"නූනා...."
"කු...ක්කී....."
මන් ආයි ඇස් දෙක වහගත්තෙ නිදා ගන්න...කුකීටත් නිදාන්න කිව්වනං හරි තාම පාන්දර නේ....මො.....කක්
කු.....කී...මාව එක පාට්ට ඊගහා වගේ කෙළින් උනේ...මේ...මේ...මගෙ කු..ක්කී...මගේ හා පැටියා....අනේ දෙයියනේ...
ඒ...ඒ මගෙ කුකී තමයි මගෙ පන මගෙ කුකී...එයා හිටියෙ ඇද විට්ටමට හේත්තු වෙලා මන් දිහා අමාරුවෙන් බලන් උනත් ලස්සනට හිනා වෙන ගමන්...හේයොන්..කූල් ඩව්න්...කලබල වෙන්න එපා...මේකත් හීනයක්ද දන්නෙ නෑනේ ..මොකද කුකී නැගිටින එක මන් දහස් වතාවකට වැඩිය හීනෙන් දැකලා තියනවා...වගේම ඒ හැමදෙයක්ම හීනයක් කියලා දැන් ගත්තම කදුළු හිදෙනකන් අඩලා තියනවා...ඒත් ඒත්...මේ හීනයක්ද..නෑ කුකී මන් දිහා බලන් ඉන්නවා...මට එයාව දැනෙනවා..මන් මාවම කොනිත්ත ගත්තා...මට රිදෙනවා...ඒ...ඒ..කියන්නෙ මේක හීනයක් නෙමෙයිද..එතකොට...
මගේ අවසරේකින් තොරවම ඇස් දෙකෙන් කදුළු කඩන් වැටෙද්දි මන් පිස්සුවෙන් වගේ ගිහින් කුකීව බදාගත්තා...මගෙ හුස්ම ටික...මන් පිස්සෙක් වගේ ඇඩුවා...මීට කලින් කවදවත් මන් කුකී ඉස්සරහා අඩලා නෑ...ඒත් දැන් මට අතීතෙන් වැඩක් නෑ...මන් ඔහේ කුකීව බදාගෙන අඩනවා..දැන් ඩොක්ටට කතා කරන්න ඕනෙ කියලවත් මට සිහියක් නෑ...පැයක් විතර කුකීව බදාගෙන අඩ අඩ ඉද්දි ඩෝර් එක ඇරගෙන නර්ස් කෙනෙක් ඇතුළට එනවත් එක්කම ආයි හැරිලා ගියේ ඩොක්ටර් කෙනෙක්ව එක්කන් එන්න වෙන්න ඇති...එතකොටම් වගේ ඩොක්ටර් කෙනෙක් කලබලෙන් රූම් එකට ආපු ඩොක්ටර් මන් ඉද්දිම කුකීව චෙක් කරලා මූනෙ හිනාවක් තියාගෙනම මගෙ දිහාට හැරුණෙ ඔයාගෙ මල්ලිට දැන් කිසිම ප්‍රශ්නයක් නෑ කියන්න වගේ..
"ඔයාගෙ මල්ලි දැන් ගොඩක් දුරට හොද වෙලා ඉන්නෙ හේයොන්ශි....අවුරුද්දක්ම කෝමා සිටුවේශන් එකක හිටිය නිසා පොඩ්ඩක් හිරි වැටිල වගේ තේරෙයි බය වෙන්න දෙයක් නෑ හෙට මෙයාව ඩිස්චාර්ජ් කරන්න පුළුවන්"
මන් ඩොක්ටර් දිහා බලන් හිටියෙ කදුළු අතරින්මයි....මට කියාගන්න දෙයක් නෑ....ගොඩක් පින් ඩොක්ටර් මන් වගේ අනාතයෙක්ට මෙච්චර ලොකු සතුටක් දුන්නට ..ඒත් මන් තව දුරටත් අනාතයෙක් නෙමෙයි....ඩොක්ටර් එළියට ගිය ගමන් මන් ආපහු පාරක් කුකීව බදා ගත්තා....
