8 කොටස

En başından başla
                                    

" අහ් එහෙමද.."

" මල්ලි හෙට ඉස්කෝලෙ එනවද..?? නෑ එතකොට අපිට මීටින් එකක් ගන්න පුලුවන්නෙ.. ඒකයි-"

" අයියේ මේ මම ආයෙ ඉස්කෝලෙ එන්නෙ සදුදා.. හදිසියකට ගමේ ආවා.."

" (මම කිව්වෙ බං.. උබ ඇහුවෙ නෑනෙ) අහ් හරි හරි ෂනෙරු.. එහෙනම් මෙ නම්බර් එක සේව් කරගන්න.. මම ඔයාව හවුස් ගෲප් එකට ඇඩ් කරන්නම්.. (මූන පුප කරගන්නැතුව ඉදහන්කො බං)"

මට කියාන් අයියගෙ කටහඩ අස්සෙන් අයුක අයියගෙ කටහඩත් ඇහෙනවා ඇහෙනවා වගේ..

" හරි අයියෙ.. මම තියන්නම්.."

" බායි ෂනෙරු.."

බීප්.. බීප්..බීප්..

කෝල් එක කට් වුනා..

රෑවෙලා ආච්චිඅම්මා එක්ක කෑම කකා අපි දෙන්නා එක්ක නිවුස් බැලුවා.. රෑට සුදු කැකුළු බත් එක්ක පොලොස් ඇඹුලකුයි කලවම් පලා මැල්ලුමකුයි පරිප්පුයි හදලා ආච්චිඅම්මා පපඩම් එක්ක මිරිස් කරල් බැදලා තිබ්බා..

අන්න කෑම.. කනවානම් ආච්චිඅම්මගෙ කෑම තමා මේ ලෝකෙ රසම කෑම.. අනේ මන්දා මොන වගේ මැජික් එකක්ද කියන්න ආච්චිඅම්මගෙ අතින් පොල් සම්බෝලයක් හැදුවත් එකේ තියෙන්න ඕන රහ ඒ විදියට අඩුවක් නැතුව හරිම පදමට තිබ්බා.. මම ඉතින් දවසෙම කෑම කාපු නැති එකේ තුන් පාරක් විතර බෙදාගෙන කට ලගටම බඩ එනකල් කෑවා කෑමක්.. අම්මොහ් පිස්සු හැදෙනවා..

ඊට පස්සෙ ගෙදර තිබ්බ මීකිරි හට්ටියකුයි කුතුල් පැණී බෝතලේකුයි උස්සගෙන ආයෙම ආච්චි කුස්සියට අඩගැහුවම මම පිඹගෙන දිව්වෙ කුස්සියට.. මෙහෙ සතියක් හිටියත් ඌරෙක් වගේ මහත්වෙනවා.. ආච්චිඅම්මා පව් දෙයියනේ හරි ආසාවෙන් මහන්සිවෙලා උයලා.. මට එයාගැනනම් දැනෙන ආදරේ මෙතෙකැයි කියන්න බෑ.. ආච්චිම සමහර වෙලාවට කියනවා අපි ගිය ආත්මෙ අම්මයි පුතයිද දන්නෙ නැහැල්ලු මෙච්චරම එකතු.. ඒ බැදීම ගැනනම් කියන්න වචන නෑ.. මගෙ පිනකට පහළ වෙලා වගෙ..

" අම්මෝ කොල්ලො හත් අවුරුද්දකින් කාලා නෑ වගේනෙ.."

" එහෙම තමයි ආච්චියෙ ඉතින්.. මේ සුදු අත් දෙකෙන් හදන කෑමක් කන්නත් පිනයි බඩේ ඉඩයි තියෙන්නෙ එපැයි.."

SEPALIKA | COMPLETEDHikayelerin yaşadığı yer. Şimdi keşfedin