7th Episode

365 45 2
                                    

යුන්ගි චර්ච් එකට වෙලා ජිමින් එනකම් බලාගෙන හිටිය. එයාගේ හිත නම් කොච්චර කිව්වත් මේ වෙඩින් එකට ලෑස්ති වෙලා තිබ්බේ නෑ. එයාට ඕන උනේ නිදහසේ ඉන්න. යූරාව බලාගෙන ටිකක් තනියම ඉන්න. ඒත් එකපාරටම නොහිතුව වෙලේ වෙච්ච දේ එක්ක යුන්ගි ගොඩක් අවුලෙන් හිටියේ.
යුන්ගි ටිකක් පිටිපස්ස හැරිලා බැලුවා. අහිංසක විදියට රෝස මලක් වගේ එයා දිහා බලල හිනා උන යූරාව දකිනකොට පපුවම පැලෙන්න වගේ රිදෙන්න ගත්තා. යූරාගේ ඒ අහිංසක හිනාව ලග යුන්ගි හරි අසරණයි. යුන්ගි බොහොම අමාරුවෙන් වෙනදා වගේම හිනා වෙලා ඉස්සරහ බලා ගත්තා. ඒත් එක්කම එයාට මැවිලා පේන්න ගත්තේ එයාගේ ඇස් ඉස්සරහ පිට එයාගේ ඔම්මයි අප්පයි මරපු විදිහ





වසර කීපයකට පෙර..............

🖤 ඔම්මා අද අප්පා නෑනේ ඔම්මා

යුන්ගි දහවෙනි වතාවටත් සාලේ වාඩි වෙලා හිටිය ඔම්මා ලගට ගිහිල්ල ඇහුවා

🌸ඉන්න මැණික අප්පා ඒවි හොදද ගිහිල්ල සෙල්ලම් කරන්න චූටී නංගී එක්ක යන්න හොද ලමයා වගේ

ඔම්මා හිනා වෙලා යුන්ගිගේ ඔලුව අත ගාන ගමන්ම කිව්ව

🖤අරස්සෝ ඔම්ම

යුන්ගි එයාගේ කාමරේට ගියේ එතකොට අවුරුදු එකහමාරක් වගේ වයස උන යූරා එක්ක සෙල්ලම් කරන්න

යුන්ගි යූරා එක්ක සෙල්ලම් කර කර  ඉන්නකොට එකපාරටම අප්පා කාමරේට ආවා.

🖤අප්පා ඔයා ආවද

යුන්ගි ඇහුවේ සතුටින්.

🌻අහන්නකෝ පුතේ අපි සෙල්ලමක් කරන්න යන්නේ හැංගි මුත්තන් කරන්න යන්නේ හොදද.ඔයයි නංගියි හැංගෙන්න. සද්ද කරන්න එපා හොදද .එතකොට ඉක්මනටම අහු වෙනවනේ ඒ නිසා සද්ද කරන්න එපා හොදේ.

🖤අරස්සෝ අප්පා.  ෂෝයි නේ

යුන්ගි උඩ පැන පැන කිව්වා.

🌻හොද ලමයා.

අප්පා යුන්ගිගේ ඔලුව අත ගාලා කාමරේ දොරත් වහගෙන පහලට ගියා

යුන්ගි චූටී උනාට ගොඩක් බුද්ධිමත් ලමයෙක්. අප්ප කිව්ව දේ ගැන එයා හිතන්න පටන් ගත්ත. පැය බාගයක් විතර යනකම් කිසිම සද්දයක් නැති තැන එයා අප්පට අකීකරු වෙන්න තීරණය කරා. ඉස්සල්ල නංගීගේ තොටිල්ල ලගට ගිය යුන්ගි නංගී සැපට නිදි නිසා හිමීට දොර ඇරගෙන පහල තට්ටුවට ගියා.

His Cold Husband 🔞💕🦋🌻(Ongoing/Yoonmin/🔞)Where stories live. Discover now