"ඔයා නූනව ගොඩක් බය කළා කුකී...ගොඩාරියක්...."
මන් මිමිනුවා....එයා මන් දිහා බලලා හිනා වෙලා මාව තද කරලා බදා ගත්තා...කොච්චර ලොකු සතුටක් තිබ්බත් හිතේ කොණක මට මන් ගැන බයක් තිබ්බා....ගෙදරක් කියලා එකක් තිබුනත් මන් මේ අවුරුද්දම නිදා ගත්තෙ හොස්පිට්ල් එකේ....මන් බය උනා ගෙදර යන්න...ඒ මිනිහා ඉස්සරහට යන්න....ඒත් දැන් මගේ කුකීව මට හොස්පිට්ල් බෙඩ් එහෙක තියන්න බෑ...ඔයා වෙනුවෙන් නූනා කාටවත් බය වෙන්නෙ නෑ කුකී....
ඒත් කුකී ඊළගට අහපු ප්‍රශ්නෙට මගෙ හුස්ම හිර උනා...මන් නිරුත්තරයි
"නූනා....ඇයි ඔයා තනියම...කෝ ඔම්මයි අප්පයි ආවෙ නැද්ද චූටි කුකී බලන්න"
අවුරුද්දකට පස්සෙ ඒ බනී ස්මයිල් එකත් දාගෙන ඇසුත් චූටි කරගෙන මගෙන් අහපු දේට මන් නිරුත්තරයි...මන් මොනාද ඒ චූටි හිතට කියන්නෙ...ඔම්මයි අප්පයි චූටි කුකීවයි මාවයි දාලා අල්ලගන්න බැරි තරන් දුර ගිහින් කියන්නද...මට බෑ දෙයියනේ...ඒ චූටි මූන දිහා බලාගෙන මන් කොහොමද එහෙම කියන්නෙ.....
"ඔම්මයි අප්පටයි දැන් එන්න බෑනේ මැණික...අපි කුකී සනීප උන ගමන් ගිහින් ඔම්මවයි අප්පවයි බලමු හරිද..."
"ආහ්....ඔම්මයි අප්පයි කුකීව සප්‍රයිස් කරන්නද ඉන්නෙ..ඔම්මා දන්නවනේ කුකී සප්‍රයිස් වලට ආසයි කියලා"
ඒ බෝල ඇස් ලොකු කරගෙන හිනා වෙවී මන් දිහා බලන් කියද්දි මගෙ හුස්ම හිර වෙනවා වගේ මට දැනුනා...මට සමාවෙන්න කුකී... ඒ සප්‍රයිස් එක ගොඩක් නරකයි මැණික....නූනට සමාව දෙන්න කුකී.....කදුළු කියන්නෙ මීට අවුරුද්දකට කලින් මගේ ජීවිතේ මන් අදුරන්නෙ නැති දෙයක්...ඒත් දැන් කදුළු තමයි දැන් මේ ලෝකෙ මන් හොදටම අදුනන දේ....කවදාවත් අඩපු නැති මන් දැන් අඩන්නෙ නැති දවසක් නැති තරම්....අඩ අඩම මන් කුකීව මගේ පපුවට තුරුලු කරගත්තා....
"ආයි කවදාවත් නූනගෙන් ඈතට යන්න හිතන්නවත් එපා කුකී...මන් ඔයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ"
.
.
.
~By crazyarmygirls~
________________________________
pls vote and comment
To be continued~
![](https://img.wattpad.com/cover/288930250-288-k935475.jpg)
YOU ARE READING
Without me
Fanfictionලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණීය සොයුරියක්.. තමන් වෙනුවෙන් කැප වුණු සොයුරියට පනටත් වඩා ප්‍රේම කරන සොයුරෙක්.. බාධක මැදින් හුස්ම අල්ලන ජීවිතත් එක්ක අභියෝග වලින් පිරුණු කතාවක...