Chapter 1

652 78 11
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

✷__________________________________✷

                         මගෙ ඇස් එක එල්ලේ යොමු වෙලා තිබුනෙ රෑ අදුර පරාද කරමින් පායලා තියෙන සද දෙසට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මගෙ ඇස් එක එල්ලේ යොමු වෙලා තිබුනෙ රෑ අදුර පරාද කරමින් පායලා තියෙන සද දෙසට. ශ්වේත වර්ණ පූර්ණ සද. ඔව් ඒ දසුන හිත නිවන දසුනක්. ඒ වගේම කෙනෙකුගේ අතීත මතක,වේදනා අවුස්සන උත්තේජකයක්. මටත් නොදැනිම මගේ හිතත් ගියේ අතීතයට.............

"උදා වූ අදුරු යුගය නිමා කිරීමට ඔහු උපත ලබාවී. ඔහුයි මෙලොව බලවත්ම කිසිවෙකු නැ ඔහුව යටත් කළ හැකි. නමුත් ආලෝකය කැදවීම ඔහුට නෑ තනිව කළ හැකි. ඔවුන් මුණගැසිය යුතුමයි.
මෙලොව බලවත්ම ශක්තීන් දෙක එකතු වී ඒ ශක්තිමත් බලය නිර්මාණය කළ යුතුමයි. එවිටයි අදුර නැසිය හැකි. ඔවුන් එකතු විය යුතුමයි. ඔවුන් ඉවසිය යුතුමයි. ඔවුන් දරාගත යුතුමයි. එයයි ඉරණම. ඔව් එයයි ඔවුන් සැමට අයත් ඉරණම."

සුසුමක් හෙලුනෙ මටත් නොදැනිමයි. ඒ තමයි මං වෙනුවෙන් පහළ උන අනාවැකිය. මට අවශ්‍ය නොවූ මගෙ ඉරණම.

මම Jeon Jungkook. Lycan King Jeon Jungkook. මෙ ලොකේ බලවත්ම werewolf. Vampire, werewolf, මායාකරුවන්, Dragon වරු මෙ හැමෝගෙම රජු මමයි. බලය, ධනය, අමරණීය ජිවිතයක් ඔය හැමදේම මට තියෙනවා.
ඒත් මට ලැබුණ මේ හැමදේම වෙනුවෙන් මට ලැබුණ මේ අසීමිත බලය වෙනුවෙන් මගේ දෙමාපියන්ව මට නැති උනා. මගෙ fucking mate ගේ ද්‍රෝහිකම දාරාගන්න උනා. ජිවිත කාලෙටම mateless වෙන්න උනා. මගේ හියුන් මගේ යාලුවොන්ට හැර අනිත් හැම කෙනාටම මම හිත් පිත් නැති රාක්ෂයෙක් උනා. ඒක තමයි මට ලැබුණ අසීමිත බලය වෙනුවෙන් මට ගෙවන්න උන වන්දිය.

🦄 : My king

🐰 : කියන්න

🦄 : ඔබව හමුවෙන්න white shadow pack එකෙන් පණිවිඩකරුවෙක් ඇවිත්.

✿___________________________________✿

මම හිටියෙ ලස්සන ලොකු මාළිගාවක ලොකුම ලොකු දොරක් ලග. ඒ දොර නිකන්ම ඇරුනෙ මම එනකම් මග බලන් හිටිය වගේ. මම හිමින් හිමින් ඒ දොරෙන් ඇතුලට ගියා. වාහ්............ .
ඒ ලොකු කාමරේ පිරෙන්න තිබුනෙ එක එක වර්ගයේ කෑම ජාති. හිත හිත ඉන්නෙ මොකටද කෑම තියෙන්නෙ කන්ටනෙ. මම ගිහින් ඉදගත්තා එතන තිබුන ලොකුම පුටුවෙ ඒ ගමන්ම මගෙ ඇස් මුලු කාමරේ පුරාම අරන් ගියා........
ඔය ඉන්නෙ දිළිසි දිළිසි..... මගෙ ඇස් නැවතුනේ ලොකුම ලොකු ස්ටෝබෙරි කේක් එකක් ලග. ලගට ගත්ත කේක් එකෙන් පලවෙනි කෑල්ල කට ලගට ගන්නකොටම.................

Kim Taehyung.........

මට ඇහුනෙ බෙල්ල මිරිකනව වගෙ වොයිස් එකකින් මාගෙ රාජකීය නාමය පිටවෙන සද්දයක්. අහලත් පුරුදුයි ඒ ටකරන් වොයිස් එක.

Kim fucking taehyung........... දැන්ම මේ දැන්ම එනවා පහළට

ඕමෝ.... මාව ඇදේ ඉදගැස්සුනා සනික. සැක් මං කලින් දැක්කෙ හීනයක්ද. අපරාදේ කේක් එක. එක කටක් කා ගන්න බැරි උනා. අහෝ දුකකි ඉරකි තිතකි .........

Taehyung...................

හාහ්හා..... මේ උදේ පාන්දර මරණීය තර්ජන එල්ල කරමින් බෙල්ල මිරිකනව වගේ කෑ ගහන්නෙ වෙන කව්රුත් නෙවෙයි මගෙ හියුන් Kim Seokjin.

ඇදේ ඉදගෙනම මම කල්පනා කරේ මං ඊයේ මොනවද කරේ කියල. මොකද මේ ගෙදර කෙනෙක් මගෙ නම කියල ඔය විදිහට මට ආදරෙන් කතා කරන්නෙ අනිවාරෙන් ඒ කෙනාට මගෙ අතින් මොකක් හරි නොසන්ඩාල වැඩක් වෙලා තියෙන නිසා. හී හී.....

ඊයේ..... ඊයේ මම මොකුත් කාටවත් කරේ නෑ නෙ. ඊයෙ කොයින්ද ඕවා කරන්න වෙලාවක් තිබ්බෙ. Wait.... Oh no.......අයිස් ක්‍රීම් එක. Kim Taehyung You are finish.

🐼 : Kim Taehyung තමුන් පහළට එනවද මම උඩට එන්නද

ලාස්ට් වෝනින් එක. හී හී අඩු වයසින් නිකන් මැරුම් කන්නෙ මොකටද මූණවත් සෝදන් නැතුව මම මගෙ සිරි යහන් ගබඩාවෙන් පහලට බැස්සා.

රාජ ලීලාවෙන් පඩිපෙල බහින මගේ ගමන ලප් තැනම ලොප් උනේ මගේ දෑසට දර්ශනය උන ඒ දර්ශනේ නිසා......


To be continue.....

♡..................................................................♡

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now