Broken 17

202 36 23
                                    

"දැන් ඔය ඇඩුවා ඇති දරුවනේ...කෝ මෙහෙට එන්න...."

අපි දෙන්නම දුවලා ගිහිල්ලා මින් අංකල්ව බදා ගත්තා...ඒත් අංකල් කොහොමද මේ ගැන දන්නෙ....කුකීව අනාත නිවාසෙකට දාන්න යනවා කියලා අංකල් දැනගත්තේ කොහොමද.....

"එහෙනං අපි අලුත් ගෙදරට යමුද ළමයිනේ....."

මෝ.....අලුත් ගෙදරට...බෑ.....අපි කොහොමද අලුත් ගෙදරකට යන්නේ...මේ තමයි අපේ ගෙදර....මගෙ මුළු ලෝකෙම වෙච්ච තැන....මගෙ කුකීත් එක්ක මන් ජීවත් වෙච්ච තැන...ඔම්මයි අප්පයි එක්ක සතුටින් හිටපු තැන....මන් කොහොමද ඒ මතකයන් අමතක කරන්නෙ.....

"මින් අංකල්...අපිට බැයිද මෙහෙට වෙලා ඉන්න.....මන් කියන්නෙ..."

"ඒත් දරුවො ඔයාලා කොහොමද මෙහෙට වෙලා ඉන්නෙ......මන් කියන්නෙ අපි මගේ ගෙදර....නෑ දැන් ඒක අපේ ගෙදරනේ...අපි එහෙට යමු...මින් ආන්ටි ඔයාලා එනකන් මගබලාගෙන ඇත්තේ...."

හ්ම්ම්....එයා කියන දේ හරි...ආන්ටි අපි එනකන් බලන් ඇත්තේ....ඒත් මේ අපේ ගෙදරනේ....කමක් නෑ...අපි ආපහු එනවනේ...මන් එහෙම්ම ගියේ පුටුවක වාඩිවෙලා හිටපු කුකී ගාවට....කුකී ගාවින් බිම දනගහගත්ත මන් ඒ අත් දෙක මගෙ අත් දෙක අතරට අරගෙන ඒ මූන දිහා බැලුවා...ඒ ඇස් සතුටින් දිලිසෙනවා....අනේ මගෙ හා පැටියා....

"කුකී බබා.... අපි අද මින් අංකල් එක්ක යමුද ... නූනාගෙ හොද බබානෙ...ආ.....යමුද....පව්නේ...ආන්ටි බලන් ඉන්නවලු අපි එනකන්...."

"අපි යන්නම ඕනෙද නූනා...මේක අපේ ගෙදරනේ "

මගෙ මූන දිහා බලන් බෝල ඇස්වලට කදුළු පුරවන් මේ කොල්ලා අහද්දි මොනා කියන්නද කියලා මට තේරෙන්නෙ නෑ....මේක අපේ ගෙදර....ඔම්මා අප්පත් එක්ක සතුටින් හිටපු අපේ ගෙදර...ඒ හැම මතකයක්ම පිරිච්ච දුක සතුට එකට දරාගත්ත තැන...මන් දන්නවා මගේ කුකීට මෙහෙ දාලා යන්න ඕනෙ නැතුව ඇති...

"මේ අහන්නකො මගෙ කුකී පැටියෝ...මේ අපේ ගෙදර තමයි..ඒත් ගෙදරක් කියන්නෙ හැමෝම එකට සතුටින් ඉන්න තැන....දුක බෙදාගන්න තැන...කවුරු කොහෙ ගියත් ඒ හැමෝටම අන්තිමට මතක් වෙන්නෙ ගෙදර...කුකී දන්නවද මේ ලොකුවට තියන තැනටම නෙමෙයි අපි ගෙදර කියන්නෙ...ගෙදර කියන්නෙ තැනකටම නෙමෙයි....මේ නූනා සතුටු උනේ එයාගෙ කුකී ගාවදී..දුක බෙදාගත්තෙ කුකිත් එක්ක...කොහෙ ගියත් අන්තිමට දකින්න ඕනෙ ඒ හුරතල් මූන...ඉතින් නූනට ගෙදර කියන්නෙ එයාගෙ චූටිම චූටි කුකී ඉන්න තැන..මගෙ කුකී නූනා ළග ඉන්න ඕනම තැනක් මේ නූනට ගෙදර තමයි පන....ඒ හින්දා අපි මින් අංකල්ගෙ හිත රිද්දන්නෙ නැතුව එයත් එක්ක යමු හොදද...නූනගෙ හොද කුකී පැටියනේ ම්ම්ම්ම්......"

Without meOpowieści tętniące życiem. Odkryj je teraz