Prologue

1K 109 54
                                    


මිත්‍යාවන්ගෙන් පිරුණු ලෝකයේ සැරිසරන අපට මිත්‍යාවන් යනු ඇත්තක්ද බොරුවක්ද යන්න නිවැරදිව නිශ්චිතව තීරණය කල නොහැකියි. නමුත් විශ්වාසය කෙසේ වුනත් තවමත් මිත්‍යාවන් මිනිසුන් අතර පවතිනවා සේම ඔවුන් අතරින් පිරිසක් ඒවා බලවත් ලෙස විශ්වාස කලා. 

තවත් පිරිසක් මිත්‍යාවන් අවිශ්වාස කරමින් ඒවා නොසලකා හැරියත් ඇත්තෙන්ම ඒ දේවල් නොසලකා හැරීම සිදු කල හැක්කක් ද?

විශ්වාසය අවිශ්වාසය කෙසේ වුනත් මේ තවත් එක් මිත්‍යාවක් තුල ඔබව ජීවත් කරවීමට දරන උත්සාහයක් විය හැකියි. ඉතින් රස විඳින්න තවත් එක් සුන්දර මිත්‍යාවක්.....


Born With Fire


මිත්‍යාවන් අතරින් බොහොම ප්‍රසිද්ධ වගේම සියල්ලන්ගේම අවධානය දිනා ගත් දෙයක් තමයි ෆීනික්ස් පක්ෂියා ගැන මිත්‍යා කතන්දර. ෆීනික්ස් පක්ෂියා යනු ගින්නෙන් ඉපදී ගින්නෙන්ම මිය යන අමරණීය සත්වයෙක්. ග්‍රීක සාහිත්‍යය තුළ මේ ෆීනික්ස් පක්ෂියා විශේෂ ස්ථානයක් ලබා ගන්නවා.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බොහෝ විට මෙම සත්වයාව චිත්‍රයට නඟන්නේ පිල් විදහා නැති මොනරෙකුගේ ආකාරයටයි. ඒ වගේම විවිධ රටවල් වලට ආවේණිකව මෙම පක්ෂියාගේ වර්ණයන් වෙනස් වෙනවා. බ්‍රිතාන්‍යයේ දක්නට ලැබෙන ෆීනික්ස් වර්ගය අළු පැහැයට හුරු කලු පැහැයක් ගන්නා අතර ඔවුන්ගේ පියාපත් වල සුදු පැහැති සලකුණු දක්නට ලැබෙනවා. එමෙන්ම උතුරු යුරෝපයේ වාසය කරන ෆීනික්ස් වර්ගය බ්‍රිතාන්‍යයේ වර්ගයට සමාන වුනත් ශරීර ප්‍රමාණයෙන් තරමක් කුඩා බවක් පෙනෙන්නට තිබෙන බව සඳහන් වෙනවා. එසේම අයර්ලන්තයේ වෙසෙන රතු සහ කහ මිශ්‍ර ෆීනික්ස් වර්ගය තමයි අප බොහෝ විට ෆීනික්ස් ලෙස හඳුනාගන්නේ. 

Born With Fire || MYG ✓Where stories live. Discover now