13th episode

337 38 13
                                    

💜යොන්ග්සෝ. චේබල් මොකක්ද උනේ කියන්නකෝ ඇයි මේ එකපාරටම මොකක්ද උනේ

චේසන්ග් බැරිම තැන කාර් එක නවත්තලා ඇහුව.  යොන්ග්සෝ කිසිම දෙයක් නොකියා කාර් එකෙන් බැහැල එලියට ගියා. ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා කවුරැත් පාරේ ඒ තරම් හිටියේ නෑ.  යොන්ග්සෝ ලග තිබ්බ බංකුවක ඉදගත්ත . මෙච්චර වෙලා යොන්ග්සෝගේ ඇස් වල හිර වෙලා තිබ්බ කදුලු කැට ඔහේ මූණ දිගේ ගලාගෙන යන්න පටන් ගත්ත. චේසන්ග්නුත් එතනින් ඉද ගත්ත.  යොන්ග්සෝ අඩන විදිහ චේසන්ග් දැක්කේ අවුරැදු විස්සකට පස්සේ.යොන්ග්සෝ එහෙමම හැරිලා චේසන්ග්ව බදා ගත්ත.

🤍දන්නවද හ්යුන්ග්. මම මෙච්චර දවස් වෛර කලේ මගේම ලේ වලට.  මගේම හ්යුන්ග්ට. දෙයියනේ මම කෝමද එහෙම කලේ? මම එයාට කොච්චර අපහාස කරාද?කොච්චර බැන්නද? එයා මට සමාව දෙන එකක් නම් නෑ හ්යුන්ග් කවදාවත්ම

මහ හයියෙන්ම අඩන ගමන් යොන්ග්සෝ කිව්ව

💜ඒ කිව්වේ .මට තේරුණේ නෑ යොන්ග්සෝ. ඔයාගේ ලේ කිව්වේ.?

චේසන්ග් පුදුමෙන් ඇහුව

🤍මගේ ලේ කිව්වේ යුන්ගි හ්යුන්ග්ට චේසන්ග් . එයා මගේ හ්යුන්ග්ලු. මාව පොඩි කාලේ හදා ගන්න අරගෙන තියෙන්නේ . එතකොට මගේ ඇත්තම ඔම්මයි අප්පයි එයාලා නෙවේ.  එයාලා මගේම හ්යුන්ග්ට විරුද්ධ වෙන්න මාව පෙලබෙව්වා. මට අද හොදටම ඇහුනා අප්පා හැම දේම කියනවා. මට නම් ඒ ගෙදර කිසිම දෙයක් එපා හ්යුන්ග්. මට මගේ ඇත්තම හ්යුන්ග්ගෙයි නංගීගෙයි ලගට යන්න ඕන චේසන්ග්.

ඉකි බිදුම් මැද්දෙන් යොන්ග්සෝ චේසන්ග්ට හැම දේම කිව්ව.

💜මගේ දෙයියනේ.! එතකොට එයාල ඔයාව හදා ගන්න අරගෙන.  කො බලන්න. මම දන්නවා යුන්ගි ගැන. එයා පිටට පේන තරම් දරුණු නෑ. ඔයා හෙට උදේම යමු එයාව මීට් වෙන්න. එයත් එයාගේ මල්ලිව හොයනවා ඇතිනේ. සමහරවිට ඔයාව දැක්කම යූරාට උනත් ඉක්මනටම සනීප වේවී කෝ දැන් හොද ලමයා වගේ අඩන්නේ නැතුව යමු මගේ ගෙදර ගිහිල්ල නිදා ගෙන හෙට උදේට යමු යුන්ගිගේ ගෙදරට .  හොදද යොන්ග්සෝ.

චේසන්ග් යොන්ග්සෝගේ ඔලුව අත ගාන ගමන්ම කිව්ව. කදුලු පිහද ගත්ත යොන්ග්සෝ ඔලුව වනලා ඒකට එකග උනා.  චේසන්ග් යොන්ග්සෝගේ අතක් අල්ලගෙන ඉස්සර උනා කාර් එකට නැගපු දෙන්නම චේසන්ග් ඉන්න එපාර්ට්මන්ට් එකට ආවා.  යොන්ග්සෝ වොෂ් එකක් දාගෙන එයාගේ නයිට් කිට් එකක් ඇදගෙන ඇදට ඇවිල්ල කොට්ටෙන් ඔලුව තියා ගත්ත.  හැමදේම මතක් වෙන්න ගත්තා. කදුලු බිංදු දෙක තුන ඔහේ වැටෙන්න ගත්තා. එයා තදට ඇස් දෙක පියා ගත්ත .
නොදැනීම එයාට නින්ද ගියේ දකුණු ඇස් පිහාටුව අගින් කදුලු කැටයක් කොට්ටේ තෙමාගෙන පහලට ඇදෙද්දී



His Cold Husband 🔞💕🦋🌻(Ongoing/Yoonmin/🔞)Where stories live. Discover now