අපිව අතරමං වෙයි. ඒක ජිමින් නිසා ඔයාලට හොඳටම තේරෙන්න ඇති. ඒ වගේම මම ඉල්ලනවා ටේගෙ ප්‍රතිබිම්බයට ජිමින් ආදරේ කරයි කියන කොටස ඔයාලා ෂිප් එකක් විදිහට වැරදියට තේරුම් ගන්න එපා කියලා. ඒ කොටස මම දැම්මෙ තමන්ට තමන්ම ආදරේ කරනවා කියලා පෙන්නන්න. 

Born With Fire || MYG ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon