Chapter 15

331 73 258
                                    


"අනේ ඇත්තට මේ ගෙදර මොකෙක්වත් තාම නැගිටලා නැති හැටි. මං මෙතන බත් තම්බ තම්බ ඉන්න ඕන."

නායුන් උදේ පාන්දරම කෑම හදන ගමන් හිටියෙ. කලින් දවසෙ වෙච්ච කලබල එක්ක හැමෝම ඒතරම් හොඳ මානසිකත්වයකින් හිටියෙ නැහැ. ඒ නිසාම කාටවත් ඇහැරවන්නෙ නැතුව නායුන් ගෙදර වැඩ ටික පටන් ගත්තා. වෙනදට උදෙන්ම ඇහැරෙන්න ඕන වුනත් නිවාඩු දවසක් වුන නිසා එහෙම කරන්න වුවමනාවක් තිබුණෙ නැහැ.

කට්ටියගෙම උදේ තේ ටික හදලා කෑම මේසෙන් තියපු නායුන් උඩට ගියේ මින්යූව බලන්න හිතාගෙන. කෙල්ල ඊයෙ දවසම අඬ අඬ හිටපු නිසා මහන්සියටම නින්ද ගිහින් ඇති කියලා හිතුණු නිසයි නායුන් ටිකක් පරක්කු වුනේ. කාමරේ අගුල කරකවලා බලද්දි දොර ඇරුන නිසා නායුන්ට තරමක සහනයක් දැනුනා. හැබැයි ඉතින් කාමරේ ඇතුලෙදි දැක්ක දේ නම් ඇයගෙ සන්සුන් බව නැති කලා.

"මොකා.... මං තාම නිදි විකාරෙන් ඇවිදිනවද? මට ඔම්මා ඉස්සර ඉඳන්ම කියනවා ෆෝන් බලද්දි කණ්ණාඩි දෙකක් දාගන්න කියලා. කොහෙද මගේ ගොං මොලේට ඒවා තේරුණේ නෑනෙ. දැන් නම් මගේ ඇස් දෙකට පිස්සු හැදිලද කොහෙද? නැත්තං අර තඩි පූස් මින්යූවා එක්ක පෙමින් වෙලිලා ඉන්නෑනෙ."

තමන්ගෙ ඇස් දෙකත් පිහදාගෙන ආයෙත් ඒ දිහා බලපු නායුන් සද්ද නොකරම කාමරෙන් එලියට ආවා. ඇය දැක්කෙ මින්යූවත් තුරුළු කරගෙන ඇඳ ලඟ බිම ඉඳගෙන ඉන්න යුංගිව. දෙන්නම සනීපෙට නිදාගෙන හිටියෙ. එකපාරටම දැකපු ගමන්ම සද්ධන්ත යුංගිගෙ ඇඟ අස්සෙ පුංචි දරුවෙක් ඉන්නවා වගේ පේන තරමටම මින්යූ ඔහුට වඩා පුංචි වුනා. ඔහු ඇයව තුරුළු කරගෙන හිටියෙ පොඩ්ඩක් හරි අතෑරුණොත් කෙල්ල පොලවට වැටිලා දියවෙලා යයි වගේ.

"මේ ගිනි පූසා හිරෝෂිමාවට දාපු බෝම්බෙ වගේ ක්‍රියාකරන්නෙ මට විතරයිනෙ යකෝ. දැන් නිකං පූස් පැටියෙක් වගේ මින්යූව පොඩි කරගෙන ඉන්න ලස්සන. ඒ බදා ගැනිල්ලට කෙල්ලට හන්දිපත් අමාරුවක් වත් හැදෙයිද මන්දා."

රටේ නැති පිස්සු විකාර කියව කියව කොරිඩෝව දිගේ ගිය නායුන් ජිමින්ගෙ කාමරේට ඇතුල් වුනා. ඇයට ඕන වුණා ජිමින්වත් ඇහැරවගෙන ගිහින්ම මේ වෙලා තියෙන විපර්යාසය පෙන්නන්න. ජිමින්ට නිතරම අසනීප වෙන නිසා කාමරේ අගුළු නොදා ඉන්න එක ඇයට කාමරේ ඇතුලට යන්න පහසුවක් වුණා. කාමරේ ඇතුලට ගිය ඇය දැක්කෙ තාමත් කොට්ටයක් තුරුළු කරගෙන හොඳටම නිදාගෙන ඉන්න ජිමින්ව.

Born With Fire || MYG ✓Where stories live. Discover now