"ටේහෝ..."

"මේ එනවා..."

කම්පැනි එකෙන් එවපු ස්පෙශල් ටීම් එක බිල්ඩින් එකේ මැනේජ්මන්ට් එක අතට ගන්න කොට එයාලා කියන කියන විදිහට වැඩ කරන්න අපිට සිද්ද උනා..

"මේ box ටික ස්කෝලෙ කෙලවරේ තියන store room එකට දාලා එන්න..."

"හරි සර්"

මන් බොක්සස් ටික අතට ගනිද්දි කම්බි කූරු වගයක් එක්ක ඔට්ටු වෙවී හිටපු ජිමිනුත් මගෙ ළගට ආවා..

"අපි යමු.."

මගෙ අතේ තිබ්බ බොක්ස් ටික ජිමින් එයාගෙ අතට අරන් ඉස්සර වෙද්දි මන් එයාගෙ පිටිපස්සෙන් ඇවිද්දා..

"පාක් ජිමින්...."

ස්පෙශල් ටීම් එකේ සර් කෙනෙක් ජිමින්ට කතා කරද්දි අපි දෙන්නම එතනම න්තර උනා..

"දේ සජන්ග්නිම්..."

"ඔය වැඩේ මන් පැවරුවෙ තමුන්ටද ටේහෝටද..."

"සජන්ග්නිම්... මම.."

"අනුන්ගෙ වැඩ කරන්න කලින් තමන්ගෙ වැඩේ ඉවර කරලා ඉන්නවා..අපි මෙතන දෙන්නෙක්ට පඩි ගෙවන්නෙ එක්කෙනෙක්ගෙන් වැඩ ගන්න නෙමෙයිනෙ..."

"ඒත් සජන්ග්නිම් ටේහෝ ස්ටෝ රූම් එක තියන තැන දන්නෙ නෑනේ..."

"එහෙම ද.. එහෙනං තමුන් ඕක කරනකන් ටේහෝ ගිහින් අර කම්බි ටික කපනවා..."

"අන්ද්වේ!!!"

"වේ අන්ද්වේ..."

"ඒක.. ඒක මන් කරන්නම්.."

"එහෙනං ගිහින් තමුන්ගෙ වැඩේ කරනවා අනිත් එවුන්ගෙ වැඩ වලට බාධා නොකර..."

"දේ..."

ජිමින් අත මිට මොලවගෙන සජන්ග්නිම්ට bow කරලා ආපහු box ටික මගෙ අතට දුන්නා..

"මියානේ චූටියා.."

ජිමිනි මුමුනද්දි මන් එයාගෙ අත් පිරිමැදගෙනම box ටික මගෙ අතට ගත්තෙ ඇස් වලින් කමක් නෑ  කියන ගමන්.. ඒ අත් රතු වෙලා.. අච්චර මහත ඝනකම් කම්බි එක්ක ඔට්ටු වෙද්දි ඒ අත් රතු නොවී තියෙයිද..

"මොනවද තව බලන් ඉන්නෙ.. ගිහින් වැඩ කරනවලා.."

සජන්ග්නිම්ගෙ කටහඬට අපි දෙන්නා ගැස්සිලා යද්දි ජිමිනි ආපහු එයා කර කර හිටපු වැඩේ කරන්න ගත්තා..

Without meWhere stories live. Discover now