Broken 12

193 39 21
                                    

ඒ ඇදේ අපි දෙන්නෙක්ට ඉඩ මදි උනත් කුකී ආදරෙන් කියද්දි මට ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි උනා...හිමීට රෙද්ද ඇතුළට ගුලි වෙච්ච මම අත් දෙක කුකීගෙ ඉන වටේ දාලා තද කරලා බදා ගත්තා....කුකීත් එයාගෙ යෝධ කකුල් දෙකම මගෙ ඇග උඩින් දාලා මාව ඒ ඇගට හිර කරගත්තා....හ්ම්ම්...මෙතන දැනෙන සැනසීම වචන වලින් විස්තර කරන්න බෑ...

ටික වෙලාවක් ඒ විදිහට ඉදලා කුකීට නින්ද ගියා කියලා කන්ෆර්ම් කරගත්තට පස්සෙ හිමීට ඒ කකුල් දෙක මගෙ ඇග උඩින් අයින් කරලා මන් හිමීට ඇදෙන් බැස්සා..කුකීට හොදට රෙද්දත් පෙරෝපු මම එතනින් අයින් වෙලා කෙලින්ම ගියේ ටෙලිෆෝන් එක ලගට...එහෙම කාටවත් මගෙ කුකීව ගෙනියන්න දෙන්න බෑ...ඉතින් මට මුකුත් නොකර ඔහේ බලන් ඉන්න බෑ...මන් ඔම්මගෙ පරණ නම්බර්ස් ලියලා තිබ්බ ඩයිරි එක අතට අරගෙන මගෙ නෑදෑයො කියලා ඉන්න අයට කතා කරන්න ගත්තා ....

"යො...යොබුසේයෝ සේරා නැන්දේ...මියානෙ මේ මහ රෑ කරදර කලාට....ඔයාට පුළුවන්ද....

"හහ්...කොහොමද ඉතින් නැට්ටිච්චිට.....මගෙ අහින්සක මල්ලිත් එක්ක හොදට නටලා අන්තිමට ඌවම හිරේ දාපු එකීනෙ ඔය....මේ මහරෑ මගෙ කට අවුස්ස ගන්නෙ නැතුව තියපන්

බැ#&$ පෝන් එක...."

Beep beep

මගෙ කම්මුල් දිගේ කදුළු බින්දු ගලාගෙන යනවා....

නැට්ටිච්චියෙක්.....මන්...මන්...එහෙම කෙනෙක් නෙමෙයි....

"ඊව්....තෝ මොකටද මට කෝල් කරන්නෙ....කාළකණ්ණි කෙල්ල....ඔහොම්ම පළයන්කො මඩමකට තොගෙ අප්පගෙ වයසෙ මිනිස්සුත් එක්ක නටන්නෙ නැතුව...තොගෙ අප්පා හිටියනං වහබීලා මැරෙන්නෙ තෝ මේ නටන නැටුම් වලට....මහ රෑ ආවා මෙතන පව් දෙන්න..."

"ආයිශ් බැ$&#ලි....පාඩුවේ නිදාගන්න දීලා පල යන දේවාලෙක...තෝවගේ හැපින්නකගෙයි නයි පැටියෙකුගෙයි භාරකාරයා වෙනවට වඩා හොදයි ගලක් බැදන් මූදෙ පයින එක...තොට ඔච්චරටම අසහනේ නං පලයන් මඩමකට තොගෙ මාමාව හිරේ දාගත්ත වේ$& බැල්ලී...."

"මොකද කුමාරිහාමි මේ මාමලාව මතක් වෙලා....කලින් හිටපු මාමා වගේ මාවත් හිරේ දාන්නද....තොගෙ භාරකාරයා වෙලා ඌ දැන් පව් ගෙවනවා....තෝ කියන්නෙ මටත් ඒ පව ගෙවන්න කියලද මුඩුක්කු බැ$%ලි...තියපන් ෆෝන් එක මගෙන් මැරුන් නොකා"

Without meWo Geschichten leben. Entdecke jetzt